Skip to content

පටුනට යන්න

පැනයට පිළිතුර බයිබලයෙන්

පැනයට පිළිතුර බයිබලයෙන්

ඇත්තටම බයිබලයේ තියෙන්නේ දෙවියන්ගේ අදහස්ද?

බයිබලයේ තියෙන්නේ දෙවියන්ගේ අදහස් නම් අනිත් හැම පොතකටම වඩා ඒක ශ්‍රේෂ්ඨ වෙන්න ඕනෙ නේද? ඇත්තෙන්ම ඔව්. බයිබලයේ පිටපත් බිලියන ගාණක් භාෂා සිය ගණනකින් බෙදාහැරලා තියෙනවා. ඒකේ තියෙන නැණවත් මඟ පෙන්වීම්වලින් මිනිසුන්ව යහමඟට ගන්නත් පුළුවන්.—1 තෙසලෝනික 2:13; 2 තිමෝති 3:16 කියවන්න.

කිසි මිනිසෙක්ට අනාගතය ගැන අකුරටම කියන්න බැහැ. ඒත් බයිබලයේ අනාගතය ගැන අකුරටම කියලා තියෙනවා. ඒ නිසා ඒක දෙවියන්ගෙන්ම ලැබුණ පොතක් කියලා පැහැදිලියි. මේ ඒකට උදාහරණයක්. යේසුස්ගේ උපතට සියවසකට කලින් ලියපු යෙසායා පොතේ පිටපතක් ගුහාවක තිබිලා හම්බ වුණා. ඒකේ කියලා තිබුණා බැබිලෝනිය කවුරුත් නැති පාළු තැනක් වෙනවා කියලා. ඒ පිටපතේ තිබුණු විදිහටම යේසුස් මිය ගිහින් අවුරුදු ගාණකට පස්සේ බැබිලෝනිය පාළු තැනක් වුණා.—යෙසායා 13:19, 20; 2 පේතෘස් 1:20, 21 කියවන්න.

බයිබලය ලිව්වේ කොහොමද?

වසර 1,600ක පමණ කාලයක් පුරා ලේඛකයන් 40දෙනෙක් පමණ එකම තේමාවක් ඔස්සේ බයිබලය ලිව්වා. අදහස්වල ගැටීමක් නැතුව ඒක ලියන්න ඔවුන්ට පුළුවන් වුණේ දෙවියන්ගේ බලය ලැබුණ හින්දයි.—2 සාමුවෙල් 23:2 කියවන්න.

ලියන්න ඕනෙ මොනවාද කියලා සමහර අවස්ථාවලදී දේවදූතයන්, දර්ශන හෝ සිහින මාර්ගයෙන් දෙවියන් දැනුම් දුන්නා. දෙවියන් තම අදහස් ඒ ලේඛකයන්ගේ හිතට දැම්මාම ඒ අය තමන්ගේ වචනවලින් ඒවා ලිව්වා.—එළිදරව් 1:1; 21:3-5 කියවන්න.