එළිදරව් 6:1-17

6  බැටළු පැටවා+ මුද්‍රා හතෙන් එකක් කඩනවා මම දුටුවෙමි.+ එවිට ජීවීන් හතරදෙනාගෙන් එක් කෙනෙක්+ ගිගුරුම් හඬකින් මෙන්, “එන්න” කියා පවසනවා මට ඇසිණ.+  බලන්න, මම සුදු පැහැති අශ්වයෙකු+ දුටුවෙමි. ඌ පිට ඉඳගෙන සිටි තැනැත්තාට+ දුන්නක් තිබිණ.+ ඔටුන්නක්ද ඔහුට දෙන ලදි.+ ජය අත් කරගැනීමට පිටත් වූ ඔහු,+ සම්පූර්ණ ජයග්‍රහණයක් ලැබුවේය.+  ඔහු දෙවෙනි මුද්‍රාව කැඩූ විට දෙවෙනි ජීවියා,+ “එන්න” කියා පවසනවා මට ඇසිණ.  එවිට තවත් අශ්වයෙක් එනම්, ගිනි පැහැති අශ්වයෙක් පිටතට ආවේය. ඌ පිට ඉඳගෙන සිටි තැනැත්තාට පොළොවෙන් සාමය තුරන් කිරීමට අවසර දෙන ලදි. එහෙයින් මිනිස්සු එකිනෙකාව මරා දමනු ඇත. මහත් කඩුවක්ද ඔහුට දෙන ලදි.+  ඔහු+ තුන්වෙනි මුද්‍රාව කැඩූ විට තුන්වෙනි ජීවියා,+ “එන්න” කියා පවසනවා මට ඇසිණ. බලන්න! කලු පැහැති අශ්වයෙකු මම දුටුවෙමි. ඌ පිට ඉඳගෙන සිටි තැනැත්තා අතේ තරාදියක් තිබිණ.+  එවිට මට හඬක් ඇසිණ. එය ජීවීන් හතරදෙනා+ අතරින් පැමිණි හඬක් මෙන් විය.+ ඒ හඬ, “තිරිඟු කිලෝ එකක් ඩිනාරියකි.*+ බාර්ලි කිලෝ තුනක් ඩිනාරියකි. ඔලීව තෙල්වලටත් වයින්වලටත් අනතුරක් නොකරන්න”+ කියා පවසනවා මට ඇසිණ.  ඔහු හතරවෙනි මුද්‍රාව කැඩූ විට, “එන්න” කියා පවසන හතරවෙනි ජීවියාගේ හඬ+ මට ඇසිණ.  බලන්න! සුදුමැලි අශ්වයෙකු මම දුටුවෙමි. ඌ පිට ඉඳගෙන සිටි තැනැත්තාගේ නම මරණයයි. මිනී වළද+ ඔහු පසුපසින්ම ගියේය. පොළොවෙන් හතරෙන් කොටසක් කෙරෙහි තම අණසක පැතිරවීමට ඔවුන්ට අවසර දෙන ලදි. එසේ කළේ දිග කඩුවකින්ද+ ආහාර හිඟකමින්ද+ මාරාන්තික වසංගතයෙන්ද පොළොවේ වනසතුන් ලවාද+ මිනිසුන්ව මරා දැමීමටය.  ඔහු පස්වෙනි මුද්‍රාව කැඩූ විට මරා දමනු ලැබූ+ අයගේ රුධිරය+ පූජාසනය යට තිබෙනවා+ මම දුටුවෙමි. ඔවුන්ව මරා දමා තිබුණේ දෙවි පවසන දේවල් පිළිපැද්ද නිසාත් ඔවුන්ට පවරා තිබූ සාක්ෂි දැරීමේ කාර්යය+ ඔවුන් ඉටු කළ නිසාත්ය. 10  ඔවුහු මහත් ශබ්දයකින් හඬ නඟා, “විශ්වයේ පාලකයාණන්+ වන ශුද්ධ දෙවියනි, සැබෑ දෙවියනි,+ පොළොවෙහි වැසියන්ව විනිශ්චය කිරීමට+ සහ අපගේ ලේ වැගිරවීම+ වෙනුවෙන් ඔවුන්ට දඬුවම් කිරීමට ඔබ තව කොපමණ කල් බලා සිටින්නෙහිද” කියා පැවසුවෝය. 11  ඔවුන් සියලුදෙනාටම සුදු+ වස්ත්‍රයක් දෙන ලදි. එලෙසම ඔවුන් මෙන් මරනු ලැබීමට සිටින ඔවුන්ගේ සෙසු දාසයන්ගේ+ හා සහෝදරයන්ගේ ගණනත් සම්පූර්ණ වන තුරු තව ටික කලක් බලා සිටින්න කියා ඔවුන්ට කියන ලදි. 12  ඔහු හයවෙනි මුද්‍රාව කඩනවා මම දුටුවෙමි. එවිට මහත් භූමිකම්පාවක් සිදු විය. ඉර කලු පැහැගැන්වී තිබිණ. එහි පැහැය සත්ව ලොම්වලින් සෑදූ ගෝණි රෙද්දක් මෙන් විය.+ සඳ මුළුමනින්ම ලේ මෙන් රතු පැහැ විය.+ 13  අත්තික්කා ගසක් තද සුළඟකින් සෙලවී එහි අමු අත්තික්කා ගෙඩි වැටෙන්නා සේ අහසේ තාරකා පොළොවට කඩා වැටුණේය. 14  ලියවිල්ලක් අකුළන්නා සේ අහස පහව ගියේය.+ සෑම කන්දක්ම හා දූපතක්ම ඒවා තිබෙන තැන්වලින් ඉවත් කරන ලදි.+ 15  පොළොවේ රජවරුද උසස් තනතුරු හොබවන නිලධාරීහුද සෙන්පතියෝද ධනවත් අයද බලවන්තයෝද සියලු දාසයෝද සියලුම නිදහස් පුරවැසියෝද ගුහාවලත් කඳු පර්වත අතරත් සැඟවුණෝය.+ 16  ඔවුහු කඳුවලටත් පර්වතවලටත් මෙසේ කීවෝය. “අප පිට වැටෙන්න.+ සිංහාසනය මත ඉඳගෙන සිටින තැනැත්තාගෙන්ද+ බැටළු පැටවාගේ උදහසින්ද අපව සඟවාගන්න.+ 17  මන්ද ඔවුන්ගේ උදහස ප්‍රකාශ කිරීමේ+ මහත් දවස+ පැමිණ ඇත. ඊට මුහුණ දිය හැක්කේ කාටද?”+

පාදසටහන්

ග්‍රෑම් 3.85ක් බර රෝමානු රිදී කාසියක්.