එළිදරව් 16:1-21

16  එවිට අතිශුද්ධස්ථානයෙන් නික්මුණු මහත් හඬක්,+ “ගොස්, දෙවිගේ උදහසින්+ පිරුණු බඳුන් හත පොළොවට වත් කරන්න” කියා දේවදූතයන් හත්දෙනාට පවසන ආකාරය මට ඇසිණ.  පළමුවෙනියා+ ගොස් තම බඳුන පොළොවට වත් කළේය.+ එවිට මෘගයාගේ සලකුණ දැරූ,+ උගේ රූපයට නමස්කාර කරමින් සිටි+ මිනිසුන්ගේ ශරීරවල දරුණු මාරාන්තික වණයක්+ හටගත්තේය.  දෙවෙනියා+ තම බඳුන මුහුදට වත් කළේය.+ එය මළ මිනිසෙකුගේ ලේ මෙන් විය.+ එහෙයින් මුහුදේ සිටින සෑම ජීවියෙක්ම මිය ගියේය.+  තුන්වෙනියා+ තම බඳුන ගංගාවලටත් දිය උල්පත්වලටත් වත් කළේය.+ එවිට ඒවා ලේ විය.+  වතුර කෙරෙහි බලය ඇති දේවදූතයා මෙසේ කියනවා මට ඇසිණ. “සිටින්නාවූ සහ සිටියාවූද+ විශ්වාසවන්තකමින් පිරිපුන්+ තැනැත්තා වන ඔබ, මේ තීරණ දී තිබෙන නිසා ඔබ ධර්මිෂ්ඨය.+  මන්ද ඔවුහු ශුද්ධ තැනැත්තන්ගෙත් අනාගතවක්තෘවරුන්ගෙත් ලේ වැගිරෙව්වෝය.+ එහෙයින් ඔබ ඔවුන්ට බීම සඳහා ලේ දුන්නෙහිය.+ එය ඔවුන්ට ලැබිය යුතු සුදුසු දඬුවමකි.”+  එවිට පූජාසනයෙන් හඬක් මෙසේ කියනවා මට ඇසිණ. “එසේය, සියලු බලැති තැනැත්තා+ වන යෙහෝවා දෙවියනි, ඔබ ලබා දෙන තීන්දු විශ්වාසවන්තය, ධර්මිෂ්ඨය.”+  හතරවෙනියා+ තම බඳුන සූර්යයා මතට වත් කළේය. එවිට මිනිසුන්ව ගින්නෙන් දවාලීමට+ සූර්යයාට අවසර ලැබිණ.  මිනිසුන්ව දැඩි රස්නයකින් දවනු ලැබුවත් ඒ පීඩා කෙරෙහි අධිකාරිය ඇති+ දෙවිගේ නාමයට ඔවුහු අපහාස කළෝය.+ ඔහුට ගෞරවය ගෙන දීම සඳහා ඔවුහු පසුතැවිලි නොවූහ.+ 10  පස්වෙනියා තම බඳුන මෘගයාගේ සිංහාසනය මතට වත් කළේය.+ එවිට උගේ රාජ්‍යය අඳුරෙන් වැසී ගියේය.+ වේදනාව නිසා ජනයා තම දිව් විකාගත්තෝය. 11  තමන්ට දැනුණු වේදනාව සහ තම ශරීරවල ඇති වූ වණ නිසා ඔවුහු ස්වර්ගයේ දෙවිට අපහාස කළෝය.+ එලෙසම ඔවුන් කළ දේවල් ගැන ඔවුන් තුළ පසුතැවිල්ලක් දක්නට ලැබුණේ නැත. 12  හයවෙනියා+ තම බඳුන යුප්‍රටීස් නමැති මහ ගඟ මතට වත් කළේය.+ එවිට නැඟෙනහිරෙන් පැමිණෙන රජුන් සඳහා මාර්ගය සූදානම් කිරීමට+ එහි වතුර සිඳී ගියේය.