1 යොහන් 4:1-21

4  ප්‍රේමණීය සහෝදරයෙනි, දෙවිගෙන් ලැබූ* බවට පවසන සෑම පණිවිඩයක්ම විශ්වාස නොකරන්න.+ එම පණිවිඩ ඇත්තටම පැමිණෙන්නේ දෙවිගෙන්ද කියා සෝදිසි කර බලන්න.+ මන්ද මේ ලෝකයට බොරු අනාගතවක්තෘවරුන් බොහෝදෙනෙක් පැමිණ ඇත.+  යම් පණිවිඩයක් දෙවිගෙන් ලැබී තිබෙනවාද කියා ඔබට දැනගත හැක්කේ+ මෙලෙසය. ඒ පණිවිඩයේ යේසුස් ක්‍රිස්තුස්ව පිළිගන්නා බව සඳහන් වුණොත් එය දෙවිගෙන් පැමිණි පණිවිඩයක් ලෙස සැලකිය යුතුයි.+  නමුත් යම් පණිවිඩයක් දෙවිගෙන් ලැබී ඇති බව පැවසුවත් යේසුස්ව පිළි නොගන්නා බව එහි සඳහන් වුවහොත් එය දෙවිගෙන් පැමිණි පණිවිඩයක් නොවේ.+ ඇත්තෙන්ම එය ක්‍රිස්තු-විරෝධියාගෙන් පැමිණි පණිවිඩයකි. ඔහු පැමිණෙන බව ඔබ අසා ඇති අතර+ දැනටමත් ඔහු මේ ලෝකයේ සැරිසරයි.+  ප්‍රිය දරුවෙනි, දෙවිගේ මඟ පෙන්වීම ලබා සිටින ඔබට එවැනි අයට එරෙහි වී ජය ලබාගැනීමට හැකි වී ඇත.+ මන්ද ඔබ සමඟ එකට බැඳී සිටින තැනැත්තාණන්+ වන දෙවි මේ ලෝකයට බලපෑම් කරන යක්ෂයාට+ වඩා ශ්‍රේෂ්ඨය.+  ඔවුහු මේ ලෝකයේ බලපෑමට හසු වී සිටිති.+ එහෙයින් ඔවුන් කතා කරන්නේ මේ ලෝකයට සම්බන්ධ දේවල් ගැනය. පවතින මේ ලෝකයද ඔවුන්ට සවන් දෙයි.+  අපි දෙවිගේ මඟ පෙන්වීමට යටත්ව සිටිමු.+ දෙවි පිළිබඳ දැනුම ලබන තැනැත්තා අපට සවන් දෙයි.+ දෙවිගේ මඟ පෙන්වීමට යටත් නොවී සිටින තැනැත්තා අපට සවන් දෙන්නේ නැත.+ සැබෑ වන්නේ කවර පණිවිඩයද කියාත් බොරු වන්නේ කවර පණිවිඩයද කියාත් අප හඳුනාගන්නේ එලෙසය.+  ප්‍රේමණීය සහෝදරයෙනි, අපි දිගටම එකිනෙකාට ප්‍රේම කරමු.+ මන්ද ප්‍රේමය+ පැමිණෙන්නේ දෙවිගෙන්ය. ප්‍රේම කරන සෑම කෙනෙක්ම දෙවිගේ දරුවන් වන අතර+ දෙවි පිළිබඳ දැනුමද ඔවුන්ට ලැබේ.+  එකිනෙකාට ප්‍රේම නොකරන තැනැත්තා දෙවිව හඳුනාගෙන නැත. මන්ද දෙවි ප්‍රේමයයි.*+  දෙවිගේ ප්‍රේමය කොතරම්ද කියා දැකගත හැකි වන්නේ+ ඔහු තම එකම පුත්‍රයා* මෙලොවට එවීම මාර්ගයෙනි.+ ඔහු එසේ කළේ අපට ඔහු මාර්ගයෙන් ජීවනය ලබාගැනීම සඳහාය.+ 10  දෙවි එවැනි දෙයක් කළේ අප ඔහුට ප්‍රේම කළ නිසා නොව ඔහු අපට ප්‍රේම කළ නිසාය. ඔහු අපට ප්‍රේමය පෙන්වූවේ අපගේ පව්වලට+ සමාව ලබාගෙන ඔහු සමඟ සමාදාන වීමට මඟ පාදන+ පූජාවක්+ ලෙස තම පුත්‍රයාව එවීම මගිනි. 