ගීතාවලිය 83:1-18

ආසාෆ් රචනා කළ ගීතයකි.+ 83  අනේ දෙවියනි, නිහඬව නොසිටින්න.+බලවත් තැනැත්තාණෙනි, පිළිතුරු නොදී නොසිටින්න.+   මන්ද ඔබේ සතුරෝ ඔබට විරුද්ධව නැඟී සිටිති.+ දැඩි ලෙස ඔබට වෛර කරන අය හිස ඔසවති.+   ඔබේ සෙනඟට විරුද්ධව ඔවුහු කුමන්ත්‍රණ කරති.+ඔබේ රැකවරණයේ සිටින අයට+ විරුද්ධව කූට උපා යොදති.   ඔවුහු මෙසේ කීවෝය. “අපි ඒ ජාතිය නැත්තටම නැති කර දමමු.+එවිට ඊශ්‍රායෙල් යන නාමය සියල්ලන්ගේ මතකයෙන් ගිලිහී යනු ඇත.”+   ඔවුහු තම සිතේ ඇති ආශාව ඉටු කරගැනීමට එක්ව සාකච්ඡා කළෝය.+ඔබට විරුද්ධව ගිවිසුමක් ඇති කරගත්තෝය.+   ඔවුන් නම් ඒදොම්වරු,+ ඉෂ්මායෙල්වරු,* මෝවබ්වරු+ සහ හග්රියවරුය.+   ගෙබල්වරු, අම්මොන්වරු,+ අමලෙක්වරු,පිලිස්තිවරු+ සහ තීර්හි වැසියෝද+ ඔවුන් අතර සිටියෝය.   ඇසිරියානුවෝද ඔවුන්ට එක්ව සිටිති.+ඔවුහු ලොත්ගේ පුත්‍රයන්ට+ සහයෝගය දෙමින් ඔවුන්ට ශක්තියක් වුණෝය. සීලාහ්.   ඔබ මිදියන්වරුන්ව+ පරාජය කළ ලෙස ඔවුන්වත් පරාජය කරන්න.කීෂොන් නිම්නයේදී+ සිසෙරාටත්+ යාබින්ටත්+ කළ දේ ඔවුන්ටත් කරන්න. 10  ඔවුන්ව එන්-දෝර්හිදී සම්පූර්ණයෙන්ම විනාශ කරනු ලැබුවේය.+ඔවුහු කුණු වී පසට පොහොර වී ගියෝය.+ 11  ඔරෙබ්ට හා ෂීබ්ට කළ දේම ඔවුන්ගේ අධිපතීන්ටත් කරන්න.+සෙබාහ්ට සහ ෂල්මුන්නාට කළ දේ ඔවුන්ගේ පාලකයන්ටත් කරන්න.+ 12  ඔවුහුද, “අපි දෙවිගේ ශුද්ධ වාසස්ථානය අත් කරගනිමු” කියා කීවෝය.+ 13  අනේ මාගේ දෙවියනි, ඔවුන්ව සුළඟට ගසාගෙන යන වියළි තණකොළ මෙන් වීමට සලස්වන්න.+පිදුරු මෙන් ඔවුන්ව ගසාගෙන යෑමට සලස්වන්න.+ 14  ළැව් ගින්නකින් වනාන්තරයක් දවා දමන්නාක් මෙන්ද+විශාල ගින්නකින් කඳුකරයක් විනාශ කර දමන්නාක් මෙන්ද+ 15  ඔවුන් පසුපස හඹා ගොස් ඔබේ කුණාටුවෙන් ඔවුන්ව විනාශ කර දමන්න.+චණ්ඩ මාරුතයෙන් ඔවුන්ව කලඹන්න.+ 16  යෙහෝවා දෙවියනි, ඔවුන්ගේ මුහුණු ලැජ්ජාවෙන් වැසී යෑමට සලස්වන්න.+එවිට ජනයා ඔබේ නාමයෙන් මඟ පෙන්වීම් පතනු ඇත.+ 17  ඔවුන්ව සදහටම අවමානයට ලක් කර වියවුලට පත් කරන්න.+ඔවුන්ව ලැජ්ජාවට පත් කර විනාශ කර දමන්න.+ 18  යෙහෝවා නම් වූ ඔබ පමණක්+මුළු පොළොවටම+ මහෝත්තම දෙවි බව+ සියල්ලන්ට දැනගැනීමට සලස්වන්න.+

පාදසටහන්

මූ.අ., “ඒදොම්වරුන්ගේ සහ ඉෂ්මායෙල්වරුන්ගේ කූඩාරම්.”