+ 13  මකරාගේ කටින්ද+ මෘගයාගේ කටින්ද+ බොරු අනාගතවක්තෘවරයාගේ කටින්ද+ මැඩියන් වැනි වූ+ අපවිත්‍ර, අද්භූත* පණිවිඩ තුනක්+ පිට වන අයුරු දැකගැනීමට මට හැකි විය. 14  ඇත්තෙන්ම එම පණිවිඩ පැමිණෙන්නේ භූතයන්ගෙනි.+ එම පණිවිඩ මාර්ගයෙන් පුදුම දේවල් සිදු වෙයි.+ එම පණිවිඩ මුළු ලොව පුරාම සිටින+ රජුන්ට ලැබෙන්නේය.+ ප්‍රතිඵලයක් ලෙස සියලු බලැති දෙවිගේ+ මහත් දවසේදී+ සිදු වන යුද්ධය සඳහා ඔවුහු රැස් වන්නෝය.+ 15  “බලන්න, මා පැමිණෙන්නේ සොරෙකු පැමිණෙන ආකාරයටය.+ සෝදිසියෙන් සිටිමින්,+ තම වස්ත්‍ර ආරක්ෂා කරගන්නා තැනැත්තා සන්තෝෂවත්ය. එසේ සිටීමෙන් ඔහුට වස්ත්‍රයක් නොමැතිව ගමන් කිරීමට* සිදු නොවන අතර සියලුදෙනා ඉදිරියේ ලැජ්ජා වීමටද අවශ්‍ය වන්නේ නැත.”+ 16  එම පණිවිඩ ලැබූ පසු ඔවුහු, හෙබ්‍රෙව් බසින් හඳුන්වනු ලබන හර්–මගෙදොන්+ නමැති ස්ථානයට රැස් වූහ. 17  හත්වෙනියා තම බඳුන වාතයට වත් කළේය.+ එවිට අතිශුද්ධස්ථානයේ සිංහාසනය වෙතින් මහත් හඬක් පැමිණ,+ “සියල්ල අවසන්ය” කියා පැවසුවේය. 18  විදුලි කෙටීම්ද කටහඬවල්ද ගිගුරුම්ද ඇති විය. පොළොවේ මිනිසුන් බිහි වූ දා පටන් මේ වන තුරු සිදු නොවූ ආකාරයක+ මහත් භූමිකම්පාවක්ද සිදු විය.+ ඇත්තෙන්ම ඒ භූමිකම්පාව ඉතා දරුණු ලෙස පුළුල්ව විහිදී ගියේය.+ 19  මහත් නුවරද+ කොටස් තුනකට කැඩී ගියේය. ජාතීන්ට අයත් නුවරවල්ද බිඳ වැටිණ. එලෙසම දෙවි විසින් මහ බැබිලෝනියේ+ ක්‍රියාද සිහියට නඟන ලදි. එසේ සිහියට නැඟුවේ ඇයට පානය කිරීම සඳහා දෙවිගේ උදහසින් පිරුණු වයින් කුසලානය ලබා දීමටය.+ 20  සෑම දූපතක්ම පලා ගියේය. කඳුවත් සොයාගත නොහැකි විය.+ 21  අහසෙන් මහත් හිම කැට වර්ෂාවක්ද+ මිනිසුන් පිට වැටුණේය. ඒ එක් එක් හිම කැටයක බර තලෙන්තයක්* පමණ විය. හිම කැට වර්ෂාවෙන් පහර කෑ+ මිනිස්සු දෙවිට අපහාස කළෝය.+ මන්ද ඒ පීඩාව ඉතා දරුණු එකක් විය.

පාදසටහන්

ග්‍රීක බසින්, නියුමා. උපග්‍ර. 3 බලන්න.
මූ.අ., “නිරුවත්ව ගමන් කිරීමට.” ජිම්නොස් නම් ග්‍රීක වචනය, “යට ඇඳුම පමණක් පැළඳ සිටීම” වැනි අදහසක් ලබා දෙයි.
කිලෝග්‍රෑම් 20.4ක් පමණ.