Skip to content

පටුනට යන්න

බයිබලයේ කියන්නේ මොනවාද?

බයිබලයේ කියන්නේ මොනවාද?

හර්–මගෙදොන් කියන්නේ මොකක්ද?

සමහරු හිතනවා . . .

න්‍යෂ්ටික අවි නිසා නැත්නම් පරිසර විනාශය නිසා සිද්ධ වෙන ලෝක විනාශය හඳුන්වන්න කියන නමක් කියලා. ඔයා මොකක්ද හිතන්නේ?

බයිබලයේ කියන්නේ මෙහෙමයි

හර්–මගෙදොන් කියන්නේ දුෂ්ට මිනිසුන්ව විනාශ කරන “සියලු බලැති දෙවිගේ මහත් දවසේදී සිදු වන යුද්ධය” සිද්ධ වෙන සංකේතාත්මක ස්ථානයටයි.—එළිදරව් 16:14, 16.

බයිබලයේ මෙහෙමත් කියනවා

  • දෙවියන් හර්–මගෙදොන් යුද්ධය ගෙනෙන්නේ පොළොව විනාශ කරන්න නෙමෙයි, පොළොව විනාශ කරන මිනිසුන්ගෙන් පොළොව බේරාගන්නයි.—එළිදරව් 11:18.

  • හර්–මගෙදොන් යුද්ධයෙන් හැම යුද්ධයක්ම නිමා කරනවා.—ගීතාවලිය 46:8, 9.

හර්–මගෙදොන් යුද්ධයෙන් බේරෙන්න පුළුවන්ද?

ඔයා කියන්නේ මොකක්ද?

  • ඔව්

  • නැහැ

  • සමහරවිට

බයිබලයේ කියන්නේ මෙහෙමයි

සියලුම ජාතීන්ට අයත් “මහත් සමූහයක්” හර්–මගෙදොන් යුද්ධයත් එක්කම අවසන් වෙන “මහත් පීඩාවෙන්” බේරෙනවා.—එළිදරව් 7:9, 14.

බයිබලයේ මෙහෙමත් කියනවා

  • දෙවියන්ට ඕනෙ පුළුවන් තරම් දෙනෙක් එයාලගේ ජීවිත බේරාගන්නවාටයි. පසුතැවිලි වෙන්නේ නැතුව දිගටම වැරදි කරන අයව විතරයි දෙවියන් විනාශ කරන්නේ.—එසකියෙල් 18:32.

  • හර්–මගෙදොන් යුද්ධයෙන් බේරෙන්න කරන්න ඕනෙ මොනවාද කියලා බයිබලයේ තියෙනවා.—ශෙපනියා 2:3.