Skip to content

පටුනට යන්න

දෙවියන් කුරිරු නැහැ කියලා ඔයාට විශ්වාසද?

දෙවියන් කුරිරු නැහැ කියලා ඔයාට විශ්වාසද?

ඔයා ගොඩක් ආදරේ කරන, ඔයාගේ විශ්වාසවන්ත යාළුවෙක් කරපු දෙයක් අනිත් අය විවේචනය කරනවා කියලා හිතන්න. එයාලා කියන්නේ ඔයාගේ යාළුවා හරිම කුරිරුයි කියලා. ඔයා අනිත් අය කියන දේ විශ්වාස කරනවද? නැත්නම් ඒ ගැන ඔයාගේ යාළුවට කියන්න තියෙන්නේ මොනවද කියලා එයාගෙන්ම අහලා බලනවද? වෙච්ච දේ පැහැදිලි කරන්න යාළුවා ඔයා ළඟ නැත්නම් එයා වැරදියි කියලා නිගමනය කරන්න ඉක්මන් නොවී ඉන්න ඔයාට පුළුවන්ද?

ඔයා යාළුවාව හොඳින්ම දන්නවා නම්, එයා ගැන ඔයාට ලොකු විශ්වාසයක් තියෙනවා නම් අනිත් අය කියන දේ අහලා එයා කුරිරුයි කියලා හිතන්න ඔයා ඉක්මන් වෙන්නේ නැහැ. දෙවියන් කුරිරු කෙනෙක් කියන නිගමනයට එන්න ඉක්මන් නොවී ඉන්න අපිට උදව් වෙන්නෙත් ඒ දේවල්මයි.

බයිබලේ සඳහන් සමහර දේවල් කියවද්දී දෙවියන් එහෙම කළේ ඇයි කියලා ඔයාට හිතෙයි. නැත්නම් සමහර දේවල් සිදු වෙන්න දෙවියන් ඉඩහරින්නේ ඇයි කියලා ඔයාට තේරුම්ගන්න බැරුව ඇති. හැබැයි ඒ නිසාම හුඟදෙනෙක් වගේ දෙවියන් කුරිරුයි කියන නිගමනයට ඔයාත් එනවද? නැත්නම් ඒ දේවල් ගැන හරියට දැනගන්නකං දෙවිව සැක නොකර ඉන්නවද? එහෙම නොකර ඉන්න ඔයාට පුළුවන් වෙන්නේ දෙවියන් මොන වගේ කෙනෙක්ද කියලා ඔයා හෙඳින් දැනගෙන හිටියොත් විතරයි. ඔයා දෙවිව සලකන්නේ ඔයාගේ විශ්වාසවන්ත මිතුරෙක් හැටියටද?

ඔයා ගත කරන්නේ ප්‍රශ්න ගැටලුවලින් පිරුණු ජීවිතයක් නම් දෙවියන් ඔයාගේ මිතුරෙක් කියලා හිතෙන එකක් නැහැ. ඒත් ටිකක් හිතන්න, ඔයා මුහුණ දෙන ප්‍රශ්නවලට වග කියන්න ඕන දෙවිද? අපි කලින් බලපු විදිහට “මේ ලෝකයේ පාලකයා” දෙවි නෙමෙයි, සාතන්. (යොහන් 12:31) ඒ නිසා අපි මුහුණ දෙන දුක් වේදනාවලට වැඩිහරියක් වග කියන්න ඕන සාතන්. තවත් සමහර ප්‍රශ්න ගැටලුවලට අපි මුහුණ දෙන්නේ අපේම වැරදි නිසයි. ඒ වගේම නොහිතන මොහොතක බලාපොරොත්තු නොවූ දේවල් සිදු වෙන නිසාත් අපි දුක් වේදනා අද්දකිනවා.

දෙවියන් ඔයා වෙනුවෙන් කොච්චර යහපත් දේවල් කරලා තියෙනවද!

දෙවියන් කවදාවත් අපිට නපුරක් කරන්නේ නැහැ. ඔහු අපි වෙනුවෙන් කරලා තියෙන්නේ යහපත් දේවල් විතරයි. ඒ යහපත් දේවල් ගැන ටිකක් හිතන්න. ඔහු ‘අහස හා පොළොව සෑදුවා.’ (ගීතාවලිය 124:8) පුදුමාකාර ලෙස අපේ ශරීරය නිර්මාණය කළා. (ගීතාවලිය 139:14) අපිට ජීවිතය දුන්නා.—දානියෙල් 5:23.

ඒ හැම දේකින්ම තේරෙනවා අපේ ජීවිතය රඳා පවතින්නේ යෙහෝවා දෙවි මත කියලා. (ක්‍රියා 17:28) අපේ ජීවිතය, අප අවට තියෙන සුන්දර වටපිටාව, අපි භුක්තිවිඳින බැඳීම්, මිතුදම් හා අපේ සතුටට දායක වන හැම දෙයක්ම අපිට ලැබිලා තියෙන්නේ දෙවියන්ගෙන්. (යාකොබ් 1:17) එහෙම බලද්දී දෙවියන් අපේ ආදරය, ගෞරවය ලබන්න වටින සැබෑ මිතුරෙක් නෙමෙයිද?

දෙවියන් කුරිරු නැහැ කියන නිගමනයට එන්න තරම් ඔයා තාම ඔහුව හොඳින් දැන හඳුන ගෙන නැහැ කියලා සමහරවිට ඔයාට හිතෙනවා ඇති. එහෙම හිතෙන එක වැරදි නැහැ. දෙවියන් කුරිරු කෙනෙක් කියලා හිතන්න මිනිසුන් පෙලඹිලා තියෙන හැම හේතුවක්ම අපි මේ ලිපි මාලාවෙන් සලකලා බැලුවේ නැහැ. ඒත් ඔයා දෙවිව තව හොඳින් දැන හඳුනා ගත්තොත් ඔයාටම පුළුවන් වෙයි දෙවියන් කුරිරුද නැද්ද කියලා තීරණය කරන්න. * දෙවියන් ගැන සත්‍ය තොරතුරු දැනගත්තම ඔහු කුරිරු කෙනෙක් නෙමෙයි, ප්‍රේමයේ උල්පත කියලා ඔයාට තේරෙයි.—1 යොහන් 4:8, පාදසටහන.

^ 8 ඡේ. උදාහරණයකට දෙවියන් දුක් වේදනාවලට ඉඩහැරලා තියෙන්නේ ඇයි කියන එක ගැන වැඩි විස්තර දැනගන්න ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ නමැති පොතේ 11වෙනි පරිච්ඡේදය බලන්න. එය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්.