සෙකරියා 13:1-9

13  “ඒ කාලයේදී,+ දාවිත්ගේ පෙළපතේ අය හා යෙරුසලමේ වැසියන් කළ අපවිත්‍ර දේ පහ කර දමන පිණිසත්+ පව් සෝදාහරින පිණිසත්+ ළිඳක් හාරනු ලබන්නේය.”+  ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “ඒ කාලයේදී, මම දේශයේ වැසියන් නමස්කාර කරන දේවතා රූප සහමුලින්ම විනාශ කරන්නෙමි. ඉන්පසුව ඒ දෙවිවරුන්ව ඔවුන්ගේ මතකයටවත් නැඟෙන්නේ නැත.+ බොරු අනාගතවක්තෘවරුන්වද+ භූතයන්ගේ බලපෑමද මම දේශයෙන් තුරන් කර දමන්නෙමි.+  ඉන්පසු යමෙකු බොරු අනාවැකි ප්‍රකාශ කළොත් ඔහුගේ මවද පියාද ඔහුට මෙසේ කිව යුතුයි. ‘ඔබ යෙහෝවා දෙවිගේ නමින් බොරු අනාවැකි පැවසූ නිසා තවදුරටත් ජීවත් වීමට වටින්නේ නැත.’ ඔහුගේ මව සහ පියා ඔහුට ඇන ඔහුව මරා දැමිය යුතුයි.+  “ඒ කාලයේදී, බොරු අනාගතවක්තෘවරු තමන් දුටු දර්ශන ගැනත් තමන් පැවසූ අනාවැකි ගැනත් ලැජ්ජාවට පත් වන්නෝය.+ ඔවුහු තවදුරටත් මනුෂ්‍යයන්ව මුළා කරවන පිණිස ලොම්වලින් නිමැවූ නිලවස්ත්‍ර+ අඳින්නේ නැත.  ඒ අනාගතවක්තෘවරු තමන් ගැනම මෙසේ පවසනු ඇත. ‘මම අනාගතවක්තෘවරයෙක් නොවෙයි. මම ගොවියෙක්. මා තරුණයෙක්ව සිටියදී මිනිසෙකු මාව දාසකමට මිල දී ගත්තා.’  ‘එසේනම් ඔබේ ශරීරය මෙසේ තුවාල වුණේ කොහොමද’ කියා යමෙක් ඔහුගෙන් ඇසූ විට ඔහුට මෙසේ පැවසීමට සිදු වෙයි. ‘මම ආදරය කරන අය මට පහර දුන්නා.’”  ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “කඩුව, දැන් නැඟිට මා පත් කළ එඬේරාට+ පහර දෙන්න. මා සමඟ කිට්ටුවෙන් වැඩ කළ තැනැත්තාට+ පහර දෙන්න. එඬේරාට පහර දෙන්න.+ එවිට රැළේ බැටළුවෝ සීසීකඩ විසිරී යනු ඇත.+ නමුත් සමාජයේ පහත්යයි සලකන අයට මම අනුකම්පා කර මාගේ ප්‍රේමය පෙන්වන්නෙමි.”+  යෙහෝවා දෙවි තවදුරටත් මෙසේ පවසන්නේය. “මේ දේශයේ වෙසෙන මුළු සෙනඟගෙන් තුනෙන් දෙකක් විනාශ වී යනු ඇත.+ නමුත් සෙනඟගෙන් තුනෙන් එකක් බේරී ජීවත් වන්නෝය.+  රන් හා රිදී ගින්නට දමා අපද්‍රව්‍ය ඉවත් කරන්නාක් මෙන්+ බේරී ජීවත් වන ඒ අයව මම සෝදිසි කර+ පවිත්‍ර තත්වයකට ගෙනෙන්නෙමි.+ ඒ සෙනඟ මාගේ නාමය කියා මට හඬගසනු ඇත. එවිට මමද ඔවුන්ට පිළිතුරු දෙන්නෙමි.+ ‘මේ මාගේ සෙනඟ’+ කියා මම ඔවුන්ව පිළිගන්නෙමි. ඔවුහුද, ‘යෙහෝවා අපේ දෙවිය’ කියා කියනු ඇත.”+

පාදසටහන්