ගීතාවලිය 97:1-12

97  යෙහෝවා දෙවි රජ වී ඇත.+ පොළොව ප්‍රීති වේවා!+දූපත් සියල්ල සතුටු වේවා!+   ඔහු වටා වලාකුළුද ඝන අන්ධකාරයද ඇත.+ධර්මිෂ්ඨකම හා යුක්තිය මත ඔහුගේ සිංහාසනය පිහිටුවා ඇත.+   ඔහු ඉදිරියෙන් ගින්නක් නික්මුණේය.+එයින් ඔහුගේ සතුරෝ සියල්ලෝම දැවී යන්නෝය.+   ඔහුගෙන් නික්මෙන විදුලි කෙටීම් නිසා දේශය ආලෝකවත් වුණේය.+පොළොව එය දැක මහත් වේදනාවට පත් වුණේය.+   මුළු පොළොවටම ස්වාමීන් වන යෙහෝවා දෙවි ඉදිරියේ+කඳු, ඉටි මෙන් දිය වී ගියේය.+   අහස ඔහුගේ ධර්මිෂ්ඨකම ගැන කතා කළේය.+සියලු ජනයා ඔහුගේ තේජස දුටුවෝය.+   රූපවලට නමස්කාර කරමින්කිසිවක් කළ නොහැකි දෙවිවරුන්+ ගැන පුරසාරම් දොඩන සියල්ලෝ ලැජ්ජාවට පත් වෙත්වා!+සියලු දෙවිවරුනි, ඔහු ඉදිරියේ වැඳ වැටෙන්න.+   යෙහෝවා දෙවියනි, ඔබ දුන් තීන්දු අසා+සියොන් ප්‍රීති වුණේය.+යූදා අවට පිහිටි කුඩා නගරද සතුටු වුණේය.+   යෙහෝවා දෙවියනි, ඔබ මුළු පොළොවටම මහෝත්තම දෙවිය.+අන් සියලු දෙවිවරුන්ට වඩා ඔබ ඉතා ඉහළින් සිටින්නෙහිය.+ 10  යෙහෝවා දෙවිට ප්‍රේම කරන්නෙනි,+ නපුරට ද්වේෂ කරන්න.+ඔහුට විශ්වාසවන්තව සිටින අයව ඔහු ආරක්ෂා කරන්නේය.+දුෂ්ටයන්ගේ අතින් ඔහු ඔවුන්ව ගලවාගන්නේය.+ 11  ධර්මිෂ්ඨයා වෙනුවෙන් ආලෝකය දසත පැතිර ඇත.+ප්‍රතිපත්තිගරුක අයද ප්‍රීතිමත් වන්නෝය.+ 12  ධර්මිෂ්ඨ තැනැත්තෙනි, යෙහෝවා දෙවි නිසා ප්‍රීති වන්න.+සදා නොමැකෙන ඔහුගේ ශුද්ධ නාමයට ස්තුති ප්‍රශංසා දෙන්න.+

පාදසටහන්