1 යොහන් 2:1-29

2  මාගේ කුඩා දරුවෙනි, මා ඔබට මේ දේවල් ලියන්නේ ඔබ පාපයක් නොකරන පිණිසය.+ නමුත් යමෙකු පාපයක් කළොත් අපට උපකාර කිරීමට+ පියාණන් සමඟ සිටින තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස් සිටියි. ඔහු ධර්මිෂ්ඨ කෙනෙකි.+  ඔහු තම ජීවිතය පූජා කළේ+ අපගේ පාප වෙනුවෙනි.+ එමගින් දෙවි සමඟ නැවතත් සමාදාන වීමට හැකියාව+ අපට ලැබේ. නමුත් ඔහු එසේ කළේ අපගේ පාප උදෙසා පමණක් නොව+ මුළු මිනිස් වර්ගයාගේම පාප උදෙසාය.+  අප දෙවිගේ ආඥා දිගටම පිළිපදිනවා නම් අප ඔහුව හඳුනාගෙන සිටින බව කිව හැක.+  යමෙකු, “මම දෙවිව හඳුනමි”+ කියා පැවසුවත් ඔහු දෙවිගේ ආඥා පිළිපදින්නේ නැත්නම්+ ඔහු බොරුකාරයෙකි. සත්‍ය ඉගැන්වීම්වලට අනුව ජීවත් නොවන කෙනෙකි.+  නමුත් කෙනෙක් දෙවි පවසන දේ පිළිපදිනවා නම්+ දෙවි කෙරෙහි ඔහුට තිබෙන ප්‍රේමයේ කිසි අඩුවක් නැති බව සැබවින්ම පැවසිය හැක.+ එසේ කිරීමෙන් අප ඔහු සමඟ එකට බැඳී සිටින බවද කිව හැක.+  තමන් ඔහු සමඟ එකට බැඳී සිටිනවා+ කියා කෙනෙකු පවසනවා නම් යේසුස් තම ජීවිතය ගත කළ ආකාරයටම තමාගේ ජීවිතය ගත කිරීමට ඒ තැනැත්තා බැඳී සිටියි.+  ප්‍රේමණීය සහෝදරයෙනි, මා ඔබට ලියන්නේ අලුත් ආඥාවක් ගැන නොව මුල් කාලයේ සිටම+ ඔබට දී තිබූ ආඥාවක් ගැනය. ඒ පැරණි ආඥාව+ නම් ඔබ ඇසූ පණිවිඩයයි.  එසේවුවත් මම ඔබට අලුත් ආඥාවක් ගැන දැන් ලියමි. ඒ ආඥාව යේසුස් පිළිපැද්ද ආකාරයටම ඔබද පිළිපැද ඇත. එහෙයින් අන්ධකාරය+ නැති වෙමින් පවතින අතර සැබෑ ආලෝකය+ දැනටමත් බැබළෙයි.  කෙනෙකු තමා ආලෝකයෙහි සිටින බව පැවසුවත් තමාගේ සහෝදරයාට වෛර කරනවා නම්+ ඔහු මේ වන තුරුම සිටින්නේ අන්ධකාරයෙහිය.+ 10  කෙනෙකු තමාගේ සහෝදරයාට ප්‍රේම කරනවා නම් ඔහු ආලෝකයෙහි සිටින අතර+ වරදක් කිරීමට* හේතු වන කිසි දෙයක් ඔහු තුළ නැත.+ 11  නමුත් තමාගේ සහෝදරයාට වෛර කරන තැනැත්තා අන්ධකාරයෙහි සිටින අතර ඔහු ගමන් කරමින්ද සිටින්නේ අන්ධකාරයෙහිය.+ ඒ අන්ධකාරය ඔහුගේ ඇස් අන්ධ කර ඇති නිසා තමා යන්නේ කොතැනටද කියාවත් ඔහු නොදනියි.+ 12  කුඩා දරුවෙනි, මා ඔබට ලියන්නේ දෙවි ඔබේ පව්වලට සමාව දී ඇති නිසාය. ඔහු එසේ කර තිබෙන්නේ ඔහුගේ* නාමය වෙනුවෙනි.+ 13  පියවරුනි, මා ඔබට ලියන්නේ පටන්ගැන්මේ සිට ජීවත් වන ඒ තැනැත්තාව ඔබ හඳුනාගෙන සිටින නිසාය.+ තරුණයෙනි,+ මා ඔබට ලියන්නේ ඔබ දුෂ්ටයාව පරාජය කර තිබෙන නිසාය.+ ප්‍රිය දරුවෙනි,+ මා ඔබට ලියන්නේ ඔබ පියාණන්ව හඳුනාගෙන සිටින නිසාය.+ 14  පියවරුනි,+ මා ඔබට ලියන්නේ පටන්ගැන්මේ සිට ජීවත් වන ඒ තැනැත්තාව ඔබ හඳුනාගෙන සිටින නිසාය.+ තරුණයෙනි, මා ඔබට ලියන්නේ ඔබ ශක්තිමත් අය වන නිසාත්+ දෙවිගේ පණිවිඩය ඔබේ හදවත්වල තිබෙන නිසාත්+ ඔබ දුෂ්ටයාව පරාජය කර තිබෙන නිසාත්ය.+ 15  මේ ලෝකයටවත් මෙහි තිබෙන දේවලටවත් ඇල්මක් නොදක්වන්න.+ යමෙක් මේ ලෝකයේ තිබෙන දේවලට ඇල්මක් දක්වනවා නම් පියාණන් සඳහා ප්‍රේමයක් ඔහු තුළ නැත.