2 තිමෝති 4:1-22

4  මම ඔබට ඉතා බැරෑරුම් කාරණයක් ගැන උපදෙස් දීමට කැමැත්තෙමි. මා ඒ දේ කරන්නේ දෙවි ඉදිරියෙහි සහ තමා එළිදරව් වන අවස්ථාවේදීත්+ තම රාජ්‍යය මාර්ගයෙනුත්+ ජීවත් වන අයවද මිය ගොස් ඇති අයවද+ විනිශ්චය කිරීමට නියමිතව+ සිටින ක්‍රිස්තුස් යේසුස් ඉදිරියෙහිය.  දෙවිගේ පණිවිඩය ගැන දේශනා කරන්න.+ හොඳ වාතාවරණයක් තිබුණත්+ නැතත්+ එම කාර්යයෙහි නොකඩවා උදාසීන නොවී උද්‍යෝගයෙන් නිරත වන්න. බොහෝ ඉවසිලිවන්තකමින්+ හා දක්ෂ ලෙස ඉගැන්වීමෙන් අවවාද,+ ඍජු උපදෙස් සහ දිරිගැන්වීම් ලබා දෙන්න.  මන්ද මිනිසුන් නිවැරදි මෙන්ම ප්‍රයෝජනවත් ඉගැන්වීම් කිසි ලෙසකින්වත් පිළි නොගන්නා කාලයක් ඉදිරියේදී පැමිණෙයි.+ ඒ කාලයේදී ඔවුන් කැමති වන්නේ ඔවුන්ගේම ආශාවන් පිනවන, ඔවුන්ගේ කන්වලට මිහිරි දේවල් කියන ගුරුවරුන්ටය.+  ඔවුහු සත්‍ය ඉගැන්වීම්වලට කන් නොදී, එයින් ඉවත් වී බොරු කතාවලට හැරී යනු ඇත.+  නමුත් ඔබ සෑම අවස්ථාවකදීම සිහිකල්පනාවෙන් කටයුතු කරන්න.+ නපුරු දේවල් ඉවසා දරාගන්න.+ ශුභාරංචිය දේශනා කරන කෙනෙකුගේ කාර්යයෙහි නිරත වන්න.+ ඔබට පවරා ඇති දේවසේවය සම්පූර්ණයෙන්ම ඉටු කරන්න.+  මා වත් කරනු ලබන වයින් පූජාවක් හා සමානය.*+ මා නිදහස ලබන මොහොතද+ ඉතා ආසන්නය.  මම යහපත් සටනට සහභාගි වූවෙමි.+ එය අවසන් වන තුරුම සටන් කළෙමි. මගේ ධාවන තරඟයද නිම කළෙමි.+ මම සත්‍ය ඉගැන්වීම් පිළිපැද්දෙමි.+  ධර්මිෂ්ඨකම හිමි කර දෙන ඔටුන්න මෙතැන් සිට මා වෙනුවෙන්ම වෙන් කර තිබේ.+ ධර්මිෂ්ඨ විනිශ්චයකරුවෙක්+ වන ස්වාමීන් මට ඒ ඔටුන්න+ තම විනිශ්චය ඉටු කරන දවසේදී+ ලබා දෙයි. එය මට පමණක් නොව ඔහු එසේ එළිදරව් වන අවස්ථාව එන තුරු මහත් ආශාවකින් බලා සිටින සියලුදෙනාටම හිමි වනු ඇත.  හැකි ඉක්මනින් මා සිටින තැනට එන්න උත්සාහ දරන්න.+ 10  මන්ද පවතින සමාජයේ දේවලට ඇලුම් වූ+ දේමස්+ මාව අත්හැර තෙසලෝනිකයට ගොස් ඇත. ක්‍රෙසෙන්ස් ගලාතියටද+ තීතස් දල්මතියාවටද ගොස් ඇත. 11  දැන් මා සමඟ සිටින්නේ ලූක් පමණි. ඔබ පැමිණෙන විට මාක්වද රැගෙන එන්න. මන්ද ඔහු මා වෙනුවෙන් ඉතා වටිනා සේවයක් ඉටු කරයි.