එළිදරව් 7:1-17

7  ඉන්පසු දේවදූතයන් හතරදෙනෙකු+ පොළොවේ සතර කොනේ සිටගෙන සිටිනවා මම දුටුවෙමි. පොළොවටත් මුහුදටත් කිසිම ගසකටත් සුළං නොවදින පිණිස+ ඔවුහු පොළොවේ සතරදිග සුළං+ තදින් අල්ලාගෙන සිටියෝය.  එවිට මම තවත් දේවදූතයෙකු දුටිමි. ඔහු ජීවමාන දෙවිගේ මුද්‍රාවක් අතැතිව+ නැඟෙනහිර දෙසින් නැඟී ආවේය.+ ඔහු පොළොවටත් මුහුදටත් අනතුරු කිරීමට අවසර ලබා සිටි දේවදූතයන් හතරදෙනාට මහත් හඬකින්,  “අපගේ දෙවිගේ දාසයන්ගේ නළල්වල+ අප මුද්‍රා තබන තුරු+ පොළොවටවත් මුහුදටවත් ගස්වලටවත් කිසි අනතුරක් නොකරන්න” කියා කීවේය.  මුද්‍රා කරනු ලැබූ අයගේ ගණන සඳහන් කරනවා මට ඇසිණ. ඒ එක්ලක්ෂ හතළිස්හාරදහසකි.+ එසේ මුද්‍රා කරනු ලැබූ අය ඊශ්‍රායෙල්වරුන්ගේ+ සෑම ගෝත්‍රයකටම අයත්ව සිටියෝය.+  යූදා ගෝත්‍රයෙන්+ දොළොස්දහසක්දරූබෙන් ගෝත්‍රයෙන්+ දොළොස්දහසක්දගාද් ගෝත්‍රයෙන්+ දොළොස්දහසක්ද,  ආෂෙර් ගෝත්‍රයෙන්+ දොළොස්දහසක්දනෆ්තලී ගෝත්‍රයෙන්+ දොළොස්දහසක්දමනස්සේ ගෝත්‍රයෙන්+ දොළොස්දහසක්ද,  සිමියොන් ගෝත්‍රයෙන්+ දොළොස්දහසක්දලෙවී ගෝත්‍රයෙන්+ දොළොස්දහසක්දඉසකාර් ගෝත්‍රයෙන්+ දොළොස්දහසක්ද,  සෙබ්‍යූලන් ගෝත්‍රයෙන්+ දොළොස්දහසක්දයෝසෙප් ගෝත්‍රයෙන්+ දොළොස්දහසක්දබෙන්ජමින් ගෝත්‍රයෙන්+ දොළොස්දහසක්ද මුද්‍රා කරන ලදි.+  ඉන්පසු මම මහත් සමූහයක්+ දුටුවෙමි. බලන්න, එම සමූහය කිසිවෙකුට ගණන් කළ නොහැකි විය. සියලු ජාතීහුද+ ගෝත්‍රද ජනයාද+ සියලු භාෂා කතා කරන අයද+ එම සමූහයට අයත් වූහ. සුදු වස්ත්‍ර පැළඳ සිටි+ ඔවුහු සිංහාසනය ඉදිරියෙහිත්+ බැටළු පැටවා ඉදිරියෙහිත් සිටගෙන සිටියෝය. ඔවුන් අත තාල ගස්වල අතු+ තිබිණ. 10  ඔවුහු මහත් හඬින් නොනවත්වා මෙසේ කියති. “අපට ගැලවීම ලැබෙන්නේ සිංහාසනය මත ඉඳගෙන සිටින+ අපගේ දෙවිගෙන්+ හා බැටළු පැටවාගෙන්ය.”+ 11  සියලු දේවදූතයෝ+ සිංහාසනයද වැඩිමහල්ලන්ද+ ජීවීන් හතරදෙනාද+ වටා සිටගෙන සිටියෝය. ඔවුහු සිංහාසනය ඉදිරියෙහි වැඳ වැටී දෙවිට නමස්කාර කරමින්,+ 12  මෙසේ කීවෝය. “ආමෙන්! ස්තුතිය ලැබීමට සුදුසු අපගේ බලසම්පන්න+ දෙවිට සදහටම සියලු ප්‍රශංසාවත් ගෞරවයත් ප්‍රඥාවත් තේජසත් හිමි වේවා! ආමෙන්.”+ 13  එවිට එක් වැඩිමහල්ලෙක්,+ “සුදු වස්ත්‍ර පැළඳ සිටින මේ අය+ කවුද? ඔවුන් ආවේ කොතැනින්ද” කියා මාගෙන් ඇසුවේය. 14  “මාගේ ස්වාමීනි, එය දන්නේ ඔබයි” කියා මම වහාම පිළිතුරු දුන්නෙමි. එවිට ඔහු මට මෙසේ කීවේය. “ඔවුන් මහත් පීඩාවෙන් බේරී එන අයයි.+ ඔවුන් තම වස්ත්‍ර සෝදා සුදු කරගෙන තිබෙන්නේ+ බැටළු පැටවාගේ රුධිරයෙනි.+ 15  ඔවුන් දෙවිගේ සිංහාසනය ඉදිරියෙහි+ සිටින්නේ ඒ නිසාය. ඔවුහු දිවා රෑ දෙකෙහි ඔහුගේ දේවමාලිගාවෙහි ඔහුට පරිශුද්ධ සේවයක් පිරිනමමින් සිටිති.+ සිංහාසනය මත ඉඳගෙන සිටින තැනැත්තා+ ඔවුන්ව ආරක්ෂා කිරීමට තම කූඩාරම ඔවුන්ට ඉහළින් විහිදුවයි.+ 16  ඔවුන්ට කුසගින්න හෝ පිපාසය නැවතත් දැනෙන්නේ නැත. දැඩි සූර්ය රශ්මියකින්වත් දැවෙන රස්නයකින්වත් ඔවුන් තවදුරටත් පීඩා විඳින්නේ නැත.+ 17  මන්ද සිංහාසනය අසල සිටින බැටළු පැටවා+ එඬේරෙකු මෙන් ඔවුන්ව රැකබලා ගෙන+ ඔවුන්ව ජීවන වතුර ඇති උල්පත්වලට ගෙන යන්නේය.+ දෙවිද ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිස දමන්නේය.”+

පාදසටහන්