සෙකරියා 2:1-13

2  මම නැවතත් දර්ශනයක් මාර්ගයෙන් බිම මැනීමට භාවිත කරන ලණුවක් අතැති මිනිසෙකුව දුටුවෙමි.+  “ඔබ කොහේද යන්නේ” කියා මම ඔහුගෙන් ඇසුවෙමි. “මම යන්නේ යෙරුසලමේ දිග පළල මනින්නයි”+ කියා ඔහු මට කීවේය.  එවිට මා සමඟ කලින් කතා කරමින් සිටි දේවදූතයා මා වෙතින් ඉවත්ව ගියේය. ඒ වේලාවේදී, ඔහුව හමු වීමට තවත් දේවදූතයෙක් පැමිණියේය.  ඔහු පළමු දේවදූතයාට මෙසේ කීවේය. “අර තරුණයා වෙතට දුව ගොස් මෙසේ පවසන්න. ‘“යෙරුසලම, අතිමහත් ජන පිරිසක් සහ සතුන් විශාල ප්‍රමාණයක් වාසය කරන පවුරකින් වට කළ නොහැකි විශාල දේශයක් මෙන් වනු ඇත.+  මම ඒ දේශය ගින්නකින් වට කර+ මාගේ තේජසින් පුරවන්නෙමි” කියා යෙහෝවා දෙවි කියන්නේය.”’”+  තවදුරටත් යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “පොළොවේ සතර දිශාවට මා විසුරුවාහැරිය ජනයෙනි,+ සවන් දෙන්න!” යෙහෝවා දෙවි මෙසේද පවසන්නේය. “ප්‍රමාද නොවී දැන් උතුරු දේශයෙන් පිටත්ව එන්න.”+  “සියොන් ජනයෙනි,+ සවන් දෙන්න! බැබිලෝනියෙන් පලා එන්න.+  ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි ගෞරවයට පත් වීමෙන් අනතුරුව,+ ඔබව සූරා කෑ ජාතීන්+ ළඟට මාව යවමින් මෙසේ කීවේය. ‘යමෙක් ඔබට හිරිහැර කළොත්+ මා එය සලකන්නේ මාගේ ඇසේ කලු ඉංගිරියාවට අත ගසන්නාක් මෙනි.+  එබැවින් මම ඒ ජාතීන්ට පහර දෙන්නෙමි.+ ඔවුන් වහල්භාවයේ තබාගත් අයම ඔවුන්ගෙන් කොල්ල කන්නෝය.’+ එවිට ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි මාව එවූ බව ඔබ දැනගනු ඇත.+ 10  යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “සියොන් දියණිය, ප්‍රීතියෙන් පිනා යන්න. ප්‍රීති ඝෝෂා නඟන්න.+ මන්ද මම ඔබ අතරට පැමිණ+ ඔබ සමඟ වාසය කරන්නෙමි.+ 11  ඒ කාලයේදී, බොහෝ ජාතීහු යෙහෝවා දෙවි වන මා වෙතට එක් රැස් වී+ මට අයිති සෙනඟක් බවට පත් වන්නෝය.+ මමද ඔබ සමඟ වාසය කරන්නෙමි.” එවිට මාව එව්වේ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි බව ඔබ දැනගනු ඇත.+ 12  ඒ කාලයේදී යෙහෝවා දෙවි, ශුද්ධ දේශයෙන් තමන්ගේ උරුමය ලෙස තෝරාගන්නේ යූදා සෙනඟවය.+ ඔහු යෙරුසලමද තෝරාගන්නේය.+ 13  ජනයෙනි, යෙහෝවා දෙවි ඉදිරියේ නිහඬ වන්න.+ මන්ද දෙවි මහත් උද්‍යෝගයෙන් තම ශුද්ධ වාසස්ථානයෙන්+ නික්ම එන්නේය.+

පාදසටහන්