මතෙව් 5:1-48

5  ඒ විශාල සමූහය දුටු ඔහු කන්දට නැඟ එක්තරා ස්ථානයක ඉඳගත්තේය. ඉන්පසු ඔහුගේ ගෝලයෝද ඔහු අසලට පැමිණියෝය.  එවිට ඔහු ඔවුන් සියල්ලන්ට මෙසේ උගන්වන්න පටන්ගත්තේය.  “නිරතුරුවම දෙවිගේ මඟ පෙන්වීම් ලබාගන්න මහත් ආශාවකින් සිටින අය+ සන්තෝෂවත්. මන්ද ස්වර්ග රාජ්‍යය හිමි වන්නේ ඔවුන්ටයි.+  “වැලපෙමින් සිටින අය සන්තෝෂවත්. මන්ද ඔවුන්ව සනසනු ලබයි.+  “මෘදු ගුණැති අය+ සන්තෝෂවත්. මන්ද ඔවුන්ට පොළොව උරුම වෙයි.+  “දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට මහත් ඇල්මක් දක්වන*+ අය සන්තෝෂවත්. මන්ද ඔවුන් තෘප්තියට පත් වෙයි.+  “දයාවන්ත අය+ සන්තෝෂවත්. මන්ද ඔවුන්ට දයාව පෙන්වනු ලබයි.  “නිර්මල සිත් ඇති අය+ සන්තෝෂවත්. මන්ද දෙවිව දකින්න+ ඔවුන්ට හැකි වෙයි.  “සාමය ඇති කිරීමට වෙහෙසෙන අය+ සන්තෝෂවත්. මන්ද ඔවුන්ව ‘දෙවිගේ පුත්‍රයන්’+ ලෙස හඳුන්වනු ලබයි. 10  “දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිති රැකීම නිසා පීඩා විඳින අය+ සන්තෝෂවත්. මන්ද ස්වර්ග රාජ්‍යය හිමි වන්නේ ඔවුන්ටයි. 11  “මා නිසා මිනිසුන් ඔබට නින්දා+ පීඩා+ කළත් ඔබට විරුද්ධව බොරු චෝදනා නැඟුවත් සියලු ආකාර දුෂ්ට දේ පැවසුවත් ඔබ සන්තෝෂවත් බව මතක තබාගන්න. 12  ස්වර්ගයෙහි ඔබට මහත් ත්‍යාගයක්+ තිබෙයි. ඒ නිසා ප්‍රීති වන්න, ප්‍රීතියෙන් ඉපිල යන්න.+ ඔබට කලින් සිටි අනාගතවක්තෘවරුන්ටත් ඔවුන් එලෙසම පීඩා කළ බව+ මතක තබාගන්න. 13  “ඔබ පොළොවෙහි ලුණු හා සමානයි.+ නමුත් ලුණුවල ලුණු රසය නැති වුණොත් එය නැවත ඇති කරන්නේ කොහොමද? පිටතට විසි කරනු ලැබීමට+ මිස එය වෙන කිසිම දෙයකට ප්‍රයෝජනවත් වන්නේ නැහැ. අන්තිමේදී එය මිනිසුන්ගේ පයට පෑගී යයි. 14  “ලෝකයේ ආලෝකය ඔබයි.+ කන්දක් මුදුනෙහි නුවරක් පිහිටා ඇති විට එය සැඟවිය නොහැකියි. 15  මිනිසුන් පහනක් දල්වා පහන් රුකක් මත තබනවා මිස බඳුනකින් එය වසා තබන්නේ නැහැ.+ එමගින් ගෙයි සිටින සියල්ලන්ටම ආලෝකය විහිදෙයි. 16  එලෙසම ඔබත් ඔබේ ආලෝකය+ මිනිසුන් ඉදිරියෙහි විහිදුවන්න. එවිට ඔවුන් ඔබේ යහපත් ක්‍රියා+ දැක ස්වර්ගයේ සිටින ඔබේ පියාණන්ට ප්‍රශංසා කරයි.