ගණන් කතාව 29:1-40

29  “‘ඔබ හත්වෙනි මාසයේ පළමුවෙනි දිනයේදී ශුද්ධ එක්රැස්වීමක් පැවැත්විය යුතුයි.+ එදින වෙහෙස මහන්සි වී කිසි වැඩක් නොකරන්න.+ එදින හොරණෑ පිඹිය යුතු දවසකි.+  එම දවසේදී යෙහෝවා දෙවි වන මට ප්‍රසන්න සුවඳක් ගෙනෙන පිණිස වස්සෙකුව, බැටළුවෙකුව හා අවුරුද්දක් වයසැති බැටළු පැටවුන් හත්දෙනෙකුව දවන පූජා ලෙස ඔප්පු කරන්න. ඒ සතුන් නිකැළැල් සතුන් විය යුතුයි.+  ඒ එක් එක් පූජාව සමඟ ධාන්‍ය පූජාවක්ද ඔප්පු කරන්න. වස්සා සමඟ තෙල් මිශ්‍ර කළ සිහින් පිටි ඒපාවකින් දහයෙන් කොටස් තුනක්ද බැටළුවා සමඟ තෙල් මිශ්‍ර කළ සිහින් පිටි ඒපාවකින් දහයෙන් කොටස් දෙකක්ද+  සෑම බැටළු පැටවෙකු සමඟ තෙල් මිශ්‍ර කළ සිහින් පිටි ඒපාවකින් දහයෙන් කොටසක්ද ඔප්පු කරන්න.+  ඔබේ පාපවලට සමාව ලබාගන්නා පිණිස පාප පූජාවක් ලෙස එළු පැටවෙකුවද ඔප්පු කරන්න.+  ඔබ සිරිත් පරිදි සෑම මාසයකදීම ඔප්පු කරන දවන පූජාවලටත්+ දිනපතා ඔප්පු කරන දවන පූජාවලටත්+ ඒ එක් එක් පූජා සමඟ ඔප්පු කරන ධාන්‍ය පූජාවලටත්+ පාන පූජාවලටත්+ අමතරව එම පූජාද ඔප්පු කළ යුතුයි. ඒවා යෙහෝවා දෙවි වන මට ප්‍රසන්න සුවඳක් ගෙනෙන පිණිස ගින්නෙන් දවා ඔප්පු කරන පූජා වෙයි.+  “‘හත්වෙනි මාසයේ දහවන දිනයේදීද ඔබ ශුද්ධ එක්රැස්වීමක් පැවැත්විය යුතුයි.+ එදින ඔබ යටහත්ව ඔබේ පව් ගැන දුක් වෙමින්+ කිසි වැඩක් නොකර සිටිය යුතුයි.*+  එදින යෙහෝවා දෙවි වන මට ප්‍රසන්න සුවඳක් ගෙනෙන පිණිස වස්සෙකුව, බැටළුවෙකුව සහ අවුරුද්දක් වයසැති බැටළු පැටවුන් හත්දෙනෙකුව දවන පූජා ලෙස ඔප්පු කරන්න.+ ඒ සතුන් නිකැළැල් සතුන් විය යුතුයි.+  ඒ එක් එක් පූජා සමඟ ධාන්‍ය පූජාද ඔප්පු කරන්න. වස්සා සමඟ තෙල් මිශ්‍ර කළ සිහින් පිටි ඒපාවකින් දහයෙන් කොටස් තුනක්ද බැටළුවා සමඟ තෙල් මිශ්‍ර කළ සිහින් පිටි ඒපාවකින් දහයෙන් කොටස් දෙකක්ද+ 10  සෑම බැටළු පැටවෙකු සමඟ තෙල් මිශ්‍ර කළ සිහින් පිටි ඒපාවකින් දහයෙන් කොටසක්ද ඔප්පු කරන්න.+ 11  පාපවලට සමාව ලබාගන්නා පිණිස සමඟි වීමේ දවසේ ඔප්පු කරන පාප පූජාවටත් දිනපතා ඔප්පු කරන දවන පූජාවලටත් ඒ එක් එක් දවන පූජා සමඟ ඔප්පු කරන ධාන්‍ය පූජාවලටත් පාන පූජාවලටත්+ අමතරව පාප පූජාවක් ලෙස එළු පැටවෙකුවද ඔප්පු කරන්න.+ 12  “‘හත්වෙනි මාසයේ පහළොස්වන දිනයේදීද+ ඔබ ශුද්ධ එක්රැස්වීමක් පැවැත්විය යුතුයි.+ ඔබ එදින වෙහෙස මහන්සි වී කිසි වැඩක් නොකළ යුතුයි.+ දවස් හතක් පුරා යෙහෝවා දෙවි වෙනුවෙන් උත්සවයක් පවත්වන්න.