ගීතාවලිය 139:1-24

සංගීත අධ්‍යක්ෂක වෙතය. දාවිත් රචනා කළ ගීතයකි. 139  යෙහෝවා දෙවියනි, ඔබ මාව සෝදිසි කර බලා මාව හොඳින් හඳුනාගත්තෙහිය.+   මා ඉඳගත්තත් සිටගත්තත් ඔබ එය දන්නෙහිය.+ඉතා දුරක සිටියත් මා සිතන දේ ඔබ දන්නෙහිය.+   මා ගමනක් ගියත් විවේක ගත්තත් ඔබ ඒ ගැන අවධානයෙන් සිටින්නෙහිය.+මා කරන සෑම දෙයක් ගැනම ඔබ හොඳින් දන්නෙහිය.+   යෙහෝවා දෙවියනි, මාගේ මුඛයෙන් වචනයක් පිට වෙන්නත් කලින්+මා පැවසීමට යන දේ ඔබ දන්නෙහිය.+   මාගේ ඉදිරිපසින්ද පිටුපසින්ද සිට ඔබ මාව ආරක්ෂා කරන්නෙහිය.ඔබ ඔබේ හස්තය මා පිට තැබුවෙහිය.   ඔබට මා ගැන තිබෙන අවබෝධය මට සිතාගන්නවත් බැරි තරම්ය.+එය මට තේරුම්ගැනීමට නොහැකි තරම් ගැඹුරුය.+   ඔබේ බලයට ළඟා විය නොහැකි, මට සැඟවී සිටිය හැකි තැනක් තිබේද?+ඔබේ අවධානයට හසු නොවී මා කොතැනකට පලා යන්නද?+   මා ස්වර්ගයට නැඟ ගියත් ඔබ එහිය.+මා මිනී වළෙහි සැතපී සිටියත් එතැනදීද ඔබට මාව පෙනෙයි.+   අරුණාලෝකයේ පියාපත් ඇතුව+මා ඈත සාගරයෙන් එහාට පියාඹා ගියත්+ 10  ඔබේ හස්තය එහිදීත් මට මඟ පෙන්වනු ඇත.+ඔබේ දකුණතින් ඔබ මාව ශක්තිමත්ව අල්ලාගනු ඇත.+ 11  “නිසැකවම ඝනාන්ධකාරය මාව වසාගනියි” කියා මම කීවෙමි.+නමුත් රාත්‍රිය පවා ආලෝකයට සමානය.+ 12  අඳුර ඇත්තටම ඔබට අඳුරක් නොවේ.+රාත්‍රි කාලයද දිවා කාලය මෙන් ඔබට ආලෝකවත්ය.+අඳුරත් ආලෝකයත් ඔබට එක හා සමානය.+ 13  ඔබ මාව මව්කුසෙහි සඟවා තැබුවෙහිය.+මාගේ වකුගඩුද සෑදුවේ ඔබය.+ 14  ඔබ මාව කොතරම් පුදුමාකාර ලෙස සාදා ඇද්ද! එබැවින් ඔබ කෙරෙහි මහත් ගරුබියක් මා තුළ ඇති වන්නේය.+මම ඔබට ප්‍රශංසා කරමි.ඔබේ ක්‍රියා ඇත්තෙන්ම පුදුමාකාරය.+ ඒ බව මම හොඳින් දනිමි.+ 15  කිසිවෙකුට නොපෙනෙන සේ රහසින් මා වැඩුණත්+ ඔබට මාව පෙනුණේය.මව්කුස තුළ මා ටිකෙන් ටික වැඩෙන විට+මාගේ ඇටකටු පවා ඔබෙන් සැඟවී නොතිබුණේය.+ 16  මා කලලයක්ව සිටියදී ඔබට මාව පෙනුණේය.+මාගේ අවයව සෑදෙන්නත් කලින්ඒ සියල්ල ගැන තොරතුරුඔබේ ලියවිල්ලෙහි සටහන් කර තිබිණ.+ 17  දෙවියනි, ඔබේ අදහස් මට කොතරම් වටින්නේද!+ඒ වටිනා අදහස් ගණන් කළ නොහැකි තරම්ය!+ 18  මා ඒවා එකින් එක ගණන් කළොත් ඒවා වැලි කැටවලටත් වඩා වැඩිය.+උදෑසන අවදි වන විටත් මම තවමත් ඒවා ගැන කල්පනා කරනු ඇත.+ 19  දෙවියනි, ඔබ දුෂ්ටයන්ව විනාශ කර දැම්මොත්+මා වටා රොක් වී සිටින මිනී මරුවෝ+ මාගෙන් ඈත්ව යනු ඇත. 20  ඔවුහු තමන්ට රිසි පරිදි ඔබට විරුද්ධව කතා කරති.+සතුරෝ+ ඔබේ නාමයට අගෞරවයක් වන අයුරින් ඔබේ නාමය යොදාගනිති.+ 21  යෙහෝවා දෙවියනි, ඔබට බොහෝ සෙයින් ද්වේෂ කරන අයට මම කොතරම් ද්වේෂ කරනවාද!+ඔබට විරුද්ධව කැරලිගසන අය මට කොතරම් පිළිකුලක්ද!+ 22  මම සහමුලින්ම ඔවුන්ව එපා කර ඔවුන්ට ද්වේෂ කරමි.+ඔවුන්ව මාගේ සතුරන් ලෙස සලකමි.+ 23  අනේ දෙවියනි, මාව විමසා බලා මාගේ හදවතේ තිබෙන දේ දැනගන්න.+මාව සෝදිසි කර බලා මාගේ සිතට වධ දෙන දේ දැනගන්න.+ 24  මාව නොමඟට යවන දෙයක් මා තුළ තිබේද කියා සොයා බලා+මට සදහටම මඟ පෙන්වන්න.+

පාදසටහන්