එළිදරව් 1:1-20

1  මෙය යේසුස් ක්‍රිස්තුස් විසින් කරන ලද එළිදරව්වකි.+ එම එළිදරව්ව ඔහුට දෙනු ලැබුවේ දෙවි විසිනි.+ දෙවි එය ලබා දුන්නේ තව කෙටි කලකින් සිදු වීමට නියමිත දේවල්+ තම දාසයන්ට පෙන්වීම සඳහාය.+ යේසුස් එම එළිදරව් කිරීම් තම දේවදූතයෙකු මාර්ගයෙන්+ යොහන්ට+ පෙන්වූයේ සංකේත යොදාගෙනය.+  යොහන්, දෙවි දුන් පණිවිඩය+ සහ යේසුස් ක්‍රිස්තුස් දුන් සාක්ෂිය+ ඇතුළුව තමා දුටු සියල්ල ගැන සාක්ෂි දැරුවේය.  මේ අනාවැකියේ සඳහන් දේවල් ශබ්ද නඟා කියවන,+ ඊට සවන් දෙන,+ එහි ලියා තිබෙන දේවල් පිළිපදින අයට+ ලැබෙන්නේ ඉමහත් සන්තෝෂයකි.+ මන්ද නියමිත කාලය ළඟය.+  මෙම ලිපිය ලියන්නේ යොහන්ය. මෙය ලියන්නේ ආසියා පළාතේ පිහිටි සභා හත වෙතටය.+ “සිටින්නාවූ, සිටියාවූ, මතු පැමිණෙන්නාවූ තැනැත්තාණන්ගෙන්”+ ඔබට මහත් කරුණාවත් සමාදානයත් ලැබේවා! එමෙන්ම ඔහුගේ සිංහාසනය ඉදිරියෙහි ක්‍රියාත්මක වන බලයන් හත* මාර්ගයෙන්ද,+  “විශ්වාසවන්ත සාක්ෂිකරු” වූ,+ “මරණයෙන් නැඟිටුණු කුලුඳුලා” වූ,+ “පොළොවේ රජුන්ගේ පාලකයා” වූ+ යේසුස් ක්‍රිස්තුස්ගෙන්ද මහත් කරුණාවත් සමාදානයත් ලැබේවා! අපට ප්‍රේම කරන,+ තම රුධිරය මාර්ගයෙන්+ අපගේ පාපවලින් අපව නිදහස් කළ, . . .  රාජ්‍යයක් ලෙසද+ තම දෙවි සහ පියාණන් වෙනුවෙන් පූජකයන් ලෙසද+ කටයුතු කිරීමට අපට මඟ සැලසූ තැනැත්තාට . . . සියලු ප්‍රශංසාවත් ගෞරවයත් බලයත් සදහටම ලැබේවා!+ ආමෙන්.*  බලන්න! ඔහු වලාකුළු අතරින් එන්නේය.+ සෑම පුද්ගලයෙකුගේම දෑසට ඔහුව පෙනෙනු ඇත.+ ඔහුට ඇන්න අයද ඔහුව දකින්නෝය.+ ඔහු නිසා පොළොවේ සියලු ගෝත්‍ර ශෝකයෙන් තම පපුවට ගසාගන්නෝය. ඒ දේ අනිවාර්යයෙන්ම සිදු වනු ඇත.+ ආමෙන්.  යෙහෝවා දෙවි මෙසේ පවසයි. “ඇල්ෆා හා ඔමේගා+ වන්නේ මමය. සිටින්නාවූ, සිටියාවූ මතු පැමිණෙන්නාවූ+ සියලු බලැති තැනැත්තා+ මමය.”  යොහන් වන මම ඔබේ සහෝදරයා වන අතර යේසුස්ගේ අනුගාමිකයෙකු ලෙසද+ ඔබ සමඟ පීඩාවලට මුහුණ දෙමින්+ විඳදරාගනිමින් සිටින්නෙමි.+ එලෙසම ඔබ සමඟ රාජ්‍යයේ පාලනයට හවුල් වන්නෙමි.+ පැට්මොස් නම් දූපතෙහි සිටීමට මට සිදු වී තිබෙන්නේ දෙවි ගැන කතා කළ නිසාත් යේසුස් ගැන සාක්ෂි දැරූ නිසාත්ය.+ 10  දෙවිගේ බලයේ උපකාරයෙන්+ ස්වාමීන්ගේ දවසෙහි+ සිටීමට මට අවස්ථාව ලැබිණ.+ මට පිටුපසින් හොරණෑවකට සමාන ප්‍රබල කටහඬක් ඇසිණ.+ 11  “ඔබ දකින දේ ලියවිල්ලක සටහන් කර+ එෆීසය,+ ස්මර්ණාව,+ පර්ගමම්,+ තියතීරා,+ සාදිස්,+ ෆිලදෙල්ෆියා+ සහ ලවෝදිසිය+ යන ස්ථානවල පිහිටි සභා හතට එය යවන්න”+ කියා මට පවසන ලදි. 12  කටහඬ පැමිණි දෙසට මා හැරුණු විට මම රන් පහන් රුක් හතක් දුටුවෙමි.+ 13  ඒ පහන් රුක් අතරේ මනුෂ්‍ය පුත්‍රයෙකු වැනි තැනැත්තෙක් සිටියේය.+ ඔහු පැළඳ සිටියේ පාද දක්වා දිග වස්ත්‍රයකි. ඔහුගේ ළය වටා රන් පටියක් බැඳ තිබිණ. 14  ඔහුගේ හිසකෙස් සුදු ලොම් මෙන්ද+ හිම මෙන්ද සුදුව තිබිණ. ඔහුගේ ඇස් ගිනිසිළු මෙනි.+ 15  ඔහුගේ පාද උදුනක දැල්වෙන ඉස්තරම් තඹ මෙන්ද+ ඔහුගේ කටහඬ+ බොහෝ දිය දහරාවල හඬ මෙන්ද විය. 16  ඔහුගේ දකුණතෙහි තාරකා හතක් දක්නට ලැබිණ.+ ඔහුගේ මුවින් තියුණු, දෙමුවහත්, දිග කඩුවක් නික්මුණේය.+ ඔහුගේ මුහුණ මහත් දීප්තියකින් බැබළෙන හිරුට සමානය.+ 17  ඔහුව දුටු විට මම මිය ගිය කෙනෙකු මෙන් ඔහුගේ පාමුල ඇද වැටුණෙමි. ඔහු තම දකුණත මා පිට තබා මෙසේ කීවේය. “භය නොවන්න.+ පළමුවෙනියා+ සහ අන්තිමයා මමය.+ 18  ජීවමාන තැනැත්තා මමය.+ බලන්න, මා මිය ගියත්+ මම සදහටම ජීවත් වන්නෙමි.+ මරණයෙත්+ මිනී වළෙත් යතුරු+ මා සතුය. 19  එහෙයින් ඔබ දුටු දේවල්ද දැන් සිදු වන දේවල්ද මේ දේවලට පසුව සිදු වන දේවල්ද ලියාගන්න.+ 20  මාගේ දකුණතෙහි ඔබ දුටු තාරකා හතෙහිද+ ඔබ දුටු රන් පහන් රුක් හතෙහිද+ අර්ථය පරිශුද්ධ රහසකි. එම තාරකා හතෙන් නියෝජනය වන්නේ සභා හතෙහි දූතයන්වය. පහන් රුක් හතෙන් සභා හත නියෝජනය වෙයි.+

පාදසටහන්

හෝ, “හත් ගුණයකින් ක්‍රියාත්මක වන බලය.”
එනම්, එසේම වේවා!