11  ප්‍රේමණීය සහෝදරයෙනි, දෙවි අපට එලෙස ප්‍රේම කර ඇත්නම් අපත් බැඳී සිටින්නේ එකිනෙකාට ප්‍රේම කිරීමටය.+ 12  කිසි කෙනෙක් දෙවිව කිසිදා දැක නැත.+ අප දිගටම එකිනෙකාට ප්‍රේම කළොත් දෙවි අප සමඟ දිගටම සිටින අතර ඔහු පෙන්වන ප්‍රේමය පූර්ණ ලෙස පෙන්වීමටත් අපට හැකි වේ.+ 13  අප ඔහු සමඟ එකට බැඳී සිටින බවත්+ ඔහු අප සමඟ එකට බැඳී සිටින බවත්+ අප දැනගන්නේ ඔහු තම බලය අපට ලබා දී තිබෙන නිසාය.+ 14  ඊට අමතරව පියාණන් තම පුත්‍රයාව මෙලොවට ගැලවුම්කරු ලෙස එවා ඇති බව+ අප දැක ඇති අතර+ අපි ඊට සාක්ෂි දරන්නෙමු.+ 15  යේසුස් ක්‍රිස්තුස් යනු දෙවිගේ පුත්‍රයා බව යමෙක් පිළිගත්තොත්+ දෙවි එවැනි කෙනෙකු සමඟ එකට බැඳී සිටින අතර ඔහුද දෙවි සමඟ එකට බැඳී සිටියි.+ 16  දෙවි අපට පෙන්වන ප්‍රේමය ගැන අපට අවබෝධයක් ලැබී තිබෙනවා පමණක් නොව අපි ඒ ප්‍රේමය ගැන විශ්වාසයෙන්ද සිටිමු.+ දෙවි ප්‍රේමයයි.+ එලෙසම දිගටම ප්‍රේමය පෙන්වන තැනැත්තා+ දෙවි සමඟ එකට බැඳී සිටියි. දෙවිද ඔහු සමඟ එකට බැඳී සිටියි.+ 17  ප්‍රේමය එලෙස පූර්ණ ආකාරයකින් පෙන්වීමට අපට හැකි වන නිසා දෙවිගේ විනිශ්චය සිදු වන දවසේදී+ අපට කිසි බියක් සැකක් නැතුව කතා කිරීමට හැකියාව ලැබේ.+ මන්ද මෙලොවෙහි අපිද ක්‍රිස්තුස්ට සමානව සිටින්නෙමු.+ 18  ප්‍රේමය ඇති කෙනෙකු තුළ කිසි බියක් නැත.+ ප්‍රේමය සම්පූර්ණ වන විට බිය දුරු වෙයි.+ මන්ද බිය පසුබෑමට හේතුවකි. ඇත්තෙන්ම බියෙන් සිටින පුද්ගලයා තුළ ප්‍රේමය සම්පූර්ණයෙන් දැකගත නොහැක.+ 19  අප අන් අයට ප්‍රේම කරන්නේ දෙවි මුලින්ම අපට ප්‍රේම කළ නිසාය.+ 20  යමෙක් “මම දෙවිට ප්‍රේම කරනවා” කියා පැවසුවත් ඔහු තම සහෝදරයාට වෛර කරනවා නම් ඔහු බොරුකාරයෙකි.+ මන්ද කෙනෙකුට තමා දකින සහෝදරයාට ප්‍රේම කළ නොහැකි නම්+ තමා නොදකින දෙවිට ප්‍රේම කරන්න ඔහුට කිසි ලෙසකින්වත් නුපුළුවන.+ 21  අපට ඔහුගෙන් ලැබුණු ආඥාව නම්+ දෙවිට ප්‍රේම කරන තැනැත්තා තමාගේ සහෝදරයාටද ප්‍රේම කළ යුතුයි යන්නය.+

පාදසටහන්

ග්‍රීක බසින්, නියුමා. උපග්‍ර. 3 බලන්න.
එනම්, ප්‍රේමයේ උල්පත දෙවිය.
එනම්, දෙවි විසින්ම සෑදූ එකම පුත්‍රයා.