Skip to content

කාමුක දර්ශන බලන්න ඇබ්බැහි වෙලා නම් මොකද කරන්නේ?

කාමුක දර්ශන බලන්න ඇබ්බැහි වෙලා නම් මොකද කරන්නේ?

ඔයාට කරන්න පුළුවන් දේ

 කාමුක දර්ශන බලන එකෙන් වෙන්නේ මොනවාද කියලා මතක තියාගන්න. විවාහක යුවළකට ලිංගිකව හැසිරෙන්න දෙවි ඉඩ දීලා තියෙනවා. දෙවි ඒක සලකන්නේ ගෞරවනීය දෙයක් විදිහට. ඒත් කාමුක දර්ශන බලන අයට ඒ දේ ගැන ඇති වෙන්නේ විකෘති අදහස්. කාමුක දර්ශන බැලීමේ අනතුර හොඳින් වටහාගත්තොත් “නපුරට ද්වේෂ කරන්න” ඔයාට පුළුවන් වෙනවා.—ගීතාවලිය 97:10.

 වෙන්න පුළුවන් හානිය ගැන හිතන්න. ඒවාවල ඉන්න අය ගැන ඇති වෙන්නෙත් හරිම පහත් හැඟීමක්. ඒ විතරක් නෙවෙයි ඒවා බලන අයගෙත් මනස් දූෂ්‍ය වෙනවා. ඒ නිසා බයිබලයේ කියන්නෙත්, “බුද්ධිමත් අය අවදානම දුර තියාම හඳුනාගෙන එයින් ඉවත් වෙති” කියලයි.—හිතෝපදේශ 22:3.

 අධිෂ්ඨාන කරගන්න. අතීතයේ හිටිය දෙවිගේ විශ්වාසවන්ත සේවකයෙක් වූ යෝබ් මේ වගේ අධිෂ්ඨානයක් ගත්තා. “මාගේ දෑස් සමඟ මම ගිවිසුමක් ඇති කළෙමි. එසේනම් මා වැරදි චේතනාවකින් තරුණියක දෙස බලන්නේ කෙසේද?” (යෝබ් 31:1) ඒ වගේ ඔයාත් කාමුක දර්ශන බලන්නේ නැතුව ඉන්න මේ වගේ අධිෂ්ඨානයක් ගන්න:

  •  මං තනියෙන් ඉන්න වෙලාවලදී ඉන්ටර්නෙට් එක පාවිච්චි කරන්නේ නැහැ.

  •  ඉන්ටර්නෙට් එකේ ඉද්දී කාමුක දර්ශනයක් ආවොත් මං ඒක ඉක්මනින් වහනවා.

  •  මං ආයෙත් සැරයක් කාමුක දර්ශන බැලුවොත්, හොඳට හිතලා බලලා වැඩ කරන යාළුවෙක්ට ඒ ගැන කියනවා.

කාමුක දර්ශන බලන්න බලන්න ඒක අත්හරින එක තව තවත් අමාරුයි

 යෙහෝවා දෙවිගෙන් උදව් ඉල්ලන්න. දෙවිට විශ්වාසවන්තව හිටිය ගීතිකාකරුවෙක් “කිසි වැදගැම්මකට නැති දේවල් වෙතින් මාගේ දෙනෙත් හරවාගැනීමට මට උදව් කරන්න” කියලා දෙවිට කිව්වා. (ගීතාවලිය 119:37) ඒ වගේ ඔයාත් හරි දේ කරනවා දකින්න දෙවි කැමති නිසා ඔයා දෙවිගෙන් උදව් ඉල්ලුවොත් ඒ නරක පුරුද්ද අත්හරින්න දෙවි අනිවාර්යයෙන්ම ඔයාට උදව් කරයි.—ෆිලිප්පි 4:13.

 කාට හරි කියන්න. විශ්වාසවන්ත කෙනෙක්ට ඒ ගැන කිව්වොත් ඒ නරක පුරුද්ද නතර කරන්න ඔයාට පුළුවන් වෙයි.—හිතෝපදේශ 17:17.

 මතක තියාගන්න: කාමුක දර්ශන බලන්න ඔයාට ආසාවක් ඇති වෙද්දී ඔයා ඒක පාලනය කරගන්නවා නම් ඒක ලොකු ජයග්‍රහණයක්. ඒ හැම වෙලාවකදීම දෙවිත් ඔයා ගැන සතුටු වෙනවා. ඒක කරන්න දෙවි ඔයාට උදව් කළාට දෙවිට ස්තුති කරන්න.—හිතෝපදේශ 27:11.