හිතෝපදේශ 23:1-35

23  ඔබ රජෙකු සමඟ එක මේසයේ හිඳගෙන කෑම කන්නෙහි නම් ඔබ සිටින්නේ කොතැනද කියා අමතක නොකරන්න.+  ඔබ කෑමට බීමට ලොල් වූ කෙනෙකු නම් ඔබවම පාලනය කරගැනීම හොඳය.*+  රස නහර පිනවන ඔහුගේ කෑමවලට අධික ආශාවක් ඇති කර නොගන්න. මන්ද ඔහු එය දෙන්නේ අවංක සිතකින් නොවෙයි.+  පොහොසත් වීමට වෙහෙස නොවන්න.+ ඔබේම නුවණෙහි රඳා නොසිටින්න.+  සුළු මොහොතකින් නැති වී යන වස්තුව කෙරෙහි ඔබේ සිත ඇදී ගොස් ඇද්ද?+ ඔබ බලා සිටියදීම එය රාජාලියෙකු මෙන් තටු විහිදා ඈතින් ඈතට පියඹා යයි.+  මසුරු කෙනෙකු දෙන කෑම නොකන්න.+ ඔහුගේ රසවත් කෑමවලට ආශා නොකරන්න.+  මන්ද ඔහු කපටි ලෙස කුමන්ත්‍රණය කරන්නෙකි.+ “කන්න, බොන්න” කියා ඔහු ඔබට කියන නමුත් ඔහු එසේ කියන්නේ යටි අදහසකිනි.+  පසුව ඔහු දුන් කෑම ඔබට වමාරන්න සිදු වෙයි. ඔබ පැවසූ ප්‍රියමනාප වදන්වලින් කිසි පලක් නොවනු ඇත.+  මෝඩයෙකු සමඟ කතා නොකරන්න.+ මන්ද ඔහු ඔබේ බුද්ධිමත් වදන් හෙළාදකිනු ඇත.+ 10  පුරාණයේදී වෙන් කරනු ලැබූ ඉඩම්වල මායිම් වෙනස් නොකරන්න.+ පියා නැති දරුවන්ගේ ඉඩම්වලට බලහත්කාරයෙන් ඇතුල් නොවන්න.+ 11  මන්ද ඔවුන්ගේ මිදුම්කරු ශක්තිමත්ය. ඔහු ඔවුන් වෙනුවෙන් පෙනී සිට ඔබට විරුද්ධව පියවර ගනු ඇත.+ 12  උපදෙස්වලට ඔබේ සිත යොමු කරන්න. දැනුමට ඔබේ කන් යොමු කරන්න.+ 13  දරුවෙකුට හික්මවීම අවශ්‍ය වූ විට එය දීමෙන් නොවළකින්න.+ වේවැලකින්* ඔහුට පහරක් ගැසූ පමණින් ඔහු මැරෙන්නේ නැත. 14  ඔහුව මරණයෙන් බේරාගන්නා පිණිස වේවැල පාවිච්චි කරන්න.+ 15  මාගේ පුත්‍රය, ඔබ ප්‍රඥාවන්තව සිතන්නේ නම්+ මාගේ සිත ප්‍රීති වන්නේය.+ 16  ඔබ ඔබේ වචන නිවැරදිව හසුරුවන්නේ නම්+ මම මුළු හදවතින්ම සතුටු වන්නෙමි. 17  පව්කාරයන්ට ඊර්ෂ්‍යා නොකරන්න.+ දවස මුළුල්ලේම යෙහෝවා දෙවි කෙරෙහි ගරුබිය ඇතුව සිටින්න.+ 18  එවිට ඔබට හොඳ අනාගතයක් තිබෙනු ඇත.+ ඔබේ බලාපොරොත්තු කඩ නොවන්නේය.+ 19  මාගේ පුත්‍රය, උපදෙස්වලට ඇහුම්කන් දී ප්‍රඥාවන්ත වන්න. ඔබේ සිත නිවැරදි මඟට යොමු කරන්න.