ගීතාවලිය 10:1-18

ל [ලාමෙද්] 10  යෙහෝවා දෙවියනි, ඔබ මාගෙන් ඈත්ව සිටින්නේ මන්ද?+මාගේ දුකේදී මාගේ පිහිටට ඔබ නොඑන්නේ මන්ද?+   දුෂ්ටයා උඩඟු ලෙස පීඩිත තැනැත්තාට පහර දීමට ඔහු පසුපස ලුහුබැඳ යන්නේය.+පීඩාවලින් හෙම්බත් වී සිටින ඔහු දුෂ්ටයාගේ උපායන්වලට හසු වන්නේය.+   දුෂ්ටයා තමාගේ තෘෂ්ණාවන් ගැන ආඩම්බරෙන් කතා කරන්නේය.+වංක ලෙස ලාභ ලබන්නා+ තමාට වාසි වන අයුරින් දේවල් සකසාගන්නේය.נ [නුන්]ඔහු යෙහෝවා දෙවිට අගෞරව කරන්නේය.+   දුෂ්ටයාගේ උඩඟුකම නිසා ඔහු දෙවිට ළං වීමට උත්සාහ නොකරන්නේය.+“දෙවි කෙනෙක් නැහැ” කියා ඔහු සැමවිටම සිතන්නේය.+   ඔහු සැමදා යස ඉසුරෙන් වැජඹෙන්නේය.+නමුත් දෙවිගේ උසස් විනිශ්චයන් ඔහුට කිසිසේත් තේරුම්ගැනීමට නොහැකි වන්නේය.+යමෙක් ඔහුට විරුද්ධව නැඟී සිටියත් ඔහු එය ගණනකටවත් නොගන්නේය.+   “මම නම් කවදාවත් වැටෙන්නේ නැහැ.+පරම්පරා ගාණක් ගත වුණත් මට කිසිම හානියක් සිදු වෙන්නේ නැහැ” කියා ඔහු සිතන්නේය.+ פ [පේ]   ඔහුගේ මුඛයෙන් නිතරම පිට වන්නේ ශාපයෙන්, වංචාවෙන් හා හිංසාවෙන් පිරුණු වදන්ය.+ඔහුගේ දිවග ඇත්තේ හානිකර හා රිදුම් දෙන වදන්ය.+   ඔහු ගොදුරක් ලැබෙන තෙක් මිනිසුන් ගැවසෙන තැන්වල රැක සිටින්නේය.ඔහු සැඟවී සිට අහිංසකයෙකුව මරා දමන්නේය.+ ע [ආයින්]අසරණයෙකුව අල්ලාගැනීමට ඔහු මාන බලන්නේය.+   සිංහයෙකු රැක සිටින්නාක් මෙන් ඔහු නොපෙනෙන තැනක සැඟවී බලා සිටින්නේය.+සරණ වූ කෙනෙකුව ඔහුගේ දැලෙහි දමාගෙන,+ඇදගෙන යෑමේ අටියෙන් ඔහු රැක සිටින්නේය.+ 10  අසරණයා මුළුමනින්ම තැළී පොඩි වී යන්නේය. ඔහු ශෝකයෙන් ඇද වැටෙන්නේය.පීඩිත වූ සියල්ලෝ දුෂ්ටයාගේ දැඩි ග්‍රහණයට හසු වන්නෝය.+ 11  “සිදු වී තිබෙන මේ දේවල් දෙවිට අමතක වෙලා!+ඔහු ඉන්නේ අහක බලාගෙන!+ඔහුට මේ දේවල් පේන්නේ නැහැ”+ කියා දුෂ්ටයා සිතන්නේය.+ ק [කෝෆ්] 12  යෙහෝවා දෙවියනි, නැඟී සිටින්න.+ ඔබගේ මහත් බලය පෙන්වන්න.+දෙවියනි, අසරණයන්ව අමතක නොකරන්න.+ 13  දුෂ්ටයා දෙවිට අගෞරව කරන්නේ මොන හේතුවක් නිසාද?+“මම කිසිවෙකුට ගණන් දීමට අවශ්‍ය නැහැ” කියා ඔහු සිතන නිසාය.+ ר [රේෂ්] 14  ඔබ දුක් කරදර සියල්ල දැක ඇත.ඒවාට සහනයක් ගෙන දීමට ඔබ බලා සිටින්නෙහිය.+අසරණ තැනැත්තාද+ පියා නැති දරුවාද ඔබේ පිහිට පතන්නෝය.ඔවුන්ට උපකාර කරන්නේ ඔබයි.+ ש [ෂින්] 15  දුෂ්ට හා නපුරු තැනැත්තා සතු බලය බිඳ දමන්න.+ඔහුගේ සියලු දුෂ්ටකම්වලට ඔබ ඔහුට දඬුවම් කරන්න.+ 16  යෙහෝවා දෙවි සදාකාලයෙන් සදාකාලයටම රජුය.+වෙනත් ජාතීහු ඔහුගේ දේශයෙන් තුරන් වී ඇත.+ ת [ටාව්] 17  යෙහෝවා දෙවියනි, ඔබ නිහතමානී අයගේ කන්නලව්වට සවන් දෙන්නෙහිය.+ඔබ ඔවුන්ගේ සිත් යහමඟට ගෙනෙන්නෙහිය.+ඔබ ඔවුන් දෙස බලා ඔවුන්ට කන් දෙන්නෙහිය.+ 18  පියා නැති දරුවා හා පීඩිත වූ තැනැත්තා වෙනුවෙන් යුක්තිය ඉටු කිරීම සඳහා ඔබ ඔවුන් වෙතට අවධානය යොමු කරන්නෙහිය.+එවිට මිහිපිට සිටින කිසිවෙක් බියෙන් නොසිටිනු ඇත.+

පාදසටහන්