ගීතාවලිය 12:1-8
සංගීත අධ්‍යක්ෂක වෙතය. පහළ ස්වරයෙන් ගායනා කිරීම සඳහාය.+ දාවිත් රචනා කළ ගීතයකි.
12 යෙහෝවා දෙවියනි, මාව ගලවාගන්න.+ මන්ද පක්ෂපාත කිසිවෙක් ඉතුරු වී නැත.+මනුෂ්‍යයන් අතරේ විශ්වාසවන්ත අයද නැත.
2 ඔවුහු එකිනෙකාට බොරු කියාගනිති.+දෙසිත් ඇතුව+ චාටු බස් දොඩති.+
3 යෙහෝවා දෙවි චාටු බස් දොඩන්නන්ගේ දිව්දඋඩඟු දේවල් පවසන්නන්ගේ දිව්ද කපා දමන්නේය.+
4 “කතාවෙන් අපිට පුළුවන් ජය ගන්න.+අපි කැමති ඕනෑම දෙයක් කියන්න අපිට අයිතිය තියෙනවා. අපිව පාලනය කරන්න කාටවත් බැහැ” කියා පවසන අයව ඔහු විනාශ කර දමන්නේය.
5 “පීඩිත අයගේ දේපළ උදුරාගත් හැටි මම දුටුවෙමි. දුප්පතුන්ගේ සුසුම්ලෑම මම ඇසුවෙමි.+එබැවින් දැන් මම නැඟී සිටිමි.+ඔවුන්ව හෙළාදකින සියල්ලන්ගෙන් මම ඔවුන්ව ආරක්ෂා කරමි” කියා යෙහෝවා දෙවි කියන්නේය.+
6 යෙහෝවා දෙවිගේ වදන්, බොහෝ සෙයින් රත් වූ උදුනක දමා සත් වරක් පිරිසිදු කළරිදී මෙන් පවිත්‍රය.+
7 යෙහෝවා දෙවියනි, ඔබ ඔවුන්ව ආරක්ෂා කරන්නෙහිය.+ඔවුන් සියලුදෙනාවම මේ දුෂ්ට පරම්පරාවෙන් සදහටම බේරාගන්නෙහිය.
8 මනුෂ්‍යයන් අතරේ දුෂ්ටකම රජයන බැවින්දුෂ්ටයෝ සෑම තැනකම සිටිති.+