ගීතාවලිය 46:1-11

සංගීත අධ්‍යක්ෂක වෙතය. තරුණියන් විසින් ගායනා කිරීම සඳහාය. කෝරාගේ පුත්‍රයන්+ රචනා කළ ගීතයකි. 46  දෙවි අපේ රැකවරණයය. අපේ ශක්තියය.+දුක් කරදරවලදී අපිට පිහිට වීමට ඔහු සූදානමින් සිටින්නේය.+   පොළොව කම්පා වුණත්+කඳු දෙදරුම් කා මහ මුහුදට කඩා වැටුණත් අපි බිය නොවන්නෙමු.+   මුහුදේ ජලය කැලඹී වේගයෙන් රළ ගැසුවත්+ඒ මහා රළ පහරින් කඳු දෙදරුම් කෑවත් අපි බිය නොවන්නෙමු.+ සීලාහ්.   එක් ගංගාවක් ඇත. එයින් ගලා බසින අතු ගංගා දෙවිගේ නුවරේ වැසියන්ව සතුටට පත් කරයි.+ඒ නුවර, මහෝත්තමයාණන්ගේ තේජවත් අතිශුද්ධ කූඩාරමයි.+   දෙවි ඒ නුවරේ වාසය කරයි.+ එය කවදාවත් බිඳ වැටෙන්නේ නැත.+අලුයම උදා වන මොහොතේ සිට දෙවි එයට උපකාර කරයි.+   ජාතීහු කැලඹුණෝය.+ රාජ්‍යයන් බිඳ වැටිණ.ඔහුගේ හඬට පොළොව දිය වී ගියේය.+   ස්වර්ගයේ සේනාවල අධිපතියාණන් වන යෙහෝවා දෙවි අප සමඟය.+යාකොබ්ගේ දෙවි අපට සුරක්ෂිතබවක් ලබා දෙන උස් බලකොටුවකි.+ සීලාහ්.   ජනයෙනි, පැමිණ යෙහෝවා දෙවිගේ ක්‍රියා දෙස බලන්න.+ඔහු පොළොවේ කර තිබෙන පුදුමාකාර දේවල් දෙසට ඔබේ නෙත් යොමු කරන්න.+   පොළොවේ සිදු වන සියලු යුද්ධ ඔහු නවත්වා දමන්නේය.+දුන්න බිඳ හෙල්ලය කැබලිවලට කඩා දමන්නේය.+යුධ රථ ගිනිබත් කරන්නේය.+ 10  “ජනයෙනි, යටත් වන්න. මම දෙවි බව දැනගන්න.+ජාතීන් අතරේ මම උසස් වන්නෙමි.+මුළු පොළොවෙහිම ගෞරවය මට ලැබෙන්නේය.”+ 11  ස්වර්ගයේ සේනාවල අධිපතියාණන් වන යෙහෝවා දෙවි අප සමඟය.+යාකොබ්ගේ දෙවි අපට සුරක්ෂිතබවක් ලබා දෙන උස් බලකොටුවකි.+ සීලාහ්.

පාදසටහන්