එළිදරව් 9:1-21

9  පස්වෙනි දේවදූතයාද තම හොරණෑව පිම්බේය.+ එවිට අහසෙන් පොළොවට වැටුණු තාරකාවක්+ මම දුටුවෙමි. අගාධයේ+ යතුරද+ එයට* දෙන ලදි.  වසා තිබූ ඒ අගාධය ඔහු විවෘත කළේය. එවිට මහත් උදුනක දුමක්+ හා සමාන දුමක්+ ඒ අගාධයෙන් නැඟී ආවේය. ඒ දුමෙන් ඉරත් අවට පරිසරයත් අඳුරු විය.+  ඒ දුමෙන් පළඟැටියෝ+ පොළොව මතට ආවෝය. පොළොවේ සිටින ගෝනුස්සන්ට+ තිබෙන බලය හා සමාන බලයක් උන්ට දෙන ලදි.  පොළොවේ පැළෑටිවලටත් කිසිම ශාකයකටත් කිසිම ගසකටත් අනතුරු නොකර තම නළල්වල දෙවිගේ මුද්‍රාව නැති මිනිසුන්ට පමණක් අනතුරු කරන්න කියා උන්ට අණ කරන ලදි.+  මාස පහකට ඔවුන්ට වධ දීමට+ එම පළඟැටියන්ට අවසර ලැබිණ. නමුත් ඔවුන්ව මරා දැමීමට උන්ට අවසර දුන්නේ නැත. ඔවුන්ට දැනෙන වේදනාව මිනිසෙකුට ගෝනුස්සෙකු+ ඇන්න විට දැනෙන වේදනාව හා සමාන විය.  ඒ දවස්වලදී මිනිසුන් මිය යෑමට කැමැත්තෙන් සිටියත්+ මිය යෑමට ඔවුන්ට හැකි වන්නේ නැත. මිය යෑමට ඔවුන් මහත් ආශාවකින් සිටියත් මරණය ඔවුන්ගෙන් පලා යනු ඇත.  පළඟැටියන්ගේ පෙනුම යුද්ධයට සූදානමින් සිටින අශ්වයන්ට සමානය.+ උන්ගේ හිස් මත රන් ඔටුනුවලට සමාන යමක් තිබිණ. උන්ගේ මුහුණු පුරුෂයන්ගේ මුහුණු හා සමාන විය.+  නමුත් ස්ත්‍රීන්ට සමාන කෙස් කලඹක් උන් සතු විය.+ උන්ගේ දත් සිංහයන්ගේ දත් මෙනි.+  උන් යකඩ ළයවැසුම් හා සමාන ළයවැසුම්+ පැළඳ සිටියෝය. උන්ගේ පියාපත්වල ශබ්දය යුද්ධය සඳහා දිව යන අශ්ව රථ රාශියක ශබ්දයට සමානය.+ 10  උන්ට ගෝනුස්සන්ට මෙන් වලිග සහ විෂ තුඩවල් තිබේ.+ උන්ගේ බලය තිබුණේ උන්ගේ වලිගවලය. ඒ මාස පහක් පුරා මිනිසුන්ට අනතුරු කිරීමටය. 11  උන්ට රජෙක් සිටියි. ඒ අගාධයේ දේවදූතයාය.+ හෙබ්‍රෙව් භාෂාවෙන් ඔහුගේ නම අබද්දොන්ය. ග්‍රීක භාෂාවෙන් එය අපොලියොන්ය.+ 12  එක විපතක් අවසන් වී ඇත. බලන්න! ඉන්පසු තවත් විපත් දෙකක්+ පැමිණෙනු ඇත. 13  හයවෙනි දේවදූතයා+ තම හොරණෑව පිම්බේය.+ එවිට දෙවි ඉදිරියෙහි තිබෙන රන් පූජාසනයෙහි+ අං අතරින් මට හඬක් ඇසිණ.+ 14  එම හඬ හොරණෑව අතැතිව සිටි හයවෙනි දේවදූතයාට මෙසේ පැවසුවේය. “යුප්‍රටීස් නමැති මහ ගඟ ළඟ+ බැඳ සිටින+ දේවදූතයන් හතරදෙනාව ලිහා දමන්න.”+ 15  එවිට නියමිත අවුරුද්ද, මාසය, දවස සහ පැයේදී මිනිසුන්ගෙන් තුනෙන් කොටසක් මරා දැමීම සඳහා සූදානම් කරනු ලැබූ දේවදූතයන් හතරදෙනාව ලිහා දමන ලදි. 16  අශ්වාරෝහක හමුදාවේ හේවායන්ගේ ගණන විසිදහස් වර දසදහසක් විය. ඒ ගණන ප්‍රකාශ කරනවා මට ඇසිණ. 17  දර්ශනයේ මා දුටු අශ්වයන්ද උන් පිට ඉඳගෙන සිටි අයද මෙලෙසය. ඔවුහු ගිනි මෙන් රතු පැහැති, හයසින්ත් මෙන් නිල් පැහැති, ගෙන්දගම් මෙන් කහ පැහැති ළයවැසුම් පැළඳ සිටියෝය. අශ්වයන්ගේ හිස් සිංහයන්ගේ හිස්වලට සමානය.+ උන්ගේ කටවල්වලින් ගින්දරද දුම්ද ගෙන්දගම්ද+ නික්මුණේය. 18  උන්ගේ කටවල්වලින් නික්මුණු ගින්නෙන්ද දුමෙන්ද ගෙන්දගම්වලින්ද යුත් ප්‍රහාර තුනෙන් මිනිසුන්ගෙන් තුනෙන් කොටසක් මරනු ලැබීය. 19  මන්ද ඒ අශ්වයන්ගේ බලය තිබෙන්නේ උන්ගේ කටවල්වලත් උන්ගේ වලිගවලත්ය. උන්ගේ වලිග සර්පයන්+ හා සමානය. ඒවාට හිස්ද තිබේ. ඒවායින් උන් අනතුරු කරති. 20  නමුත් ඒ පීඩාවලින් නොමැරී ඉතුරු වූ මිනිස්සු තමන් කළ දේවල් ගැන පසුතැවිලි නොවූහ.+ ඔවුහු දිගටම භූතයන්ටද+ ඇසීමටවත් දැකීමටවත් ඇවිදීමටවත් නොහැකි+ රන්, රිදී, තඹ, ගල් සහ ලීවලින් සෑදූ දේවතා රූපවලටද+ නමස්කාර කළෝය. 21  ඔවුහු තමන් කළ මිනී මැරීම්+ ගැනවත් භූතවාදී ක්‍රියා+ ගැනවත් වේශ්‍යාකම්* ගැනවත් සොරකම් ගැනවත් පසුතැවිලි නොවූහ.

පාදසටහන්

මූ.අ., “ඔහුට.”
එනම්, අවිවාහකයෙකු හෝ විවාහකයෙකු ලිංගික දුරාචාරයේ යෙදීම. උපග්‍ර. 8 බලන්න.