+ 20  වයින්වලට ලොල් වූ+ අය සමඟවත් මස්වලට කෑදර වූ අය සමඟවත් එකතු නොවන්න.+ 21  මන්ද බේබද්දෝද කෑදරයෝද දිලිඳුකමට පැමිණෙන්නෝය.+ මත්ව සිටින්නන්ට අඳින්න ඉතුරු වන්නේ වැරහැලි පමණි.+ 22  ඔබව ජාතක කළ ඔබේ පියාට ඇහුම්කන් දෙන්න.+ ඔබේ මව මහලුව සිටින නිසාම ඇයව සුළු කොට නොතකන්න.+ 23  සත්‍යය මිල දී ගන්න.+ එය ලබාගත් පසු නොවිකුණන්න. ප්‍රඥාවද හික්මවීමද අවබෝධයද මිල දී ගන්න.+ 24  ධර්මිෂ්ඨ තැනැත්තෙකුගේ පියා නිසැකවම ප්‍රීති වෙයි.+ ප්‍රඥාවන්තයෙකුගේ පියාද ඔහු ගැන බොහෝ සෙයින් සතුටු වෙයි.+ 25  ඔබ එවැනි කෙනෙක් වන්නෙහි නම් ඔබේ පියාද මවද ප්‍රීති වෙති. ඔබව බිහි කළ තැනැත්තිය මහත් සේ ප්‍රීති වන්නීය.+ 26  මාගේ පුත්‍රය, ඔබේ සිත මා වෙතට යොමු කරන්න. මා ඔබට පෙන්වන මාර්ගය දෙසටම ඔබේ ඇස් යොමු කරන්න.+ 27  ගණිකාවක ගැඹුරු වළක් මෙනි.+ දුරාචාරයේ යෙදෙන ස්ත්‍රියක පටු ළිඳක් මෙනි. 28  කොල්ලකරුවෙකු මෙන් ඇය මඟ රැක සිටින්නීය.+ ඇය බොහෝ පුරුෂයන්ව ද්‍රෝහිකමට පොලඹවයි.+ 29  රතු ඇස් ඇත්තේ කාටද? දුක ඇත්තේ කාටද? සිත්තැවුල් ඇත්තේ කාටද? ගැටලු ඇත්තේ කාටද? අඬදබර කරන්නේ කවුද?+ නිකරුණේ තුවාල ලබන්නේ කවුද? 30  මේ සියල්ල සිදු වන්නේ බොහෝ වයින් බොන අයටය.+ සැර වැඩි කළ වයින්+ සොයා යන අයටය. 31  වයින් රතට රතේ දිස් වන විටත් එය කුසලානේ දිලිසෙන විටත් එයින් ආස්වාදයක් ලැබෙන විටත් ඊට වශී නොවන්න. 32  අවසානයේදී එය සර්පයෙකු මෙන් දෂ්ට කරයි.+ පොළඟෙකු මෙන් විෂ පිට කරයි.+ 33  ඔබේ ඇස් අමුතු දර්ශන දකින්නේය. ඔබේ සිතුවිලි විකෘති වන්නේය.+ 34  ඔබ මුහුදු පත්ලටම ගිලී යන කෙනෙකු මෙන්ද කුඹගසක් උඩ සිටින කෙනෙකු මෙන්ද වන්නෙහිය.+ 35  “ඔවුහු මට ගැසුවෝය. නමුත් මට රිදුණේ නැත. ඔවුහු මට තදින් පහර දුන්නෝය. නමුත් මට දැනුණේවත් නැත. මම අවදි වන විට+ තව තවත් එය සොයා යන්නෙමි”+ යයි ඔබ කියන්නෙහිය.

පාදසටහන්

මූ.අ., “උගුරට පිහියක් තබාගන්න.”
හිතෝ 13:24හි පාදසටහන බලන්න.