සෙකරියා 14:1-21

14  “යෙහෝවා දෙවිගේ දවස පැමිණෙන්නේය.+ ඒ දවසේදී, සතුරා ඔබේ වස්තු කොල්ල කා ඒවා ඔබ ඉදිරියේම එකිනෙකා අතරේ බෙදාගනු ඇත.  යෙරුසලමට විරුද්ධව යුද්ධ කිරීමට දෙවි සියලු ජාතීන්ව රැස් කරන්නේය.+ ඔවුහු ඇවිත් නුවර අල්ලාගෙන,+ ගෙවල් කොල්ල කා ස්ත්‍රීන්ව දූෂණය කරන්නෝය.+ නුවරේ වැසියන්ගෙන් අඩක්ම පැහැරගන්නෝය.+ නමුත් ඉතුරු අයව+ පැහැරගැනීමට ඔවුහු සමත් වන්නේ නැත.+  “නමුත් යෙහෝවා දෙවි අතීතයේ තම සතුරන්ට විරුද්ධව සටන් කළාක් මෙන්+ ඒ ජාතීන්ට විරුද්ධවද යුද්ධ කරන්නේය.+  එදින දෙවි, යෙරුසලමට නැඟෙනහිරෙන් පිහිටි කන්ද+ මත සිටගන්නේය. එවිට ඔලීව ගස් ඇති ඒ කන්ද*+ දෙපළු වී,+ කන්දෙන් කොටසක් උතුරු පැත්තටත් අනික් කොටස දකුණු පැත්තටත් වෙන් වී යනු ඇත. ඉන්පසු නැඟෙනහිර සිට බස්නාහිර දක්වා විහිදී යන විශාල නිම්නයක් ඇති වන්නේය.  දෙවිගේ කඳු දෙක අතරේ තිබෙන ඒ නිම්නය ආෂෙල් දක්වාම දිව යනු ඇත. යූදාහි රජු වූ උසියාගේ කාලයේදී+ භූමිකම්පාව ඇති වූ විට ආරක්ෂාව පතා ඔබ පලා ගියාක් මෙන් එදින ආරක්ෂාව පතමින් ඒ නිම්නය වෙතට ඔබ දිව යන්නහුය.+ එදින මාගේ දෙවි වන යෙහෝවා ඔහුගේ සියලු ශුද්ධ තැනැත්තන් සමඟ+ ඒ ජාතීන්ට දඬුවම් කිරීමට පැමිණෙනු ඇත.+  “ඒ දවසේදී කිසි ආලෝකයක් දක්නට නොලැබෙයි.+ අධික ශීතල නිසා සියල්ල මිදෙන්නේය.+  එය යෙහෝවා දෙවිගේ දවස ලෙස හැඳින්වෙන විශේෂ දවසකි.+ ඒ දවසේදී දවාල හා රාත්‍රිය අතර වෙනස නොපෙනෙනු ඇත.+ සවස් වරුවේ පවා ආලෝකය එක සේ පවතිනු ඇත.+  එදින යෙරුසලමෙන්+ ජීවනදායක වතුර ගලා එන්නේය.+ ගලා එන ඒ වතුරෙන් භාගයක් නැඟෙනහිර දෙසින් පිහිටි මුහුදටත්+ ඉතුරු භාගය බස්නාහිර දෙසින් පිහිටි මුහුදටත්+ ගලා යනු ඇත. ගිම්හාන කාලයේදී මෙන්ම ශීත කාලයේදීත් ඒ වතුර නොනැවතී ගලා එනු ඇත.+  යෙහෝවා දෙවි මුළු පොළොවටම රජ වන්නේය.+ ඒ කාලයේදී සියලුදෙනා යෙහෝවා දෙවිව එකම සැබෑ දෙවි ලෙස පිළිගනු ඇත.+ ඔහුව එක නාමයකින් හඳුන්වනු ඇත.+ 10  “ගෙබා නගරයේ+ සිට යෙරුසලමට දකුණෙන් පිහිටි රිම්මොන් නගරය+ දක්වා ඇති මුළු දේශයම, අරබා නිම්නය+ මෙන් පහත් බිමක් බවට පත් වන්නේය. එහෙත් යෙරුසලම සියල්ලට ඉහළින් ස්ථිර ලෙස පිහිටවනු ඇත. බෙන්ජමින් දොරටුවේ+ සිට පළමුවන දොරටුව දක්වාද එතැන සිට කොනේ දොරටුව දක්වාද හනානෙල්ගේ මුරකොටුවේ+ සිට රජතුමාගේ වයින් යන්ත්‍ර ඇති ස්ථානය දක්වාද ඇති මුළු ප්‍රදේශයම ජනාවාස වන්නේය.+ 11  සෙනඟ යෙරුසලමෙහි සුරක්ෂිතව කල් ගෙවනු ඇත.