‘මුරටැඹ’ සහ ‘පිබිදෙව්!’ සඟරා
බයිබලය මත පදනම් අපේ සඟරා භාෂා සිය ගාණකින් තියෙනවා. ඒකට සංඥා භාෂාවත් ඇතුළත්. දෙවියන්ගේ රාජ්‍යය ගැන ශුභාරංචිය මිනිස්සුන්ට දැනුම් දෙන්න වගේම යේසුස් ගැන විශ්වාසයක් ඇති කරගන්නත් ‘මුරටැඹ’ සඟරාව උදව් කරනවා. අද තියෙන ප්‍රශ්නවලට සාර්ථකව මූණ දෙන්න පුළුවන් විදිහ ‘පිබිදෙව්!’ සඟරාවෙන් පෙන්නලා දෙනවා. ඒ වගේම සාමකාමී, සුරක්ෂිත ලෝකයක් ගැන දෙවියන් දීලා තියෙන පොරොන්දුව ගැන විශ්වාසයකුත් ඒකෙන් ඇති කරනවා.