+ 13  යෙහෝවා දෙවි වන මට ප්‍රසන්න සුවඳක් ගෙනෙන පිණිස වස්සන් දහතුන්දෙනෙකුව, බැටළුවන් දෙදෙනෙකුව හා අවුරුද්දක් වයසැති බැටළු පැටවුන් දහහතරදෙනෙකුව දවන පූජා ලෙස ඔප්පු කරන්න.+ එම සතුන් නිකැළැල් සතුන් විය යුතුයි.+ 14  සෑම වස්සෙකු සමඟ ධාන්‍ය පූජාවක් ලෙස තෙල් මිශ්‍ර කළ සිහින් පිටි ඒපාවකින් දහයෙන් කොටස් තුනක් ඔප්පු කරන්න. සෑම බැටළුවෙකු සමඟ ධාන්‍ය පූජාවක් ලෙස තෙල් මිශ්‍ර කළ සිහින් පිටි ඒපාවකින් දහයෙන් කොටස් දෙකක් ඔප්පු කරන්න.+ 15  සෑම බැටළු පැටවෙකු සමඟ ධාන්‍ය පූජාවක් ලෙස තෙල් මිශ්‍ර කළ සිහින් පිටි ඒපාවකින් දහයෙන් කොටසක් ඔප්පු කරන්න.+ 16  දිනපතා ඔප්පු කරන දවන පූජාවලටත් ඒවා සමඟ ඔප්පු කරන ධාන්‍ය පූජාවලටත් පාන පූජාවලටත් අමතරව පාප පූජාවක් ලෙස එළු පැටවෙකුවද ඔප්පු කරන්න.+ 17  “‘දෙවෙනි දවසේදී වස්සන් දොළොස්දෙනෙකුව, බැටළුවන් දෙදෙනෙකුව හා අවුරුද්දක් වයසැති නිකැළැල්+ බැටළු පැටවුන් දහහතරදෙනෙකුව ඔප්පු කළ යුතුයි. 18  එක් එක් වස්සා සමඟද එක් එක් බැටළුවා සමඟද එක් එක් බැටළු පැටවා සමඟද නියම කර තිබෙන ලෙස+ ධාන්‍ය පූජාවක්ද+ පාන පූජාවක්ද+ ඔප්පු කරන්න. 19  දිනපතා ඔප්පු කරන දවන පූජාවලටත් ඒවා සමඟ ඔප්පු කරන ධාන්‍ය පූජාවලටත් පාන පූජාවලටත්+ අමතරව පාප පූජාවක්+ ලෙස එළු පැටවෙකුවද ඔප්පු කරන්න. 20  “‘තුන්වෙනි දවසේදී ගවයන් එකළොස්දෙනෙකුව, බැටළුවන් දෙදෙනෙකුව හා අවුරුද්දක් වයසැති නිකැළැල් බැටළු පැටවුන් දහහතරදෙනෙකුව ඔප්පු කරන්න.+ 21  එක් එක් ගවයා සමඟද එක් එක් බැටළුවා සමඟද එක් එක් බැටළු පැටවා සමඟද නියම කර තිබෙන ලෙස ධාන්‍ය පූජාවක්ද+ පාන පූජාවක්ද+ ඔප්පු කරන්න. 22  දිනපතා ඔප්පු කරන දවන පූජාවලටත් ඒවා සමඟ ඔප්පු කරන ධාන්‍ය පූජාවලටත් පාන පූජාවලටත් අමතරව පාප පූජාවක්+ ලෙස එළුවෙකුවද ඔප්පු කරන්න. 23  “‘හතරවෙනි දවසේදී ගවයන් දහදෙනෙකුව, බැටළුවන් දෙදෙනෙකුව හා අවුරුද්දක් වයසැති නිකැළැල්+ බැටළු පැටවුන් දහහතරදෙනෙකුව ඔප්පු කරන්න. 24  එක් එක් ගවයා සමඟද එක් එක් බැටළුවා සමඟද එක් එක් බැටළු පැටවා සමඟද නියම කර තිබෙන ලෙස+ ධාන්‍ය පූජාවක්ද+ පාන පූජාවක්ද+ ඔප්පු කරන්න. 25  දිනපතා ඔප්පු කරන දවන පූජාවලටත්+ ඒවා සමඟ ඔප්පු කරන ධාන්‍ය පූජාවලටත් පාන පූජාවලටත්+ අමතරව පාප පූජාවක්+ ලෙස එළු පැටවෙකුවද ඔප්පු කරන්න. 26  “‘පස්වෙනි දවසේදී ගවයන් නවදෙනෙකුව, බැටළුවන් දෙදෙනෙකුව හා අවුරුද්දක් වයසැති නිකැළැල්+ බැටළු පැටවුන් දහහතරදෙනෙකුව