+ 17  “මා පැමිණියේ නීතිය හෝ අනාගතවාක්‍යය නැති කර දමන්න+ කියා නොසිතන්න. මා පැමිණියේ ඒවා සම්පූර්ණ කිරීමට+ මිස නැති කර දැමීමට නොවෙයි. 18  ඇත්තෙන්ම මා ඔබට කියන්නේ, අහස හා පොළොව පහව ගියත්+ නීතියේ සඳහන් සෑම දෙයක්ම අනිවාර්යයෙන් ඉටු වන බවයි.+ එහි සඳහන් කුඩාම අකුරක් වුණත් අකුරකින් අංශුමාත්‍රයක් වුණත් ඉතා වැදගත් බව මතක තබාගන්න. 19  එහෙයින් මේ අණපනත්වලින් ඉතා සුළු එකක් වුණත් කඩ කරන+ හෝ කඩ කිරීමට අනුන්ව පොලඹවන ඕනෑම කෙනෙකුව ස්වර්ග රාජ්‍යයට සුදුසු නැති ‘සුළු’ තැනැත්තෙකු ලෙස හඳුන්වනු ලැබෙයි.+ නමුත් යමෙක් ඒවා පිළිපැද ඒවා උගන්වනවා නම්+ ඔහුව ස්වර්ග රාජ්‍යයට සුදුසු ‘උතුම්’ තැනැත්තෙකු+ ලෙස හඳුන්වනු ලැබෙයි. 20  මා ඔබට කියන්නේ, නීතිය පිටපත් කරන්නන්ටත් පරිසිවරුන්ටත්+ වඩා ඔබ ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කළ යුතු බවයි. එසේ නොකළොත් ඔබ කිසිසේත් ස්වර්ග රාජ්‍යයට සුදුස්සෙක්+ වන්නේ නැහැ. 21  “‘මිනී නොමරන්න’+ කියාද ‘මිනී මරන ඕනෑම කෙනෙකු+ අධිකරණය ඉදිරියේ පෙනී සිටිය යුතුයි’+ කියාද පුරාණයේ විසූ අයට පැවසූ බව ඔබ අසා ඇති. 22  නමුත් මා ඔබට කියන්නේ මෙයයි. තම සහෝදරයා සමඟ දිගින් දිගටම කෝපයෙන් සිටින+ සෑම කෙනෙකුම අධිකරණය ඉදිරියේ පෙනී සිටිය යුතුයි.+ සඳහන් කිරීමට තරම්වත් සුදුසු නැති අවමන්සහගත වචනයකින් තම සහෝදරයාව අමතන ඕනෑම කෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පෙනී සිටිය යුතුයි. යමෙකුට ‘නීච මෝඩයා’ කියා පවසන ඕනෑම කෙනෙක් ගෙහෙන්නාවට* සුදුස්සෙක් වෙයි.+ 23  “එහෙයින් ඔබ යමක් පරිත්‍යාග කිරීමට පූජාසනය ළඟට යන විට+ ඔබේ සහෝදරයාට ඔබ සමඟ යම් ගැටලුවක් තිබෙන බව එහිදී ඔබට මතක් වෙයි නම්,+ 24  පරිත්‍යාග කිරීමට රැගෙන ආ දේ පූජාසනය ඉදිරිපිට තබන්න. මුලින්ම ගොස් ඔබේ සහෝදරයා සමඟ සමාදාන වන්න.+ ඉන්පසුව ඇවිත් ඒ දේ පරිත්‍යාග කරන්න.+ 25  “යම් කෙනෙක් ඔබට විරුද්ධව නඩුවක් දමා ඇත්නම්+ ඒ නඩුවට යන්න පෙර ඔහුව හමු වී ඇති වී තිබෙන ප්‍රශ්නය ඉක්මනින් නිරවුල් කරගන්න. එසේ නොකළොත් ඔහු ඔබව විනිශ්චයකරු ඉදිරියට ගෙනැවිත් ඔබව වරදකරුවෙක් කරන්න ඉඩ තිබෙයි. එවිට විනිශ්චයකරු ඔබව සිරගෙයි දැමීම සඳහා අධිකරණයේ නිලධාරියාට භාර දීමට පියවර ගත හැකියි. 