+ 12  මම තිකිකස්ව+ එෆීසයට යැව්වෙමි. 13  ත්‍රෝවස්හිදී+ කාපස් ළඟ මා තබා ආ කබාය සහ ලියවිලි, විශේෂයෙන්ම සම් ලියවිලි ඔබ මෙහි එන විට රැගෙන එන්න. 14  මට බොහෝ සෙයින් පීඩා කළ කෙනෙකු වන්නේ ඇලෙක්සැන්ඩර්+ නමැති තඹකරුවාය. ඔහු කළ දේට ප්‍රතිඵල ඔහුට යෙහෝවා දෙවිගෙන්ම ලැබෙනු ඇත.+ 15  ඔබත් ඔහුගෙන් පරෙස්සම් වන්න. මන්ද ඔහු අප පැවසූ දේවලට දැඩි විරෝධයක් දැක්වූවේය. 16  මට විරුද්ධව දමනු ලැබූ නඩුව සඳහා පළමු වතාවට පෙනී සිටීමට මට සිදු වූ විට කිසිවෙකු මා ළඟ සිටියේ නැත. සියලුදෙනාම මාව අත්හැර ගියෝය.+ එසේවුවත් ඒ සඳහා ඔවුන්ට දඬුවමක් නොලැබේවා!+ 17  නමුත් ස්වාමීන් මා ළඟ සිටිමින්+ මාව බලවත් කළේය.+ ප්‍රතිඵලයක් ලෙස දේශනා කිරීමේ කටයුත්ත සම්පූර්ණයෙන්ම ඉටු කිරීමට මට හැකි වූ අතර එයට සවන් දීමට සියලුම ජාතීන්ට අවස්ථාවක් ලැබිණ.+ මාව සිංහයන්ගේ කටින්ද ගලවනු ලැබීය.+ 18  ස්වාමීන් මාව සෑම නපුරු දෙයකින්ම ගලවා+ ස්වර්ගයේ පිහිටි තම රාජ්‍යයට මාව ගෙන යමින් මට ගැලවීම ලබා දෙනු ඇත.+ සියලුම ප්‍රශංසාවත් ගෞරවයත් ඔහුට සදහටම ලැබේවා! ආමෙන්.* 19  ප්‍රිස්කා+ සහ අකිලාටද ඔනෙසිෆරස්ගේ නිවසේ සිටින සියලුදෙනාටද+ මගේ සුබ පැතුම් දෙන්න. 20  එරස්ටස්+ කොරින්තියේ+ නැවතුණේය. නමුත් ත්‍රොෆිමස්+ අසනීපයෙන් සිටි නිසා මම ඔහුව මිලේටස්හි+ නවතා ආවෙමි. 21  ශීත කාලයට කලින් මාව හමු වීමට උපරිම උත්සාහයක් දරන්න. යුබියූලස් ඔහුගේ සුබ පැතුම් ඔබට එවයි. පූදෙන්ස්ද ලීනස්ද ක්ලෝඩියාද අන් සියලු සහෝදරයෝද මේ සමඟ ඔබට සුබ පැතුම් එවති. 22  යහපත් ආකල්පයක් ඇතුව සිටින ඔබට ස්වාමීන්ගේ ආශීර්වාදය නිරතුරුවම ලැබේවා!+ ඔහු පෙන්වන මහත් කරුණාව ඔබ සැම සමඟ වේවා!

පාදසටහන්

පාවුල් මෙසේ පවසන්නේ සෙසු ක්‍රිස්තියානීන් වෙනුවෙන් ඇපකැප වී සේවය කිරීමට තමන්ට තිබෙන ආශාව විස්තර කිරීමටය.
එනම්, එසේම වේවා!