Skip to content

යොවුන් සිතේ ගැටලු

නිර්මාණය කළාද? පරිණාමය වුණාද? - 2වෙනි කොටස: පරිණාමය ඇත්තක්ද කියලා හොයලා බලන්න ඕනද?

නිර්මාණය කළාද? පරිණාමය වුණාද? - 2වෙනි කොටස: පරිණාමය ඇත්තක්ද කියලා හොයලා බලන්න ඕනද?

පොඩි කාලේ ඉඳන් දෙවියන්ව විශ්වාස කරපු ඇලෙක්ස් හැම දෙයක්ම නිර්මාණය කළේ දෙවියන් කියලා විශ්වාස කළා. ඒත් එයාගේ ජීව විද්‍යා ගුරුවරයා පරිණාමය ඔප්පු කරන ලද සත්‍යයක් කියලා තදින්ම කාවද්දන්න උත්සාහ කළා. තමන්ට තියෙන්නේ මෝඩ අදහස් කියලා අනිත් අය හිතනවාට ඇලෙක්ස් කැමති වුණේ නැහැ. ඒ විතරක් නෙමෙයි ‘පරිණාමය ඇත්තක් කියලා ඔප්පු කරලා තියෙනවා නම් මම කවුද ඒක ප්‍රශ්න කරන්න’ කියලත් එයා හිතුවා.

 ඒ වගේ තත්වයකට ඔයා මුහුණ දීලා තියෙනවාද? මේ වෙනකම්ම ඔයා විශ්වාස කරන්න ඇත්තේ “පටන්ගැන්මේදී දෙවි අහසත් පොළොවත් නිර්මාණය කළේය” කියලා බයිබලයේ කියන අදහසයි. (උත්පත්ති 1:1) ඒත් හැම දෙයක්ම කවුරු හරි නිර්මාණය කළා කියන එක බොරුවක් කියලත් පරිණාමය ඇත්තක් කියලත් ඔයාට ඒත්තුගන්වන්න සමහරු උත්සාහ කරනවා ඇති. ඔයා ඒ අය කියන දේ පිළිගන්න ඕනද? පරිණාමය ඇත්තක්ද කියලා හොයලා බලන්න ඕනද?

 පරිණාමය ඇත්තක්ද කියන එක හොයලා බලන්න හේතු 2ක්

  1.   විද්‍යාඥයන් වෙනස් මත දරනවා. දශක ගණනාවක් තිස්සේ විද්‍යාඥයන් පර්යේෂණ කළත් ජීවීන් පරිණාමය වුණේ කොහොමද කියන එක ගැන ඔවුන්ට එක නිගමනයකට එන්න බැරි වෙලා තියෙනවා.

     හිතන්න දෙයක්: ඒ විෂය ගැන දැනඋගතුන් කියලා කියන විද්‍යාඥයන්ට පවා ඒ ගැන එක මතයකට එන්න බැරි නම් ඔයා ඒ ගැන ප්‍රශ්න කරන එකේ වැරැද්දක් තියෙනවාද?—ගීතාවලිය 10:4.

  2.   හරි උත්තරේ දැනගන්න එක වැදගත්. “ජීවය හටගත්තේ අහම්බෙන් නම් අපේ ජීවිතවලට කිසි අරමුණක් නැහැ. මුළු විශ්වයේම තියෙන හැම දේකින්ම වැඩක් නැහැ” කියලා සැකරි කියන පිරිමි ළමයා කියනවා. සැකරි කියපු එකෙත් ඇත්තක් තියෙනවා. (1 කොරින්ති 15:32) හැබැයි නිර්මාණය කළා කියන එක ඇත්තක් නම් ජීවිතේට අරමුණක් තියෙනවාද කියන එක ගැනත් අපිට අනාගතය ගැන බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්ද කියන එක ගැනත් සෑහීමට පත් වෙන්න පුළුවන් උත්තර හොයාගන්න පුළුවන්.—යෙරෙමියා 29:11.

     හිතන්න දෙයක්: පරිණාමය හා නිර්මාණය ගැන සත්‍යය දැනගන්න එක ඔයාට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද?—හෙබ්‍රෙව් 11:1.

 හිතලා බලන්න ප්‍රශ්න

 සමහරු කියන්නේ මෙහෙමයි. ‘විශ්වයේ හැම දෙයක්ම මහා පිපුරුමකින් ඉබේ හටගත්තා.’

  •   මහා පිපුරුම ඇති වෙන්න හේතුව මොකක්ද? නැත්නම් ඇති කළේ කවුද?

  •   වඩා තර්කානුකූල වෙන්නේ මොකක්ද? - හිස් දෙයකින් හැම දෙයක්ම ඇති වුණා කියන එකද නැත්නම් යම් දෙයක් මගින් ඇති වුණා හෝ කෙනෙක් විසින් ඇති කළා කියන එකද?

 සමහරු කියන්නේ මෙහෙමයි. ‘මිනිසුන් පරිණාමය වුණේ සතුන්ගෙන්.’

  •   මිනිසුන් වානරයාගෙන් පරිණාමය වුණා නම් මිනිසුන්ගේ බුද්ධි මට්ටමයි වානරයන්ගේ බුද්ධි මට්ටමයි අතර එච්චර ලොකු පරතරයක් තියෙන්නේ ඇයි? a

  •   “සරලම” කියලා කියන සෛලයක් වුණත් ගොඩක් සංකීර්ණ ඇයි? b

 සමහරු කියන්නේ මෙහෙමයි. ‘පරිණාමය ඔප්පු කරලයි තියෙන්නේ.’

  •   එහෙම කියන අයම සාක්ෂි හොයලා බලලාද කියන්නේ?

  •   බුද්ධිමත් අය පිළිගන්නේ පරිණාමය කියලා එයාලට කියලා තියෙන නිසා කීදෙනෙක් පරිණාමය පිළිගන්න පෙලඹිලා තියෙනවාද?

a සමහර අය කියන්නේ මිනිසුන් බුද්ධියෙන් වැඩි වෙන්න හේතුව ඔවුන්ගේ මොළයේ ප්‍රමාණය වානරයන්ගේ මොළයේ ප්‍රමාණයට වඩා විශාල නිසා කියලයි. ඒත් මේ තර්කය පිළිගන්න බැරි හේතුව දැනගන්න ‘ජීවයේ ආරම්භය - වැදගත් ප්‍රශ්න පහකට පිළිතුරු’ කියන සඟරාවේ 28වෙනි පිටුව බලන්න.