26  ඇත්තෙන්ම මා ඔබට කියන්නේ, ඔබ අන්තිම සතය* ගෙවන තුරු+ ඔබට කොහොමටවත් එතැනින් පිටතට එන්න ලැබෙන්නේ නැති බවයි. 27  “‘අනාචාරයේ* නොහැසිරෙන්න’+ කියා පවසා තිබෙන බව ඔබ අසා ඇති. 28  නමුත් මා ඔබට කියන්නේ, කාමාශාවකින් ස්ත්‍රියක් දෙස දිගින් දිගටම බලමින්+ සිටින සෑම කෙනෙකුම ඒ වන විටත් සිතින්+ ඇය සමඟ අනාචාරයේ* හැසිරී ඇති බවයි.+ 29  එහෙයින් ඔබේ දකුණු ඇස නිසා ඔබ වරදක් කිරීමට පෙලඹෙනවා නම්* එය උගුලා අහකට විසි කරන්න.+ මන්ද ඔබේ මුළු ශරීරය ගෙහෙන්නාවෙහි* හෙළනවාට+ වඩා ඔබේ ශරීරයේ එක අවයවයක් අහිමි වීම වඩාත් හොඳයි. 30  ඔබේ දකුණත නිසා ඔබ වරදක් කිරීමට පෙලඹෙනවා නම්* එය කපා අහකට විසි කරන්න.+ මන්ද ඔබේ මුළු ශරීරය ගෙහෙන්නාවෙහි හෙළනවාට වඩා ඔබේ ශරීරයේ එක අවයවයක් අහිමි වීම වඩාත් හොඳයි. 31  “‘තම බිරිඳව දික්කසාද කරන+ කෙනෙකු දික්කසාද වන බවට ලියවිල්ලක්+ ඇයට දිය යුතුයි’ කියා පවසා තිබෙනවා. 32  නමුත් මා ඔබට කියන්නේ, වේශ්‍යාකමේ* යෙදීම නිසා+ මිස අන් හේතුවක් නිසා තම බිරිඳව දික්කසාද කරන සෑම කෙනෙක්ම, ඇයව අනාචාරයට* පොලඹවන බවයි.+ එසේම එලෙස දික්කසාද කළ ස්ත්‍රියකව විවාහ කරගන්නා තැනැත්තාව අනාචාරයේ හැසිරෙන්නෙකු ලෙස සැලකිය යුතුයි.+ 33  “‘ඔබ දිවුරුමක් දුන් විට+ එය කඩ නොකර ඉටු කරන්න. ඔබ යෙහෝවා දෙවිට වූ පොරොන්දු ඉටු කළ යුතුයි’+ කියා පුරාණයේ විසූ අයට පවසා තිබූ බව ඔබ අසා ඇති. 34  නමුත් මා ඔබට කියන්නේ, කිසිසේත් නොදිවුරන්න+ කියායි. ස්වර්ගය දෙවිගේ සිංහාසනය+ වන නිසා ඒ නමින්වත්, 35  පොළොව ඔහුගේ පා පුටුව+ වන නිසා ඒ නමින්වත් යෙරුසලම මහා රජුගේ නුවර+ වන නිසා ඒ නමින්වත් නොදිවුරන්න. 36  ඔබේ හිස මත අත තබා නොදිවුරන්න. මන්ද එක හිසකෙස් ගසක්වත් සුදු කරන්න හෝ කලු කරන්න ඔබට හැකියාවක් නැහැ. 37  එසේය කියා කිව යුතු අවස්ථාවලදී එසේය කියාත් නැත කියා කිව යුතු අවස්ථාවලදී නැත කියාත් පැවසීම ප්‍රමාණවත්.+ මන්ද කෙනෙක් ඊට වැඩි දෙයක් පැවසීමට පෙලඹෙන්නේ දුෂ්ටයාගේ බලපෑම නිසයි.