එළිදරව් 10:1-11

10  එවිට මම තවත් ශක්තිමත් දේවදූතයෙකු+ වලාකුළක් පැළඳ+ ස්වර්ගයෙන් බැස එන ආකාරය දුටුවෙමි. ඔහුගේ හිස මත දේදුන්නක් තිබුණු අතර ඔහුගේ මුහුණ ඉර මෙන්ද+ ඔහුගේ පාද+ ගිනිමය කණු මෙන්ද විය.  ඔහුගේ අතේ දිගහරින ලද කුඩා ලියවිල්ලක් තිබිණ. ඔහු තම දකුණු පාදය මුහුද මතද වම් පාදය පොළොව මතද තබා,+  සිංහයෙකු ගොරවන්නා සේ+ මහ හඬින් කෑගැසුවේය. ඔහු කෑගැසූ විට ගිගුරුම් හතද+ හඬ නැඟුවේය.  ඒ ගිගුරුම් හත කතා කළ විට ඒ දේවල් ලිවීමට මම සූදානම් වුණෙමි. නමුත්, “ගිගුරුම් හත පැවසූ දේවල් මුද්‍රා කර තබන්න.+ ඒවා නොලියන්න” කියා පවසන හඬක් මට ස්වර්ගයෙන් ඇසිණ.+  එවිට මුහුද සහ පොළොව මත සිටගෙන සිටිනවා මා දුටු දේවදූතයා තම දකුණත ස්වර්ගය දෙසට ඔසවා,+  ස්වර්ගයත් එහි තිබෙන දේවලුත් පොළොවත් එහි තිබෙන දේවලුත්+ මුහුදත් එහි තිබෙන දේවලුත් සෑදූ,+ සදහටම+ ජීවත් වන+ තැනැත්තාණන්ගේ නාමයෙන් දිවුරා මෙසේ පැවසුවේය. “තවදුරටත් කිසි ප්‍රමාදයක් සිදු නොවේ.+  හත්වෙනි දේවදූතයා+ ශබ්ද නඟන දවස්වලදී මෙසේ සිදු වන්නේය. ඔහු තම හොරණෑව පිඹීමට සූදානම් වන විට+ දෙවිගේ පරිශුද්ධ රහසට+ ඇතුළත් දේවල් සම්පූර්ණයෙන්ම ඉටු වනු ඇත. දෙවි තම දාසයන් වන අනාගතවක්තෘවරුන්ට+ ප්‍රකාශ කළ ශුභාරංචිය එයයි.”  එවිට ස්වර්ගයෙන් මට ඇසුණු හඬ+ නැවතත් මට මෙසේ පැවසුවේය. “ගොස්, මුහුද සහ පොළොව මත සිටගෙන සිටින දේවදූතයාගේ අතේ තිබෙන දිගහරින ලද ලියවිල්ල ගන්න.”+  මමද දේවදූතයා වෙතට ගොස් කුඩා ලියවිල්ල මට දෙන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටියෙමි. ඔහුද, “එය රැගෙන කන්න.+ එය ඔබේ කටට මීපැණි මෙන් මිහිරි වෙයි. නමුත් එය ඔබේ උදරය තිත්ත කරයි” කියා මට පැවසුවේය. 10  මම දේවදූතයාගේ අතින් ඒ කුඩා ලියවිල්ල රැගෙන කෑවෙමි.+ එය මගේ කටට මීපැණි මෙන්+ මිහිරි වුවත් එය කෑමෙන් පසු මගේ උදරය තිත්ත විය. 11  එවිට මට මෙසේ පවසන ලදි. “ඔබ ජනයා ගැනද ජාතීන් ගැනද විවිධ භාෂා කතා කරන අය ගැනද බොහෝ රජවරුන් ගැනද නැවතත් අනාවැකි පැවසිය යුතුයි.”+

පාදසටහන්