සෙකරියා 6:1-15

6  මම දර්ශනයක් මාර්ගයෙන් තඹ පැහැති කඳු දෙකක් අතරින් අශ්ව රථ හතරක් එනවා දුටුවෙමි.  පළමුවෙන් පැමිණි අශ්ව රථයේ බැඳ සිටියේ රතු පැහැති අශ්වයෝය.+ දෙවන අශ්ව රථයේ කලු පැහැති අශ්වයෝ+ බැඳ සිටියෝය.  තුන්වන අශ්ව රථයේ සුදු පැහැති අශ්වයෝද+ හතරවන අශ්ව රථයේ විවිධ පැහැයෙන් යුත් පුල්ලි වැටුණු අශ්වයෝද+ බැඳ සිටියෝය.  මා සමඟ කතා කරමින් සිටි දේවදූතයාගෙන් මම මෙසේ ඇසුවෙමි. “මාගේ ස්වාමීනි, මේ අශ්ව රථ පැමිණීමේ අරමුණ කුමක්ද?”+  එවිට දේවදූතයා මට මෙසේ පැවසුවේය. “මේ අශ්ව රථවලින් නියෝජනය කරන්නේ දේවදූතයන් හතරදෙනෙක්ය.+ මුළු පොළොවටම අධිපති වන තැනැත්තාණන්+ ඉදිරියේ පෙනී සිටි+ ඔවුහු දැන් ඔහුගේ අණ පරිදි පිටත්ව ආවෝය.+  කලු පැහැති අශ්වයන් ගමන් කරන්නේ උතුරු දෙසින් පිහිටි දේශයටය.+ සුදු පැහැති අශ්වයෝ ආපස්සට හැරී මුහුද දෙසට ගමන් කරන්නෝය. පුල්ලි වැටුණු අශ්වයන්ව දකුණු දෙසින් පිහිටි දේශයට+ යවන ලදි.  සෝදිසි කර බැලිය යුතු ප්‍රදේශ තවත් තිබේදැයි සොයා බැලීමටත්+ පුල්ලි වැටුණු අශ්වයන්ට+ නියම කර තිබේ. උන් ඒ ප්‍රදේශවලටත් යා යුතුය.” එවිට දේවදූතයා, “ඔබට පවරා ඇති ප්‍රදේශය පුරාම ගමන් කරන්න” කියා උන්ට පැවසූ විට උන් පිටත්ව ගියෝය.  ඉන්පසු ඔහු මහත් හඬින් මට මෙසේ පැවසුවේය. “උතුරු දේශයට+ ගිය අශ්වයන් නිසා ඒ දේශයට විරුද්ධව ඇවිළුණු යෙහෝවා දෙවිගේ උදහස නිවුණේය.”+  යෙහෝවා දෙවි මට තවදුරටත් මෙසේ පැවසුවේය. 10  “බැබිලෝනියේ පදිංචිව සිටින මාගේ සෙනඟ අතරින් පිටත්ව එන හෙල්දයි, ටොබීයා හා යෙදායා ගෙනෙන දේවලින් කොටසක් ඔබ ගන්න.+ ඔවුන් පැමිණෙන දවසේදීම ඔබ ඔවුන් තිදෙනාත් සමඟ ශෙපනියාගේ+ පුත් යොෂියාගේ ගෙදරට යන්න. 11  ඔබ ගන්න රන් රිදීවලින් ඉතා අලංකාර ඔටුන්නක් සාදා,+ යෙහොෂාදාක්ගේ පුත්‍රයා වන උත්තම පූජක යොෂුවාට පළඳවන්න.+ 12  ඉන්පසු ඔබ ඔහුට මෙසේ කියන්න.“‘ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි මෙසේ පැවසුවේය. “අංකුරය ලෙස හඳුන්වන+ තැනැත්තා මොහුය.+ ඔහු තමාගේ ස්ථානයේදී වර්ධනය වී යෙහෝවා දෙවි වන මාගේ ගෘහය නැවත ගොඩනඟන්නේය.+ 13  යෙහෝවා දෙවි වන මාගේ ගෘහය නැවත ගොඩනඟන ඔහුට ගෞරවය හිමි වන්නේය.+ ඔහු තම සිංහාසනය මත වාඩි වී රජකම් කරන්නේය. රජකම් කරන අතරතුරේදී ඔහු පූජකයෙකු ලෙසද කටයුතු කරනු ඇත.+ ඔහු ඒ තනතුරු දෙකම හොඳින් හසුරුවනු ඇත.+ 14  හේලෙම්, ටොබීයා, යෙදායා+ හා ශෙපනියාගේ පුත් හෙන් කළ දේ සිහි කරන පිණිස+ යොෂුවාට පැළඳෙවූ ඔටුන්න යෙහෝවා දෙවි වන මාගේ ගෘහයේ තබනු ඇත. 15  යෙහෝවා දෙවි වන මාගේ ගෘහය ගොඩනැඟීම සඳහා දුර ඈත සිට මනුෂ්‍යයෝ පැමිණෙනු ඇත.”+ ඔබ ඔබේ දෙවි වන යෙහෝවාගේ හඬට ඇහුම්කන් දුන්නොත්+ මාව එව්වේ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි බව ඔබ දැනගනු ඇත.’”+

පාදසටහන්