Skip to content

ඉවසීමෙන් බලාගෙන ඉන්න!

2023 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ තුන්දින සමුළුව

මේ අවුරුද්දේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් පවත්වන තුන්දින සමුළුවට ඔයාලාට ආරාධනා කරනවා.

ඇතුල් වීම නොමිලේ • මුදල් එකතු කරන්නේ නැහැ

වැඩසටහනේ විශේෂ අංග

සිකුරාදා: ඔයාගේ ඉලක්කවලට ළඟා වෙන්න ඉවසීම උදව් වෙන විදිහ ගැන දැනගන්න.

සෙනසුරාදා: පවුලේ අය සහ යාළුවෝ එක්ක තියෙන බැඳීම් ශක්තිමත් කරගන්න ඉවසීම උදව් වෙන විදිහ දැනගන්න.

ඉරිදා: ඔයා උදව් ඉල්ලලා කරන යාච්ඤා දෙවියන් අහනවාද? “දෙවියන් ඔයාගේ යාච්ඤාවලට උත්තර දෙයිද?” කියන බයිබල් දේශනයෙන් ඒ ගැන දැනගන්න.

මේ අවුරුද්දේ සමුළුව ගැන පහත වීඩියෝවලින් දැනගන්න

‘අපේ සමුළුවලදී වෙන්නේ මොනවාද?’

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ සමුළු ගැන දැනගන්න.

‘2023 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ තුන්දින සමුළුව: “ඉවසීමෙන් බලාගෙන ඉන්න!”’

මේ තේමාව අද කාලෙට හොඳට ගැළපෙන්නේ ඇයි?

‘නාට්‍යයේ ට්‍රේලර් එක: “ඔයාගේ ජීවිතය යෙහෝවාට භාර දෙන්න”’

එක පවුලකට පණ බේරගන්න උන්හිටි තැන් දාලා යන්න වෙනවා. එයාලා හිතුමතේට වැඩ කරයිද? නැත්නම් දෙවියන් ගැන විශ්වාසය තියයිද?