Skip to content

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ රැස්වීම්

අපේ රැස්වීම් ගැන තොරතුරු දැනගන්න. අපි රැස්වීම් පවත්වන ස්ථාන දැනගන්න.

ඔබට ආසන්න ස්ථානයක් සොයාගන්න (opens new window)

අපි රැස්වීම් පවත්වන්නේ කොහොමද?

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සතියකට දෙපාරක් රැස්වීම් පවත්වනවා. (හෙබ්‍රෙව් 10:24, 25) ඒ රැස්වීම්වලදී අපි ශුද්ධ බයිබලයේ තියෙන තොරතුරු අධ්‍යයනය කරලා ඒකේ මඟ පෙන්වීම්වලට අනුව ජීවත් වෙන්න පුළුවන් විදිහ ගැන සාකච්ඡා කරනවා.

අපේ රැස්වීම්වලට එන අයටත් සාකච්ඡාවලට හවුල් වෙන්න පුළුවන්. හැබැයි ඒකට කවුරුත් ඔයාට බල කරන්නේ නැහැ. රැස්වීම් පටන්ගනිද්දීත් අවසන් කරද්දීත් ගීතිකාවක් ගායනා කරලා යාච්ඤාවක් කරනවා.

රැස්වීම්වලට ඕනෑම කෙනෙකුට එන්න පුළුවන්. ඒ නිසා අපි හැමදෙනාටම ආරාධනා කරනවා. මුදල් අය කරන්නේ නැහැ.