සෙකරියා 8:1-23

8  ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි මට නැවත මෙසේ පැවසුවේය.  “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි මමය.+ මාගේ සෙනඟට සිදු වූ විපත දැක මගේ උදහස බොහෝ සෙයින් ඇවිළුණේය. මම සියොන් වෙනුවෙන් නැඟී සිටින්නෙමි.+ ඔවුන්ගේ සතුරන් පිට මගේ උදහස වගුරුවන්නෙමි.”+  “යෙහෝවා දෙවි වන මම නැවත සියොන් වෙතට පැමිණ+ යෙරුසලමේ වාසය කරන්නෙමි.+ ඒ කාලයේදී, යෙරුසලම සැබෑකමේ නුවර ලෙස හඳුන්වනු ලැබේ.+ ස්වර්ගයේ සේනාවල අධිපති වූ යෙහෝවා දෙවි වන මාගේ කන්ද,+ ශුද්ධ කන්ද+ ලෙස හඳුන්වනු ලැබේ.”  “ස්වර්ගයේ සේනාවල අධිපති වන මා යෙහෝවා දෙවිය. ඒ කාලයේදී, සැරයටි අතැති ඉතා වයසක ස්ත්‍රීහු හා පුරුෂයෝ පවා යෙරුසලමේ ප්‍රධාන මංසන්ධිවල විවේක සුවයෙන් කල් ගෙවනු ඇත.+  ඒ මංසන්ධි පුරා දුව පැන සෙල්ලම් කරන දරුදැරියන්ද දක්නට ලැබෙයි.”+  “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි මමය. මේ දේවල් කෙදිනකවත් ඉෂ්ට විය නොහැකියි කියා මේ සෙනඟ සිතන්නෝය. නමුත් මා ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවිය. එබැවින් ඒ දේ ඉටු කිරීමට මට කිසිසේත් අපහසු වන්නේ නැත.”+  “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි මමය. නැඟෙනහිරෙන් හා බස්නාහිරෙන් පිහිටි දේශවලින් මාගේ සෙනඟව මම ගලවාගන්නෙමි.+  ඔවුන්ව යෙරුසලමට ගෙනැවිත් එහි පදිංචි කරවන්නෙමි.+ විශ්වාසවන්තව හා ධර්මිෂ්ඨ ලෙස කටයුතු කරන මම ඔවුන්ගේ දෙවි වන්නෙමි.+ ඔවුහු මාගේ සෙනඟ වන්නෝය.”+  “ජනයෙනි, ස්වර්ගයේ සේනාවල අධිපති ලෙස හඳුන්වන යෙහෝවා දෙවි වන මාගේ ගෘහය නැවත ගොඩනඟන්න අත්තිවාරම දැමූ දවසේ සිට+ මේ දක්වා අනාගතවක්තෘවරුන් කියූ ඒ සෑම කාරණයක්ම ඔබ අසා ඇත.+ එබැවින් ධෛර්යවත් වී ඔබට දී තිබෙන වැඩ කොටස කරන්න.+ මා ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවිය. 10  ඒ කාලයේදී, මිනිසෙකුටවත් සතෙකුටවත් තමන් කළ වැඩවලට කුලියක් ලැබුණේ නැත.+ සතුරු උවදුරු නිසා කිසිවෙකුට නිදහසේ ගමන්බිමන් යන්නවත් නොහැකි විය.+ සෙනඟ අතරේ මෙවැනි භේදකාරී තත්වයක් පවතින්න මම ඉඩහැරියෙමි.”+ 11  “නමුත් දැන් ඉතුරු වී සිටින මේ සෙනඟ සමඟ මා ක්‍රියා කරන්නේ ඊට වඩා වෙනස් ආකාරයකටය.+ මා ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවිය. 12  මම සමාදානය නමැති බීජ ඔබ අතරේ වපුරන්නෙමි.+ මිදිවැලෙන් පලදාවද+ කෙතෙන් අස්වැන්නද+ අහසින් පිනිද ඔබට දෙන්නෙමි.+ බේරී ජීවත් වන මාගේ සෙනඟට+ මේ සෑම දෙයක්ම උරුම වනු ඇත.