+ නැවත කිසිදා එහි වැසියන්ව විනාශයට නියම කරන්නේ නැත.+ 12  “යෙරුසලමට විරුද්ධව යුද්ධ කිරීමට පැමිණෙන සියලුදෙනා+ මතට යෙහෝවා දෙවි ගෙනෙන වසංගතය මෙයයි. පණපිටින් සිටිද්දීම ඔවුන්ගේ ශරීර කුණු වී යනු ඇත.+ ඔවුන්ගේ ඇස්ද දිව්ද කුණු වී යනු ඇත. 13  “ඒ දවසේදී, යෙහෝවා දෙවි ඔවුන් සියලුදෙනාවම වියවුල් කරන්නේය.+ ඔවුහු තම තමන්ගේ මිත්‍රයාට විරුද්ධව සටන් කරන්නෝය. 14  යූදා දේශයේ සියලුම වැසියෝද යෙරුසලමේ උපකාරයට පැමිණ ඔවුන් සමඟ සටන් කරන්නෝය. ඔවුහු ඒ අවට ජාතීන්ගේ රන්, රිදී, ඇඳුම් පැළඳුම් ඇතුළු මුළු වස්තු සම්භාරයම එකතු කරගන්නෝය.+ 15  “ඒ වසංගතයෙන් අශ්වයෝද කොටළුවෝද ඔටුවෝද බූරුවෝද කඳවුරුවල සිටින අනිකුත් සියලු සත්තුද පහර කන්නෝය. 16  “යෙරුසලමට විරුද්ධව යුද්ධ කිරීමට පැමිණි ඒ ජාතීන් අතරින් යම් පිරිසක් ඒ වසංගතයෙන් බේරෙනු ඇත.+ ඒ අය වසරක් වසරක් පාසා,+ ස්වර්ගයේ සේනාවල අධිපතිද රජ්ජුරුවන්ද වන+ යෙහෝවා දෙවිට නමස්කාර කිරීම සඳහාත්+ පැල් උත්සවය පැවැත්වීම සඳහාත්+ ඒ නුවරට යන්නෝය. 17  පොළොවේ ජාතීන් අතරින්+ යම් ජාතියක් ස්වර්ගයේ සේනාවල අධිපතිද රජ්ජුරුවන්ද වන යෙහෝවා දෙවිට නමස්කාර කිරීම සඳහා යෙරුසලමට පැමිණෙන්නේ නැත්නම්,+ ඔවුන්ගේ දේශයට වර්ෂාව නොලැබෙනු ඇත.+ 18  ඊජිප්තු දේශයේ වැසියන් දෙවිට නමස්කාර කිරීමට පැමිණෙන්නේ නැත්නම් ඔවුන්ටත් සිදු වන්නේ ඒ දේමය. පැල් උත්සවය පැවැත්වීමට යෙරුසලමට නොපැමිණෙන සෑම කෙනෙකුටම යෙහෝවා දෙවි ඒ වසංගතයෙන් පහර දෙනු ඇත. 19  ඊජිප්තු දේශයේ වැසියන් හෝ වෙනත් ජාතීන්ට අයත් ජනයා හෝ පැල් උත්සවය+ පැවැත්වීමට යෙරුසලමට පැමිණෙන්නේ නැත්නම් ඔවුන්ටද එම දඬුවම විඳින්න සිදු වෙයි. 20  “ඒ දවසේදී,+ ‘ශුද්ධකමේ උල්පත යෙහෝවා දෙවිය’+ කියා, අශ්වයන්ට පළඳවන ගෙජ්ජිවල කොටා තිබෙනු ඇත. ඒ කාලයේදී, පූජාසනය+ ළඟ තිබෙන භාජනවලට+ අමතරව යෙහෝවා දෙවිගේ ගෘහයේ පිසීමට ගන්නා විශාල භාජනද+ භාවිත කරනු ලබයි. 21  යෙරුසලමේ හා යූදා දේශයේ පිසීමට ගන්නා සියලු භාජනද ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවිට කැප කළ ශුද්ධ භාජන ලෙස සලකනු ලබයි. පූජා ඔප්පු කරන අය එම භාජනවල පූජා කළ සතුන්ගේ මස් තම්බන්නෝය.+ ඒ කාලයේදී, ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවිගේ ගෘහයේ+ කානානිවරයෙකු* දකින්න ලැබෙන්නේ නැත.”+

පාදසටහන්

හෝ, “ඔලීව කන්ද.”
හෝ, “වෙළදාම් කරන්නෙක්.”