ඔප්පු කරන්න. 27  එක් එක් ගවයා සමඟද එක් එක් බැටළුවා සමඟද එක් එක් බැටළු පැටවා සමඟද නියම කර තිබෙන ලෙස+ ධාන්‍ය පූජාවක්ද+ පාන පූජාවක්ද+ ඔප්පු කරන්න. 28  දිනපතා ඔප්පු කරන දවන පූජාවලටත් ඒවා සමඟ ඔප්පු කරන ධාන්‍ය පූජාවලටත් පාන පූජාවලටත්+ අමතරව පාප පූජාවක්+ ලෙස එළුවෙකුවද ඔප්පු කරන්න. 29  “‘හයවෙනි දවසේදී ගවයන් අටදෙනෙකුව, බැටළුවන් දෙදෙනෙකුව හා අවුරුද්දක් වයසැති නිකැළැල්+ බැටළු පැටවුන් දහහතරදෙනෙකුව ඔප්පු කරන්න. 30  එක් එක් ගවයා සමඟද එක් එක් බැටළුවා සමඟද එක් එක් බැටළු පැටවා සමඟද නියම කර තිබෙන ලෙස+ ධාන්‍ය පූජාවක්ද+ පාන පූජාවක්ද+ ඔප්පු කරන්න. 31  දිනපතා ඔප්පු කරන දවන පූජාවලටත් ඒවා සමඟ ඔප්පු කරන ධාන්‍ය පූජාවලටත් පාන පූජාවලටත්+ අමතරව පාප පූජාවක්+ ලෙස එළුවෙකුවද ඔප්පු කරන්න. 32  “‘හත්වෙනි දවසේදී ගවයන් හත්දෙනෙකුව, බැටළුවන් දෙදෙනෙකුව හා අවුරුද්දක් වයසැති නිකැළැල්+ බැටළු පැටවුන් දහහතරදෙනෙකුව ඔප්පු කරන්න. 33  එක් එක් ගවයා සමඟද එක් එක් බැටළුවා සමඟද එක් එක් බැටළු පැටවා සමඟද නියම කර තිබෙන ලෙස+ ධාන්‍ය පූජාවක්ද+ පාන පූජාවක්ද+ ඔප්පු කරන්න. 34  දිනපතා ඔප්පු කරන දවන පූජාවලටත් ඒවා සමඟ ඔප්පු කරන ධාන්‍ය පූජාවලටත් පාන පූජාවලටත්+ අමතරව පාප පූජාවක්+ ලෙස එළුවෙකුවද ඔප්පු කරන්න. 35  “‘අටවෙනි දවසේදී ඔබ විශේෂ එක්රැස්වීමක් පැවැත්විය යුතුයි.+ ඔබ එදින වෙහෙස මහන්සි වී කිසි වැඩක් නොකරන්න.+ 36  යෙහෝවා දෙවි වන මට ප්‍රසන්න සුවඳක් ගෙනෙන පිණිස එදින දවන පූජා ඔප්පු කරන්න. ගවයෙකුව, බැටළුවෙකුව හා අවුරුද්දක් වයසැති නිකැළැල් බැටළු පැටවුන් හත්දෙනෙකුව දවන පූජා ලෙස ඔප්පු කරන්න.+ 37  ගවයා සමඟද බැටළුවා සමඟද එක් එක් බැටළු පැටවා සමඟද නියම කර තිබෙන ලෙස+ ධාන්‍ය පූජාවක්ද+ පාන පූජාවක්ද+ ඔප්පු කරන්න. 38  දිනපතා ඔප්පු කරන දවන පූජාවලටත් ඒවා සමඟ ඔප්පු කරන ධාන්‍ය පූජාවලටත් පාන පූජාවලටත්+ අමතරව පාප පූජාවක්+ ලෙස එළුවෙකුවද ඔප්පු කරන්න. 39  “‘ඔබට නියම කළ උත්සව දිනවලදී+ ඔබ යෙහෝවා දෙවි වන මට ඒ සියලු පූජා ඔප්පු කළ යුතුයි. ඔබ ඔප්පු කරන භාරවලට,+ කැමැත්තෙන් ඔප්පු කරන පූජාවලට,+ දවන පූජාවලට,+ ධාන්‍ය පූජාවලට,+ පාන පූජාවලට+ හා හවුල් පූජාවලට+ අමතරව එම පූජා ඔප්පු කළ යුතුයි.’” 40  මෝසෙස්, යෙහෝවා දෙවි තමාට අණ කළ සියල්ල ඊශ්‍රායෙල් සෙනඟට දැනුම් දුන්නේය.+

පාදසටහන්

මේ දුක් වීම පෙන්නුම් කළේ නිරාහාරව සිටීමෙන් විය හැක.