2 තිමෝති 1:1-18

1  දෙවිගේ කැමැත්තට එකඟව+ ක්‍රිස්තුස් යේසුස්ගේ නියෝජිතයෙකු* ලෙස සේවය කරන පාවුල් වන මම මෙම ලිපිය ලියමි. මා මෙසේ සේවය කරන්නේ ක්‍රිස්තුස් යේසුස් සමඟ එකට බැඳී සිටින අයට+ දෙවි පොරොන්දු වී ඇති ජීවිතය+ ගැන ප්‍රකාශ කිරීම සඳහාය.  මෙම ලිපිය ලියන්නේ ඉතා ප්‍රේමණීය පුත්‍රයෙකු වන තිමෝති වෙතටය.+ පියාණන් වන දෙවිගෙන් හා අපගේ ස්වාමීන් වන ක්‍රිස්තුස් යේසුස්ගෙන් ඔබට මහත් කරුණාව, දයාව හා සමාදානය ලැබේවා!+  මා දෙවිට කොතරම් ස්තුතිවන්ත වෙනවාද! මගේ මුතුන්මිත්තන් මෙන්+ මා දෙවිට පරිශුද්ධ සේවයක් පිරිනමමින්+ ඔහු ඉදිරියේ මගේ හෘදය සාක්ෂිය නිදොස්ව තබාගනිමින් සිටින අතර+ මම රෑ දවල් ඔබ වෙනුවෙන් දිගටම දෙවිට කන්නලව් කරමි.+  ඔබේ කඳුළු මට සිහි වන විට ඔබව දැක බලා ගැනීමට මා තුළ ඇති ආශාව තවත් වැඩි වෙයි.+ ඔබව දැකීම මගේ ප්‍රීතියට හේතු වන බව නිසැකය.  ඔබ කිසි කුහකකමක් නැතුව+ අවංකව ගොඩනඟා ගෙන ඇති විශ්වාසය මට මතක් වෙයි.+ මුලින්ම එවැනි විශ්වාසයක් තිබුණේ ඔබේ ආච්චි වන ලොයිස්ට සහ ඔබේ මව වන යූනිස්ටය. දැන් එවැනි විශ්වාසයක් ඔබ තුළත් ඇති බව මට නිසැකයි.  මා ඔබ පිට අත් තැබූ විට+ ඔබට දෙවිගෙන් ලැබුණු දීමනාව+ දිගටම උද්‍යෝගයෙන් භාවිත කිරීමට ඔබට මතක් කරන්නේ ඒ නිසාය. එය භාවිත කළ යුත්තේ ගින්නක දීප්තිය තව තවත් වැඩි කරන ආකාරයෙනි.+  මන්ද දෙවි තම බලය අපට ලබා දුන් විට අප තුළ ඇති වූයේ බියගුලුකමක් නොවේ.+ ඒ වෙනුවට මහත් ශක්තියක්+ හා ප්‍රේමයක් මෙන්ම හොඳ සිහිකල්පනාවෙන් කටයුතු කිරීමේ හැකියාවද අපට ලැබිණ.+  එහෙයින් අපගේ ස්වාමීන් ගැන සාක්ෂි දැරීම ගැනවත් ඔහු වෙනුවෙන් සිරකරුවෙකු වී සිටින+ මා ගැනවත් ලැජ්ජා නොවන්න.+ ඒ වෙනුවට දෙවි ලබා දෙන බලයේ උපකාරයෙන්+ පසුබට නොවී ශුභාරංචිය වෙනුවෙන් දුක් විඳීමට සූදානම් වන්න.+  දෙවි අපව ගලවා+ ශුද්ධ අය ලෙස කැඳෙව්වේ+ අප කළ යම් ක්‍රියා පදනම් කරගෙන නොව+ ඔහු අරමුණු කළ දේ හා ඔහු පෙන්වූ මහත් කරුණාව නිසාය. අපට ඒ මහත් කරුණාව ක්‍රිස්තුස් යේසුස් මාර්ගයෙන් පෙන්වීමට ඔහු බොහෝ කලකට පෙර පියවර ගත්තේය.