+ 13  යූදා හා ඊශ්‍රායෙල් දේශයේ වැසියෙනි,+ ජාතීන් ඔබව ශාප ලත් සෙනඟක් ලෙස සැලකූ බව ඇත්තයි.+ නමුත් මම ඔබව ගලවාගන්නෙමි. එවිට ඔබ මාර්ගයෙන් ජාතීහු ආශීර්වාද ලබන්නෝය.+ එබැවින් භය නොවන්න.+ ධෛර්යවත් වී ඔබට දුන් වැඩ කොටස නිම කරන්න.”+ 14  “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි මමය. ඔබේ මුතුන්මිත්තන් දුෂ්ට ලෙස ක්‍රියා කර මාව උදහස් කළ නිසා ඔබව විනාශ කර දමන්න මම තීරණය කළෙමි.+ ඒ අවස්ථාවේදී මට ඔබ ගැන කිසි අනුකම්පාවක් දැනුණේ නැත.+ එහෙත් ස්වර්ගයේ සේනාවල අධිපති වූ යෙහෝවා දෙවි වන මම, 15  නැවතත් යෙරුසලමට හා යූදා දේශයේ වැසියන්ට කරුණාවන්තව සලකන්න තීරණය කළෙමි.+ ඒ නිසා භය නොවන්න.”+ 16  “නමුත් ඔබ මේ අත්‍යවශ්‍ය කාරණා ඉටු කළ යුතුයි.+ ඔබ එකිනෙකා සමඟ ඇත්ත කතා කළ යුතුයි.+ නුවර දොරටුව අසල නඩු විභාග කරන විට සත්‍යය කුමක්දැයි සොයා බලා සමාදානය රැකෙන ලෙස කටයුතු කළ යුතුයි.+ 17  ඔබ තවත් කෙනෙකුට විරුද්ධව දුෂ්ට දේවල් කුමන්ත්‍රණය නොකළ යුතුයි.+ ඔබ බොරු සාක්ෂි නොදිය යුතුයි.+ මන්ද යෙහෝවා දෙවි වන මම මේ සෑම දෙයක්ම හෙළාදකිමි.”+ 18  ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි මට නැවත කතා කර මෙසේ පැවසුවේය. 19  “ඔබ මුළු සිතින්ම සත්‍යයට ප්‍රිය කර සමාදානය රැකෙන සේ ක්‍රියා කරන්න.+ එවිට හතරවන,+ පස්වන,+ හත්වන+ හා දහවන මාසවලදී+ නිරාහාරව සිටිනවා වෙනුවට උත්සව දවස් සමරමින් ප්‍රීති වීමට යූදා සෙනඟට අවස්ථාවක් උදා වනු ඇත.+ මා ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවිය.” 20  “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි මමය. විවිධ නගරවල වැසියන් මේ නුවරට පැමිණෙන කාලයක් ඉදිරියේදී එනු ඇත.+ 21  එක නගරයක වැසියෝ තවත් නගරයකට ගොස් මෙසේ කියනු ඇත. ‘ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවිගේ අනුමැතිය ලබාගන්නා පිණිස+ යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම් පැතීමට අපි දැන් යනවා.+ ඔබත් පමා නොවී අප සමඟ එන්න.’+ 22  එදින විශාල සෙනඟක් හා බලවත් ජාතීහු ස්වර්ගයේ සේනාවල අධිපති වූ යෙහෝවා දෙවි වන මාගේ අනුමැතිය ලබාගන්නා පිණිස යෙරුසලමට පැමිණ යෙහෝවා දෙවි වන මාගෙන් මඟ පෙන්වීම් පතනු ඇත.”+ 23  “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි මමය. ඒ දවස්වලදී, සෑම භාෂාවක්ම නියෝජනය කරන විවිධ ජාතීන්ට අයත් මිනිස්සු දසදෙනෙක්+ යුදෙව් ජාතිකයෙකු+ වෙත පැමිණ, ඔහුගේ වස්ත්‍රය අල්ලාගෙන+ මෙසේ පවසනු ඇත. ‘දෙවි ඔබ සමඟ සිටින බව අපට ආරංචි විය.+ එහෙයින් ඔබ සමඟ යන්න අපි සතුටු වන්නෙමු.’”+

පාදසටහන්