Skip to content

බයිබලයේ තියෙන්නේ මිනිස්සුන්ගේ අදහස්ද?

බයිබලයේ තියෙන්නේ මිනිස්සුන්ගේ අදහස්ද?

බයිබලයේ ඒ ගැන කියන දේ

 ශුද්ධ බයිබලයේ ජීවිතයට ප්‍රයෝජනවත් උපදෙස් ගොඩක් තියෙනවා. ඒ ගැන බයිබලයේම මෙහෙම කියනවා. “මුළු ශුද්ධ ලියවිල්ලම ලියා තිබෙන්නේ දෙවිගේ මඟ පෙන්වීම තුළිනි.” (2 තිමෝති 3:16) ඒක ඇත්තද කියලා දැනගන්න මේ උදාහරණ ටික බලන්න.

  •   අතීතයේ සිද්ධ වුණ දේවල් බයිබලයේ ලියලා තියෙනවා. ඒ වාර්තා බොරුයි කියලා කිසි කෙනෙක් ඔප්පු කරලා නැහැ.

  •   බයිබලය ලියපු අය කවදාවත් තොරතුරු හැංගුවේ නැහැ. සිද්ධ වුණ දේ ඒ විදිහටම ලිව්වා.

  •   බයිබලයට තියෙන්නේ එක ප්‍රධාන තේමාවක්. මේ මුළු විශ්වයම පාලනය කරන්න දෙවියන්ට තියෙන අයිතිය තහවුරු කිරීම සහ දෙවියන් ඔහුගේ පාලනය මගින් ඔහුගේ අරමුණ ඉටු කරන ආකාරය ඒ තේමාවට ඇතුළත්.

  •   බයිබලය ලියලා දැන් අවුරුදු දහස් ගණනක් ගත වෙලා තිබුණත් විද්‍යාවෙන් හොයාගන්න අලුත් දේවල් එක්ක බයිබලයේ තොරතුරු ගැටෙන්නේ නැහැ.

  •   බයිබලයේ අනාවැකි තියෙනවා. දැනටමත් අනාවැකි ගොඩක් ඉටු වෙලා තියෙනවා. ඒ ගැන සාක්ෂි ඉතිහාස වාර්තාවලින් හොයාගන්න පුළුවන්.