ගණන් කතාව 27:1-23

27  මනස්සේ+ යෝසෙප්ගේ පුත්‍රයාය. මාකීර් මනස්සේගේ පුත්‍රයාය. ගිලියද් මාකීර්ගේ පුත්‍රයාය. ගිලියද්ගේ පුත්‍රයා වන හේෆෙර්, ෂෙලොපෙහාද්ගේ+ පියාය. ෂෙලොපෙහාද්ගේ දූවරුන් මාලාහ්, නෝවා, හොග්ලා, මිල්කා සහ තිර්ෂාය.+ එක් දිනක් ඔහුගේ දූවරු පස්දෙනා  සම්මුඛ වීමේ කූඩාරමට ඇතුල් වන ස්ථානය වෙතට ඇවිත්+ මෝසෙස්, පූජක එලියාසර්, අධිපතීන් හා මුළු සෙනඟ ඉදිරියේ මෙසේ කීවෝය.  “අපේ පියා පාළුකරයේදී මිය ගියා.+ නමුත් ඔහු මිය ගියේ යෙහෝවා දෙවිට විරුද්ධව කැරලිගැසූ කෝරාගේ සෙනඟට එකතු වුණ නිසා නෙවෙයි.+ ඔහු මිය ගියේ ඔහුගේම පාපය නිසයි.+ අපේ පියාට පුත්‍රයන් සිටියේ නැහැ.  පුත්‍රයන් නැති නිසාම ඔහුගේ පෙළපතෙන් ඔහුගේ නම ඉවත් කරන්න එපා.+ අපේ පියාගේ සහෝදරයන්ට උරුමයක් දෙන විට අපටත් උරුමයක් දෙන්න.”+  පසුව මෝසෙස් ඔවුන් කී කාරණය ගැන යෙහෝවා දෙවිගෙන් විමසුවේය.+  එවිට යෙහෝවා දෙවි මෝසෙස්ට මෙසේ පිළිතුරු දුන්නේය.  “ෂෙලොපෙහාද්ගේ දූවරුන්ගේ ඉල්ලීම සාධාරණයි. ඔවුන්ගේ පියාගේ සහෝදරයන්ට උරුමයක් දෙන විට ඔවුන්ටත් උරුමයක් ලබා දිය යුතුයි. ඔවුන්ගේ පියාගේ උරුමය ඔවුන්ට ලබා දෙන්න.+  ඔබ ඊශ්‍රායෙල් සෙනඟට මෙසේ කියන්න. ‘යම් මිනිසෙකු පුත්‍රයෙකු නොලැබ මිය ගියොත් ඔහුගේ උරුමය ඔහුගේ දූවරුන්ට අයිති විය යුතුයි.  ඔහුට දුවක් නැත්නම් ඔහුගේ උරුමය ඔහුගේ සහෝදරයන්ට දිය යුතුයි. 10  ඔහුට සහෝදරයොත් නැත්නම් ඔහුගේ පියාගේ සහෝදරයන්ට ඔහුගේ උරුමය දිය යුතුයි. 11  ඔහුගේ පියාටත් සහෝදරයන් නැත්නම් ඔහුගේ ළඟම ලේ නෑයෙකුට එය දිය යුතුයි.+ ඒ තැනැත්තාට උරුමය අයිති වන්නේය. යෙහෝවා දෙවි වන මා තීන්දු කර මෝසෙස් ලවා දැන්වූ මේ දේ ඊශ්‍රායෙල් සෙනඟ පනතක් ලෙස පැවැත්විය යුතුයි.’” 12  පසුව යෙහෝවා දෙවි මෝසෙස්ට මෙසේ කීවේය. “ඔබ මේ ළඟ තිබෙන අබරිම් කන්දට යන්න.+ ඊශ්‍රායෙල් සෙනඟට මා ලබා දෙන දේශය ඔබට එතැන සිට දැකගන්න පුළුවන්.+ 13  ඉන්පසු ඔබේ සහෝදරයා වූ ආරොන් හා ඔබේ ආදිපියවරුන් මෙන්+ ඔබත් මිය යනු ඇත.+ 14  මන්ද ෂින් පාළුකරයේ+ කාදෙෂ්+ නම් ස්ථානයේ මෙරිබාහි දිය පහර අසල+ සෙනඟ මැසිවිලි නැඟූ අවස්ථාවේදී+ ඔබයි ආරොනුයි මා දුන් ආඥාව කඩ කළෝය. ශුද්ධ තැනැත්තා මා බව පෙන්වමින් ඔබ සෙනඟ ඉදිරියේ මාව ගෞරවයට පත් කළේ නැත.”+ 15  පසුව මෝසෙස් යෙහෝවා දෙවිට මෙසේ කීවේය. 16  “සියල්ලන්ට+ ජීවනය දෙන යෙහෝවා දෙවියනි,+ සෙනඟව බලාගන්න ඔබ කාව හරි පත් කරන්න.+ 17  ඔවුන්ගේ සියලු කාරණාවලදී ඔවුන්ට මඟ පෙන්වන්න පුළුවන් කෙනෙක්ව පත් කරන්න.+ නැත්නම් යෙහෝවා දෙවිගේ සෙනඟ එඬේරෙක් නැති බැටළුවන් මෙන් මංමුළා වෙයි.”+ 18  එවිට යෙහෝවා දෙවි මෝසෙස්ට මෙසේ කීවේය. “නූන්ගේ පුත්‍රයා වන යොෂුවාව ඔබ ඉදිරියට කැඳවන්න. ඔහු සිහිකල්පනාවෙන් වැඩ කරන පුද්ගලයෙක්.+ ඒ වගකීම දරන්න ඔහුට පුළුවන්. ඔබේ අත ඔහු පිට තබන්න.+ 19  ඉන්පසු පූජක එලියාසර් හා ඊශ්‍රායෙල් සෙනඟ ඉදිරියට ඔහුව ගෙන යන්න. ඒ සියලුදෙනා ඉදිරියේ ඔහුව ඔවුන්ගේ නායකයා ලෙස පත් කරන්න.+ 20  ඔබට හිමි වුණු ගෞරවයෙන් කොටසක් ඔහුට දෙන්න.+ එවිට මුළු සෙනඟ ඔහුට කීකරු වෙයි.+ 21  යම් කාරණයක් පිළිබඳව යෙහෝවා දෙවිගේ තීරණය ගැන දැනගන්න අවශ්‍ය වූ විට යොෂුවා පූජක එලියාසර් ඉදිරියට යා යුතුයි.+ පූජක එලියාසර් ඌරීම්+ මාර්ගයෙන් ඒ කාරණය සම්බන්ධයෙන් දෙවිගේ තීරණය දැනගෙන එය දැන්විය යුතුයි. ඉන්පසු ඔහුත් මුළු ඊශ්‍රායෙල් සෙනඟත් දෙවිගේ තීරණයට එකඟව ක්‍රියා කළ යුතුයි.” 22  මෝසෙස්, යෙහෝවා දෙවි අණ කළ ලෙස කළේය. ඔහු පූජක එලියාසර්+ හා මුළු සෙනඟ ඉදිරියට යොෂුවාව කැඳවා 23  ඔහු මත අත තැබුවේය. මෙසේ ඔහු යොෂුවාව සෙනඟගේ නායකයා ලෙස පත් කළේය.+ යෙහෝවා දෙවි කී ලෙසම මෝසෙස් කළේය.+

පාදසටහන්