එළිදරව් 5:1-14

5  එවිට සිංහාසනය මත ඉඳගෙන සිටින තැනැත්තාගේ+ දකුණතෙහි අකුළන ලද ලියවිල්ලක් තිබෙනවා මම දුටුවෙමි. එම ලියවිල්ලේ දෙපැත්තේම එනම්, ඇතුළත හා පිටත යමක් ලියා තිබුණු අතර+ එය මුද්‍රා හතකින් තදින් මුද්‍රා කර තිබිණ.+  එසේම ශක්තිමත් දේවදූතයෙකු මහත් හඬකින් මෙසේ ප්‍රකාශ කරනවා දුටුවෙමි. “මෙම ලියවිල්ලේ මුද්‍රා කැඩීමටත් එය දිගහැරීමටත් සුදුසු තැනැත්තා කවුද?”  නමුත් එම ලියවිල්ල දිගහැරීමටවත් එය බැලීමටවත් හැකි කිසිම කෙනෙක් ස්වර්ගයෙහිත් පොළොවෙහිත් පොළෝගැබෙහිත් සිටියේ නැත.  ලියවිල්ල දිගහැරීමටවත් එය බැලීමටවත් සුදුසු කිසිවෙකු සොයාගත නොහැකි වූ නිසා මම බොහෝ සෙයින් හැඬුවෙමි.+  එවිට එක් වැඩිමහල්ලෙක් මට මෙසේ කීවේය. “ඔබේ හැඬීම නවත්වන්න. බලන්න, දාවිත්ගේ+ මුල+ එනම්, යූදා ගෝත්‍රයෙන් පැමිණි+ සිංහයා ජය ගෙන ඇත.+ එහෙයින් ලියවිල්ලේ මුද්‍රා හත කැඩීමටත් එය දිගහැරීමටත් ඔහුට පුළුවන.”  එවිට සිංහාසනය හා ජීවීන් හතරදෙනා අසලද+ වැඩිමහල්ලන් මධ්‍යයෙහිද+ බැටළු පැටවෙකු+ සිටගෙන සිටිනවා දුටුවෙමි. එම බැටළු පැටවාගේ පෙනුම මරා දමන ලද බැටළු පැටවෙකුගේ පෙනුමට සමානය.+ ඒ බැටළු පැටවාට අං හතක්ද ඇස් හතක්ද තිබිණ. ඒ ඇස්වලින් නියෝජනය වන්නේ මුළු පොළොව පුරාම යවනු ලැබූ දෙවිගේ බලයන් හතයි.+  බැටළු පැටවා පමා නොවී, සිංහාසනය මත ඉඳගෙන සිටින තැනැත්තාගේ+ දකුණතෙන් ලියවිල්ල ගත්තේය.  බැටළු පැටවා අකුළන ලද ලියවිල්ල ගත් විට ජීවීන් හතරදෙනාද වැඩිමහල්ලෝ විසිහතරදෙනාද+ බැටළු පැටවා ඉදිරියෙහි දණින් වැටුණෝය. එම වැඩිමහල්ලන්ට කුඩා වීණාවක් බැගින්ද+ සුවඳ ද්‍රව්‍යයෙන් පිරුණු රන් බඳුනක් බැගින්ද තිබිණ. ඒ සුවඳ ද්‍රව්‍යයෙන්+ නියෝජනය වන්නේ ශුද්ධ තැනැත්තන් ඉදිරිපත් කරන යාච්ඤාය.+  ඔවුහු අලුත් ගීතිකාවක්+ ගයමින් මෙසේ කියති. “ලියවිල්ල ගැනීමටත් එහි මුද්‍රා කැඩීමටත් සුදුසු තැනැත්තා ඔබයි. මන්ද ඔබව මරා දමනු ලැබූ අතර ඔබේ රුධිරයෙන්+ ඔබ සෑම ගෝත්‍රයකින්ම, භාෂාවකින්ම, ජනතාවකින්ම සහ ජාතියකින්ම මිනිසුන්ව දෙවි වෙනුවෙන්+ මිල දී ගත්තෙහිය.+ 10  ඔබ ඔවුන්ට රාජ්‍යයක් ලෙසද+ අපගේ දෙවි සඳහා+ පූජකයන් ලෙසද+ සේවය කිරීමට මඟ විවෘත කළෙහිය. පොළොවේ රජකම+ ඔවුන්ට භාර දීමට නියමිතය.” 11  මා බැලූ විට සිංහාසනයද ජීවීන්ද වැඩිමහල්ලන්ද වටා සිටි දේවදූතයන් බොහෝදෙනෙකුගේ හඬ මට ඇසිණ. ඔවුන්ගේ ගණන දසදහස් වර දසදහසක්ද+ දහස් වර දහසක්ද විය.+ 12  ඔවුහු මහත් හඬින් මෙසේ පවසති. “මරා දමනු ලැබූ බැටළු පැටවා+ සියලු බලයත් ධනයත් ප්‍රඥාවත් ශක්තියත් ගෞරවයත් ප්‍රශංසාවත් ලැබීමට වටින්නේය.”+ 13  එවිට ස්වර්ගයෙහිත් පොළොවෙහිත් පොළෝගැබෙහිත්+ මුහුදෙහිත් සිටින සියලු ජීවීන්ද ඒවායෙහි තිබෙන සියල්ලද, “සිංහාසනය මත ඉඳගෙන සිටින තැනැත්තාණන්ටත්+ බැටළු පැටවාටත්+ සදහටම ප්‍රශංසාවත් ගෞරවයත්+ තේජසත් ලැබේවා”+ කියා පවසන ආකාරය මට ඇසිණ. 14  ජීවීන් හතරදෙනාද, “ආමෙන්” කියා පැවසුවෝය. වැඩිමහල්ලෝද+ දණින් වැටී නමස්කාර කළෝය.+

පාදසටහන්