+ 10  ඒ කරුණාව අපගේ ගැලවුම්කරු වන ක්‍රිස්තුස් යේසුස් පෙනී සිටි අවස්ථාවේදී+ ඉතා පැහැදිලිව දැකගත හැකි විය. මරණය නැති කර දැමූ ඔහු,+ ශුභාරංචිය මාර්ගයෙන්+ අපට ජීවනය+ හා කිසිදා දිරා නොයන ස්වභාවයක් හිමි වන ආකාරය+ හෙළි කර ඇත.+ 11  එසේම ඒ ශුභාරංචිය දේශනා කිරීමට සහ ඒ වෙනුවෙන් නියෝජිතයෙකු හා ගුරුවරයෙකු ලෙස කටයුතු කිරීමට මාවද පත් කර ඇත.+ 12  ඒ හේතුව නිසා මා දුක් වින්දත්+ ඒ ගැන ලැජ්ජා නොවෙමි.+ මන්ද මා විශ්වාස කරන දෙවිව මා හොඳින් හඳුනාගෙන සිටින අතර මා දෙවිට මහත් විශ්වාසයකින් භාර දී ඇති දේ ඒ දවස පැමිණෙන තුරු+ රැකබලා ගැනීමට ඔහුට හැකි බව+ මා තුළ කිසි සැකයක් නැත. 13  ඔබ මගෙන් අසා ඉගෙනගත් නිවැරදි මෙන්ම ප්‍රයෝජනවත්+ ඉගැන්වීම්වලට තදින් ඇලී සිටින්න. එහි දක්නට තිබෙන රටාවෙන්* ඉවතට නොයන්න. එමෙන්ම ක්‍රිස්තුස් යේසුස් කෙරෙහි විශ්වාසය තබා ඔහු සඳහා ඔබේ ප්‍රේමය පෙන්වන්න.+ 14  ඔබට විශ්වාසයකින් භාර දී ඇති ඒ අගනා දේ+ අප සියලුදෙනා තුළ ක්‍රියාත්මක වන දෙවිගේ බලය මාර්ගයෙන් රැකගන්න.+ 15  ඔබ දන්නා දෙයක් නම් ආසියා ප්‍රදේශයේ+ සිටින සියලුදෙනාම පාහේ මගෙන් ඈත් වී ඇති බවය.+ ඔවුන් අතර ෆිගෙලස් සහ හර්මොජෙනිස් සිටිති. 16  නමුත් ඔනෙසිෆරස්+ නොයෙක් අවස්ථාවලදී මට ඉමහත් සැනසිල්ලක් ලබා දුන් අතර+ මා දම්වැල්වලින් බැඳ සිටියා කියා ඔහු තුළ ලැජ්ජාවක් ඇති නොවීය.+ ඒ නිසා මා ඉල්ලා සිටින්නේ ඔහු සහ ඔහුගේ නිවසේ සිටින සියලුදෙනාට ස්වාමීන්ගේ දයාව ලැබෙන්න කියාය. 17  ඔහු රෝමයට පැමිණි විට මාව සෙවීමට මහත් උත්සාහයක් දරා කෙසේ හෝ මා සිටි තැන සොයාගත්තේය.+ 18  ඔහු එෆීසයේදී මා වෙනුවෙන් කළ සෑම දෙයක් ගැනම ඔබ හොඳින් දන්නවාට සැකයක් නැත. යෙහෝවා දෙවි තම විනිශ්චය ලබා දෙන දවසේදී+ ඔහුට දෙවිගේ දයාව ලබාගැනීම සඳහා+ ස්වාමීන්ගේ උපකාරය ඔහුට ලැබේවා!

පාදසටහන්

හෝ, “යවනු ලැබූවෙකු.”
හෝ, “සැලැස්මෙන්” හෝ, “පිළිවෙළින්.”