Skip to content

පටුනට යන්න

ඔබ දන්නවාද?

ඔබ දන්නවාද?

ඔබ දන්නවාද?

(පහත දක්වා ඇති ප්‍රශ්නවලට එහි සඳහන් කර ඇති බයිබල් පදවලින් පිළිතුරු සොයාගත හැකි අතර සියලුම පිළිතුරු ඇතුළත් ලැයිස්තුවක් පහත සඳහන් වේ. අමතර තොරතුරු සඳහා යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශයට පත් කරන ලද “ශුද්ධ ලියවිලි පිළිබඳ තීක්ෂ්ණ බුද්ධිය” නමැති පොත බලන්න. [it, සිංහලෙන් නැත])

1. සාලමොන්ගේ දවස්වලදී රිදී, ඇත් දත්, වඳුරන් සහ මොනරුන් ඊශ්‍රායෙලයට ගෙනා නැව් කණ්ඩායම කුමක්ද? (1 රාජාවලිය 10:22)

2. පාවුල්ගේ ජීවිතයේ අවසානය දක්වා ඔහු විශ්වාසවන්තව සිටි කෙනෙකු ලෙසට දෙවි අනුමත කළ බව ඔහුට වැටහිණි. ඒ බව ප්‍රකාශ වන්නේ ඔහුගේ කිනම් වචනවලින්ද? (2 තිමෝති 4:7)

3. වසර හතක සාගත කාලයක් එන බවට යෝසෙප් කියා සිටියේ පාරාවෝගේ කුමන සිහිනය පහදා දීමේදීද? (උත්පත්ති 41:17-24)

4. තිමෝතිට ශුද්ධ ලියවිලි පහදා දුන් ස්ත්‍රීන් දෙදෙනා කවුද? (2 තිමෝති 1:5)

5. අබ්සලොම් මැරුණේ කිනම් අසාමාන්‍ය ආකාරයටද? එමෙන්ම ඔහුව වළලනු ලැබුවේ කෙසේද? (2 සාමුවෙල් 18:9, 14-17)

6. පාපය සඳහා ගෙවන කුලිය කුමක්ද? (රෝම 6:23)

7. ධනවතෙකුට දේවරාජ්‍යයට ඇතුල්වීම කෙතරම් අසීරුද කියන කාරණය ඇඟවීමට යේසුස් යොදාගත් උපමාලංකාරය කුමක්ද? (මතෙව් 19:24)

8. යුදෙව්වරුන්ගේ ප්‍රසාදය ලබාගැනීමට කැමති වූ නිසාවෙන් පාවුල්ව හිරගෙයි දැමුවේ යුදයේ කිනම් රෝමානු පාලකයාද? (ක්‍රියා 24:27)

9. දෙවිගේ සතුරන්ව විනාශ කර දැමීම උපහැරණය කිරීම සඳහා යේසුස් විස්තර කළේ කිනම් වයින් සෑදීමේ ක්‍රමය ගැනද? (එළිදරව් 19:15)

10. මුලින්ම දස පනත ලීවේ කෙසේද? එමෙන්ම කුමක් මතද? (නික්මයාම 31:18)

11. ක්‍රිස්තියානි ස්ත්‍රීන් කෙසේ සැරසී සිටිනවාටද පාවුල් කැමති වුණේ? (1 තිමෝති 2:9)

12. යෙහෝවාගේ උතුම්කම උපහැරණය කර දැක්වීම සඳහා යෙසායා කීවේ කුමකින් “ජලය” මනින්න යෙහෝවාට හැකි බවද? (යෙසායා 40:12)

13. ආදම් සහ ඒවගේ නිවස හැඳින්වූයේ කුමක් කියාද? (උත්පත්ති 2:15)

14. යාකොබ් අනුමත නොකළේ ඔහුගේ කොයි පුත්‍රයන්ගේ බලහත්කාරකමේ ක්‍රියාද? (උත්පත්ති 49:5-7)

15. ඒදන් උයනේ තිබූ ගංගාවෙන් ගලා බැස්ස අතු ගංගා හතර මොනවාද? (උත්පත්ති 2:11-14)

16. යමෙකු නොදැනුවත්ව හෝ යම් වැරදි පියවරක් ගතහොත් ආත්මික සුදුසුකම් ඇති ක්‍රිස්තියානීන් කළ යුත්තේ කුමක්ද? (ගලාති 6:1)

පිළිතුරු

1. තර්ෂිෂ් නැව්

2. ඔහු කීවේ “මම යහපත් සටනෙහි සටන් කළෙමි. මම දිවීම අවසන් කළෙමි. මම ඇදහිල්ල රක්ෂා කළෙමි” කියලයි.

3. කෙට්ටු දෙනුන් සත්දෙනෙක් මාංසයෙන් තර වූ දෙනුන් සත්දෙනෙක්ව කෑවෝය. එමෙන්ම බොල් වූ කරල් සත එක් ගොයම් ගසක සම්පූර්ණ වූ හොඳ කරල් සතක් ගිල්ලේය.

4. ඔහුගේ මව වන යූනිස් හා ඔහුගේ ආච්චි වන ලොයිස්

5. අබ්සලොම්ගේ හිස ගසට හිර වී ඔහු ගසේ එල්ලෙමින් සිටියදී යෝවාබ් සහ ආයුධ දැරූ තරුණයෝ ඔහුට මැරෙන තරමට පහර දී මහත් වළකට හෙළා ඔහු පිට මහත් ගල් ගොඩක් ගොඩ ගැසුවේය.

6. මරණය

7. ඔහු කීවේ “ධනවතෙකුට දෙවිගේ රාජ්‍යයට ඇතුල් වනවාට වඩා ඔටුවෙකුට ඉඳිකටුවක සිදුරෙන් යෑම පහසුය” කියලයි

8. ෆීලික්ස්

9. වයින් යන්ත්‍රයෙන් මිදි පෑගීම

10. “දෙවිගේ ඇඟිල්ලෙන්” ගල් ලෑලි දෙකක් මත ලියන ලදි

11. ‘කොණ්ඩ මෝස්තරවලින්වත් රනින්වත් මුතුවලින්වත් ඉතා මිල අධික වස්ත්‍රවලින්වත් නොව විනීතව සහ හොඳ සිහිකල්පනාවෙන් යුතුව, මනා පිළිවෙළකින් යුත් වස්ත්‍රවලින් සැරසී සිටිනවාට මම කැමැත්තෙමි’

12. ‘ඔහුගේ අත්ලෙන් ජලය මැනීමට’ හැකි බවයි

13. ඒදන් උයන

14. සිමියොන් සහ ලෙවී

15. පීෂෝන්, ගීහෝන්, හිද්දෙකෙල් සහ ප්‍රාත්

16. “මෘදුකමින් [ඔහුව] නිවැරදි මාර්ගයට ගෙන ඒමට උත්සාහ කරන්න”