එළිදරව් 15:1-8

15  මම ස්වර්ගයෙහි තවත් ලකුණක් දුටුවෙමි.+ එය ඉතා ප්‍රබල මෙන්ම විස්මයජනක ලකුණකි. දේවදූතයෝ හත්දෙනෙක්+ පීඩා හතක්+ අතැතිව සිටියෝය. ඒවායින් දෙවිගේ උදහස+ අවසන් වන නිසා+ ඒවා හඳුන්වනු ලබන්නේ අවසන් පීඩා ලෙසය.  එවිට ගිනි මිශ්‍ර වූ වීදුරු මුහුදක්+ හා සමාන දෙයක් මම දුටුවෙමි. ඒ වීදුරු මුහුද අසල+ මෘගයාගෙන්ද උගේ රූපයෙන්ද+ උගේ නමෙහි අංකයෙන්ද+ ජය ලැබූ අය,+ දෙවිගෙන් ලැබුණු කුඩා වීණා ඇතුව+ සිටගෙන සිටියෝය.  ඔවුහු දෙවිගේ දාසයා වූ මෝසෙස්ගේ ගීතයද+ බැටළු පැටවාගේ ගීතයද+ ගයමින් මෙසේ කීවෝය. “සියලු බලැති තැනැත්තා+ වන යෙහෝවා දෙවියනි, ඔබේ ක්‍රියා කොතරම් ශ්‍රේෂ්ඨද! කොතරම් විස්මයජනකද!+ සදාකාල රජ්ජුරුවනි, ඔබ කරන සෑම දෙයක්ම ධර්මිෂ්ඨය,+ විශ්වාසවන්තය.+  යෙහෝවා+ දෙවියනි, ඔබට සැබවින්ම ගරුබිය නොදක්වන්නෙත්+ ඔබේ නාමයට ගෞරව නොකරන්නෙත් කවුද?+ මන්ද විශ්වාසවන්තකමින් පිරිපුන් එකම තැනැත්තා ඔබය.+ ඔබේ ධර්මිෂ්ඨ අණපනත් පැහැදිලිව දක්නට ලැබෙන නිසා+ සියලු ජාතීන් ඇවිත් ඔබ ඉදිරියෙහි නමස්කාර කරනු ඇත.”+  ඉන්පසු සාක්ෂියක් සඳහා+ ඉදි කර ඇති කූඩාරමේ අතිශුද්ධස්ථානය+ ස්වර්ගයෙහි විවෘත කර තිබෙන ආකාරය+ දැකගැනීමට මට හැකි විය.  එලෙසම පීඩා හත අතැතිව+ සිටි දේවදූතයෝ හත්දෙනා+ අතිශුද්ධස්ථානයෙන් පිටතට ආවෝය. ඔවුන් පිරිසිදු, දීප්තිමත් ලිනන් වස්ත්‍ර+ පැළඳ සිටි අතර ඔවුන්ගේ ළය වටා රන් පටි බැඳ තිබිණ.  එවිට ජීවීන් හතරදෙනාගෙන්+ එක් කෙනෙක් සදාකාලයටම ජීවත් වන+ දෙවිගේ උදහසින් පිරුණු රන් බඳුන් හතක්+ දේවදූතයන් හත්දෙනාට දුන්නේය.  දෙවිගේ තේජස නිසාත් ඔහුගේ බලමහිමය නිසාත් අතිශුද්ධස්ථානය දුමින් පිරී ගියේය.+ දේවදූතයන් හත්දෙනාගේ පීඩා හත නිමා වන තුරු+ අතිශුද්ධස්ථානයට ඇතුල් වීමට කිසිවෙකුට නොහැකි විය.

පාදසටහන්