+ 38  “‘ඇසකට ඇසක්, දතකට දතක්’+ කියා පැවසූ බව ඔබ අසා ඇති. 39  නමුත් මා ඔබට කියන්නේ, දුෂ්ට අයට විරුද්ධව කිසිම දෙයක් නොකරන්න කියායි. යමෙකු ඔබේ දකුණු කම්මුලට ගැසුවොත්+ ඔහුට අනික් කම්මුලත් හරවන්න. 40  ඔබට විරුද්ධව නඩු කියා ඔබේ ඇතුල් වස්ත්‍රය අයිති කරගන්න යමෙකුට අවශ්‍ය නම් ඒ සමඟ ඔබේ පිට වස්ත්‍රයත් ඔහුට ගන්න ඉඩහරින්න.+ 41  යම් නිලධාරියෙකු සැතපුමක් යන ලෙස ඔබට අණ කළොත් ඔහු සමඟ සැතපුම් දෙකක් යන්න.+ 42  ඔබෙන් ඉල්ලන්නාට දෙන්න. යමෙක් ඔබෙන් පොලී රහිතව ණයක්+ ඉල්ලුවොත් ඔහුට පිටු නොපාන්න. 43  “‘ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න’+ කියාත් ‘ඔබේ සතුරාට වෛර කරන්න’+ කියාත් පවසා ඇති බව ඔබ අසා ඇති. 44  නමුත් මා ඔබට කියන්නේ, ඔබේ සතුරන්ටත් නොකඩවා ප්‍රේම කරන්න+ කියායි. ඔබට පීඩා කරන්නන් වෙනුවෙන් දිගටම යාච්ඤා කරන්න.+ 45  ඔබ ස්වර්ගයෙහි සිටින ඔබේ පියාණන්ගේ පුත්‍රයන් බව ඔප්පු කිරීම සඳහා එසේ කරන්න.+ මන්ද ඔහු දුෂ්ටයන්ටත් යහපතුන්ටත් තම හිරු උදා කරවයි. ධර්මිෂ්ඨයන්ටත් අධර්මිෂ්ඨයන්ටත් වැසි ලබා දෙයි.+ 46  ඔබට ප්‍රේම කරන අයට පමණක් ඔබ ප්‍රේම කරනවා නම් එයින් ඇති පලය කුමක්ද?+ බදු එකතු කරන්නන් පවා ඒ දේම කරනවා නොවෙයිද? 47  ඔබ සුබ පතන්නේ ඔබේ සහෝදරයන්ට පමණක් නම් එහි ඇති විශේෂත්වය කුමක්ද? වෙනත් ජාතීන් පවා ඒ දේම කරනවා නොවෙයිද? 48  එහෙයින් ස්වර්ගයේ සිටින ඔබේ පියාණන් පරිපූර්ණව සිටින්නා සේම ඔබද පරිපූර්ණව සිටිය යුතුයි.+

පාදසටහන්

මූ.අ., “සාපිපාසයෙන් සිටින.”
යෙරුසලමෙන් පිටත කසළ පුලුස්සා දැමීම සඳහා භාවිත කළ ස්ථානය. උපග්‍ර. 2 බලන්න.
මූ.අ., “ඉතා සුළු වටිනාකමකින් යුත් ‘ක්වොඩ්‍රන්ස්’ නම් කුඩා කාසියක්.”
මූ.අ., “පරදාර සේවනයේ.” මෙය භාවිත කරන්නේ විවාහක පුරුෂයෙකු හෝ ස්ත්‍රියක අනාචාරයේ යෙදීම විස්තර කිරීමටය.
මතෙ 5:27හි පාදසටහන බලන්න.
මතෙ 5:22හි පාදසටහන බලන්න.
මූ.අ., “පය පැකිළී වැටුණොත්.”
පය පැකිළී වැටුණොත්.
මතෙ 5:27හි පාදසටහන බලන්න.
එනම්, අවිවාහකයෙකු හෝ විවාහකයෙකු ලිංගික දුරාචාරයේ යෙදීම. උපග්‍ර. 8 බලන්න.