මතෙව් 16:1-28

16  එහිදී පරිසිවරු+ සහ සද්දුසිවරු ඔහු වෙතට ඇවිත් ඔහුගේ වරදක් අල්ලාගැනීමේ අදහසින් තමුන්ට අහසෙන් ලකුණක්+ පෙන්වන මෙන් ඔහුගෙන් ඉල්ලුවෝය.  ඔහු ඔවුන්ට මෙසේ උත්තර දුන්නේය. “[[ඔබ සාමාන්‍යයෙන් පුරුදු වී සිටින්නේ සවස් වූ විට ‘අහස ගින්දර මෙන් රතු පාට නිසා අද කාලගුණය හොඳ වෙයි’ කියා කීමට හා,  උදේට ‘අහස ගින්දර මෙන් රතු පාට වී අඳුරුව තිබුණොත් අද ශීත, වැසි සහිත කාලගුණයක් වෙයි’ කියා කීමටයි. අහස දෙස බලා දවසේ කාලගුණය තෝරා දෙන්න ඔබ දැන සිටියත් මේ කාලයට අදාළ ලකුණු තෝරා දෙන්න ඔබට බැහැ.]]+  දුෂ්ට, ද්‍රෝහි පරම්පරාවක් දිගින් දිගටම ලකුණක් සොයයි. නමුත් යෝනාගේ ලකුණ+ මිස වෙන ලකුණක් ඔවුන්ට දෙනු ලබන්නේ නැහැ.”+ ඔහු එසේ කියා ඔවුන්ව අත්හැර ගියේය.+  ගෝලයන් එගොඩට යද්දී රොටි ගෙන යෑමට ඔවුන්ට අමතක විය.+  මේ අතර යේසුස්, “සෝදිසියෙන් සිටින්න. පරිසිවරුන්ගේ සහ සද්දුසිවරුන්ගේ මුහුන්වලින් පරෙස්සම් වීමට වගබලා ගන්න”+ කියා ඔවුන්ට කීවේය.  එවිට ඔවුහු, “අප රොටි රැගෙන ආවේ නැහැ නේද” කියා එකිනෙකා අතරේ සාකච්ඡා කරන්න පටන්ගත්තෝය.  යේසුස් එය දැන මෙසේ කීවේය. “ඔබ ළඟ රොටි නැති නිසා ඔබ ඒ ගැන කතා කරන්නේ ඇයි? ඔබගේ විශ්වාසය තවත් වැඩි කරගන්න අවශ්‍යයි.+  ඔබට තවමත් තේරෙන්නේ නැද්ද? පන්දහස්දෙනා සහ රොටි පහ පිළිබඳ සිද්ධියේදී ඔබ කූඩ කීයක් පුරවාගත්තාද+ කියාවත් ඔබට මතක නැද්ද? 10  නැත්නම් හාරදහස්දෙනා සහ රොටි හත පිළිබඳ සිද්ධියේදී ඔබ විශාල කූඩ කීයක් පුරවාගත්තාද+ කියාවත් මතක නැද්ද? 11  මා ඔබට ඒ රොටි ගැන කතා නොකළ බව ඔබට නොතේරුණේ ඇයි? මම කිව්වේ පරිසිවරුන්ගේ සහ සද්දුසිවරුන්ගේ මුහුන්වලින් පරෙස්සම් වෙන්න+ කියායි.” 12  ඔහු පැවසුවේ පරිසිවරුන්ගේ සහ සද්දුසිවරුන්ගේ ඉගැන්වීම්වලින්+ පරෙස්සම් වන්න කියා මිස රොටිවල මුහුන් ගැන නොවන බව ඔවුන් තේරුම්ගත්තේ එවිටයි. 13  යේසුස්, සිසේරිය ෆිලිප්පියට අයත් ප්‍රදේශවලට පැමිණි විට ඔහු තම ගෝලයන්ගෙන් මෙසේ ඇසුවේය. “මනුෂ්‍ය පුත්‍රයා කවුරුන් කියාද මිනිසුන් කියන්නේ?”+ 14  ඔවුහු පිළිතුරු දෙමින්, “සමහරුන් යොහන් බව්තීස්ත+ කියාත් අන් අය එලියා+ කියාත් කියනවා. තවත් අය යෙරෙමියා හෝ අනාගතවක්තෘවරුන්ගෙන් කෙනෙකු කියාත් කියනවා” කියා පැවසුවෝය. 15  එවිට ඔහු, “ඔබ හිතන්නේ මා කවුරුන් කියාද”+ කියා ඔවුන්ගෙන් ඇසුවේය. 16  සීමොන් පේතෘස් පිළිතුරු දෙමින්, “ඔබ ක්‍රිස්තුස්.