Skip to content

පටුනට යන්න

සෝදිසියෙන් ඉන්න!

දමනය කරගන්න බැරි උද්ධමනය - ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?

දමනය කරගන්න බැරි උද්ධමනය - ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?

 2022 ජූනි මාසේ ලෝක බැංකු සමූහය පළ කරපු වාර්තාවක මෙහෙම කියලා තිබුණා. “ලෝක ආර්ථිකය අනතුරේ! ජීවන වියදම විදුලි වේගෙන් ඉහළ ගියත් ලැබෙන ආදායම වැඩි වෙන්නේ හරිම හෙමින්.”

 අන්තර්ජාතික මූල්‍ය අරමුදල මෙහෙම කියනවා. “ඉන්ධන සහ කෑම බීමවල මිල ගණන් දවසින් දවස ඉහළ යනවා. ඒකෙන් වැඩියෙන්ම පහර කන්නේ දුප්පත් රටවල්වල මිනිස්සු.”

 ලෝක ආර්ථිකය දවසින් දවස බිඳ වැටෙන්නේ ඇයි? මේ ප්‍රශ්නෙට හොඳින් මුහුණ දෙන්න අපිට පුළුවන් කොහොමද? ආර්ථික ප්‍රශ්නවලට කවදා හරි ස්ථිර විසඳුමක් ලැබෙයිද? ඒ ප්‍රශ්නවලට උත්තර බයිබලේ තියෙනවා.

“අවසාන කාලයේදී” අහස උසට නඟින ජීවන වියදම

  •   බයිබලේ කියනවා අපි ජීවත් වෙන්නේ “අවසාන කාලයේ” කියලා.—2 තිමෝති 3:1.

  •   මේ කාලේදී හැමෝගෙම හිතට බරක් දැනෙන “බිහිසුණු දේවල්” සිද්ධ වෙනවා කියලා යේසුස් කලින්ම කිව්වා. (ලූක් 21:11) බලන් ඉද්දී බඩු මිල ඉහළ යනවා. ඒ නිසා ‘ඉස්සරහට මොනවා වෙයිද? දරු පවුලට කන්න අඳින්න දෙන්නේ කොහොමද’ කියලා මිනිස්සු දහ අතේ කල්පනා කරනවා.

  •   බයිබලේ කලින්ම කියලා තිබුණා අපි ජීවත් වෙන මේ කාලේ කෑම බීමවල මිල ගණන් හිතාගන්නවත් බැරි විදිහට ඉහළ යනවා කියලා. ඒ ගැන එළිදරව් පොතේ කියන්නේ මෙහෙමයි. ‘එවිට මට හඬක් ඇසිණ. ඒ හඬ, “තිරිඟු කිලෝ එකක් ඩිනාරියකි. බාර්ලි කිලෝ තුනක් ඩිනාරියකි. ඔලීව තෙල්වලටත් වයින්වලටත් අනතුරක් නොකරන්න” කියා පවසනවා මට ඇසිණ.’—එළිදරව් 6:6.

 “අවසාන කාලය” ගැනත් එළිදරව් පොතේ තියෙන අනාවැකි ගැනත් තව දැනගන්න ඔයා කැමතිද? එහෙමනම් ‘1914 ඉඳන් ලෝකයේ වාතාවරණය වෙනස් වෙලා!’ කියන වීඩියෝ එක සහ “අසරුවන් හතරදෙනා කවුද?” කියන ලිපිය බලන්න.

ස්ථිර විසඳුමක්!

  •   “ඔවුහු ගෙවල් ගොඩනඟා එහි ජීවත් වන්නෝය. මිදිවතු වවා එහි පලදාව භුක්ති විඳින්නෝය. ඔවුන් ගොඩනඟන නිවෙස්වල වෙනත් අය ජීවත් වන්නේ නැත. ඔවුන් වගා කරන කෙත්වතුවල පලදාව වෙනත් අය භුක්ති විඳින්නේ නැත.”—යෙසායා 65:21, 22.

  •   “පොළොව ධාන්‍යවලින් පිරී ඉතිරී යයි. කඳු මුදුන් ධාන්‍යවලින් වැසී යයි.”—ගීතාවලිය 72:16.

  •   ‘“පීඩිත අයගේ දේපළ උදුරාගත් හැටි මම දුටුවෙමි. දුප්පතුන්ගේ සුසුම්ලෑම මම ඇසුවෙමි. එබැවින් දැන් මම නැඟී සිටිමි” කියා යෙහෝවා දෙවි කියන්නේය.’—ගීතාවලිය 12:5. a

 ලෝකේ පුරාම තියෙන මේ අසාධාරණ ආර්ථික ක්‍රමයට දෙවියන් ළඟදීම නැවතීමේ තිත තියනවා. ඒ කොහොමද කියලා දැනගන්න “හැමෝටම එක සමානව දේවල් ලැබෙන කාලයක් එයිද?” කියන ලිපිය බලන්න.

 දවසින් දවස බඩු මිල ඉහළ යද්දී, ආර්ථිකය කඩා වැටෙද්දී ඒකට හොඳින් මුහුණ දෙන්න උදව් වෙන මඟ පෙන්වීම් බයිබලේ තියෙනවා. (හිතෝපදේශ 23:4, 5; දේශනාකාරයා 7:12) ඒ ගැන තවත් තොරතුරු දැනගන්න “ජීවනෝපාය රැකගන්න” සහ “ලැබෙන ආදායම අඩු වෙලාද?” කියන ලිපි බලන්න.

a යෙහෝවා කියන්නේ සැබෑ දෙවියන්ගේ නමයි.—ගීතාවලිය 83:18.