+ 16  මන්ද මේ ලෝකයේ තිබෙන සෑම දෙයක්ම+ එනම්, තම ඉඳුරන් පිනවීමේ ආශාවත්+ තමන් දකින දකින දේ ලබාගැනීමේ ආශාවත්+ තමන් සතු දේවල් ප්‍රදර්ශනය කිරීමේ නැඹුරුවාවත්+ පියාණන්ගෙන් පැමිණෙන දේවල් නොව මේ ලෝකයේ දක්නට තිබෙන දේවල්ය.+ 17  එලෙසම මේ ලෝකයත් එහි පවතින ආශාවනුත් නැති වී යන්නේය.+ නමුත් සදහටම පවතින්නේ+ දෙවිගේ කැමැත්ත කරන පුද්ගලයාය.+ 18  කුඩා දරුවෙනි, තව ඉතුරුව ඇත්තේ කෙටි කාලයක් පමණි.+ ඔබ දැනගත් ලෙස ක්‍රිස්තු-විරෝධියා පැමිණෙයි.+ ඇත්තෙන්ම දැනටමත් ක්‍රිස්තු-විරෝධීන් බොහෝදෙනෙකු සිටින බව පැහැදිලියි.+ එයින් අප තේරුම්ගන්නේ තව කෙටි කාලයක් පමණක් ඉතුරුව ඇති බවය. 19  ඔවුහු අප අතරෙහි සිටියත් අපව අත්හැර ගියෝය. මන්ද ඔවුහු අප මෙන් නොවෙති.+ ඔවුහු අප මෙන් ක්‍රියා කළා නම් අප සමඟ රැඳී සිටිනු ඇත.+ නමුත් ඔවුහු අපව අත්හැර ගියෝය. එයින් පැහැදිලි වූයේ ඔවුන් අප මෙන් නොවන බවය.+ 20  නමුත් ශුද්ධ තැනැත්තාණෝ ඔබව අභිෂේක කර ඇත.+ ඔබ සියලුදෙනාටම සත්‍ය ඉගැන්වීම් පිළිබඳ අවබෝධයක්ද ඇත.+ 21  මා ඔබට ලියන්නේ ඔබට සත්‍ය ඉගැන්වීම් ගැන අවබෝධයක් නැති නිසා නොවේ.+ මා මෙසේ කරන්නේ ඔබ ඒවා දන්නා නිසාත්+ ඒවායේ කිසි බොරුවක් දක්නට නොලැබෙන නිසාත්ය.+ 22  බොරුකාරයෙකු වන්නේ කවුද? එනම් යේසුස්ව ක්‍රිස්තුස් ලෙස ප්‍රතික්ෂේප කරන තැනැත්තාය.+ ක්‍රිස්තු-විරෝධියා ඔහුය.+ ඔහු පියාණන්ව හා පුත්‍රයාව ප්‍රතික්ෂේප කරයි.+ 23  පුත්‍රයාව ප්‍රතික්ෂේප කරන තැනැත්තා පියාණන් සමඟ එකට බැඳී නොසිටියි.+ නමුත් පුත්‍රයාව පිළිගන්නා තැනැත්තා+ පියාණන් සමඟ එකට බැඳී සිටියි.+ 24  එහෙයින් මුල පටන් ඔබ ඇසූ දේවල් ඔබේ හදවත් තුළ රඳවාගන්න.+ ඔබ ඒ දේවල් ඔබේ හදවත් තුළ රඳවාගන්නවා නම් පුත්‍රයා සමඟත් පියාණන් සමඟත්+ එකට බැඳී සිටීමට+ ඔබට හැකි වනු ඇත. 25  මීට අමතරව ඔහු අපට පොරොන්දු වී තිබෙන්නේ සදාකාල ජීවනයයි.+ 26  ඔබට මා මෙලෙස ලියන්නේ ඔබව මුළා කිරීමට උත්සාහ දරන අය ගැන දැනුවත් කිරීමටය.+ 27  දෙවි තම බලයෙන් ඔබව අභිෂේක කළ අතර+ ඒ බලය ඔබේ හදවත් තුළ පවතී. එහෙයින් ඔබට කිසිවෙකුගේ ඉගැන්වීම් අවශ්‍ය වන්නේ නැත.+ දෙවි ඔබව අභිෂේක කර ඇති නිසා එමගින් ඔබට සෑම දෙයක් ගැනම උගන්වනු ලබන අතර+ එයින් ඔබට ලැබෙන සාක්ෂියද සැබෑය.+ එහි කිසි බොරුවක් නැත. එසේනම් ඔබ ඉගෙනගෙන ඇති ආකාරයට ඔහු සමඟ එකට බැඳී සිටින්න.+ 28  එහෙයින් කුඩා දරුවෙනි,+ ඔහු සමඟ එකට බැඳී සිටින්න.+ එවිට ඔහු පෙනී සිටින විට+ ඔබට කිසි බියක් සැකක් නැතුව කතා කිරීමට හැකි වන අතර+ ඔහු පැමිණ සිටින කාලයේදී*+ ලැජ්ජා වී ඔහුගෙන් ඈත් වීමට සිදු වන්නේ නැත. 29  ඔහු ධර්මිෂ්ඨ බව ඔබ දැනගෙන සිටිනවා නම්+ ධර්මිෂ්ඨ දේ කරන සියලුදෙනා දෙවිගෙන් ඉපදී ඇති ඔහුගේම දරුවන් බව ඔබ දන්නහුය.+

පාදසටහන්

මූ.අ., “පය පැකිළී වැටීමට.”
එනම්, යේසුස්ගේ.
පැමිණ සිටීම. ග්‍රීක බසින්, පරූසියා. උපග්‍ර. 7 බලන්න.