+ ජීවමාන දෙවිගේ පුත්‍රයා+ ඔබයි” කියා කීවේය. 17  එවිට යේසුස් ඔහුට මෙසේ කීවේය. “යෝනාගේ පුත් සීමොන්, ඔබ බොහෝ සෙයින් සන්තෝෂ විය යුතු කෙනෙක්. මන්ද මේ දේ ඔබට හෙළි කර දුන්නේ මිනිසුන්* නොව ස්වර්ගයේ සිටින මගේ පියාණන්.+ 18  මා ඔබට කියන මේ දේටත් සවන් දෙන්න. ඔබ පේතෘස්ය.*+ මා මගේ සභාව ගොඩනඟන්නේ මේ පර්වතය+ මතයි. මිනී වළෙහි දොරටුවත්+ එය පරාජය කරන්නේ නැහැ.+ 19  ස්වර්ග රාජ්‍යයේ යතුරු මා ලබා දෙන්නේ ඔබටයි. ඔබ පොළොවෙහි යම් දෙයක් වසා දැමුවොත්* ඒ දේම ඒ වන විටත් ස්වර්ගයෙහි වසා දමා තිබෙන බවත් ඔබ පොළොවෙහි යම් දෙයක් විවෘත කළොත්* ඒ දේම ස්වර්ගයෙහි ඒ වන විටත් විවෘත කර තිබෙන බවත්+ මතක තබාගන්න.” 20  ඉන්පසු ඔහු තමන් ක්‍රිස්තුස් බව කිසිවෙකුට නොකියන්න+ කියා ගෝලයන්ට තදින් අණ කළේය. 21  එතැන් පටන් යේසුස් ක්‍රිස්තුස්, තමන් යෙරුසලමට යා යුතු බවත් වැඩිමහල්ලන්, නායක පූජකයන් සහ නීතිය පිටපත් කරන්නන් අතින් බොහෝ දුක් විඳ මරනු ලබන බවත් තුන්වෙනිදා නැඟිටුවනු ලබන බවත්+ තම ගෝලයන්ට පැහැදිලි කළේය. 22  එවිට පේතෘස් ඔහුව පැත්තකට ගෙන ගොස් ඔහුට තදින් කතා කරමින්, “ස්වාමීනි, ඔබ ගැනත් ටිකක් හිතන්න. ඒ වගේ දෙයක් ඔබට කවදාවත් සිදු විය යුතු නැහැ”+ කියා කීවේය. 23  නමුත් ඔහු හැරී, “සාතන්! මගෙන් අහකට යන්න!+ මට බාධා කරන්න එපා. ඔබ සිතන්නේ මිනිසුන් සිතන විදිහටයි. දෙවි සිතන විදිහට නොවෙයි”+ කියා පේතෘස්ට කීවේය. 24  එවිට යේසුස් තම ගෝලයන්ට මෙසේ කීවේය. “යමෙකු මා අනුව එන්න කැමති නම් ඔහු තම ජීවිතය දෙවිට කැප කර* තම වධකණුව රැගෙන දිගටම+ මා අනුව එන්න අවශ්‍යයි. 25  මන්ද යමෙකු තම ජීවිතය ගලවාගන්න කැමැත්තෙන් සිටියොත් ඔහුට එය නැති වෙයි. නමුත් මා නිසා තම ජීවිතය නැති කරගන්නාට එය ලැබෙයි.+ 26  මිනිසෙකු මුළු ලෝකයම ලබාගත්තත් තම ජීවිතය අහිමි කරගන්නවා නම්+ ඔහුට එයින් ඇති ප්‍රයෝජනය කුමක්ද? තමන් සතු සියල්ල දුන්නත් මිනිසෙකුට තම ජීවිතය බේරාගත හැකිද?+ 27  මනුෂ්‍ය පුත්‍රයා සිය පියාණන්ගේ තේජසින් තම දූතයන් සමඟ ඒමට නියමිතයි. එවිට ඔහු එකිනෙකාට ඔවුන්ගේ ක්‍රියාවලට අනුව ප්‍රතිඵල දෙයි.+ 28  ඇත්තෙන්ම මා ඔබට කියන්නේ මනුෂ්‍ය පුත්‍රයා රජු හැටියට පැමිණෙනවා දකින තුරු මෙතැන සිටින්නන්ගෙන් සමහරෙකු කිසිවිටකත් මරණය අද්දකින්නේ නැති බවයි.”+

පාදසටහන්

මූ.අ., “මාංසය හා රුධිරය.”
ග්‍රීක බසට අනුව ගලක්ය.
මූ.අ., “බැඳ තැබුවොත්.”
මූ.අ., “මුදාහැරියොත්.”
එනම්, තවදුරටත් තමා ගැන නොසිතා හෝ තම අවශ්‍යතාවලට මුල් තැන නොදී.