Skip to content

පටුනට යන්න

52 පාඩම

අපි අඳින පළඳින විදිහ ගැන හිතන එක වැදගත්ද?

අපි අඳින පළඳින විදිහ ගැන හිතන එක වැදගත්ද?

අපි හැමෝම ආසයි ලස්සනට අඳින්න. හැබැයි අඳින්න පළඳින්න අපි එක් එක් කෙනා තෝරගන්න දේවල් වෙනස්. ඇඳුම් පැළඳුම් ගැන බයිබලයේ තියෙන ප්‍රතිපත්ති අදාළ කරගත්තොත් අපි ආස කරන විදිහට විතරක් නෙමෙයි යෙහෝවා සතුටු වෙන විදිහටත් තේරීම් කරන්න පුළුවන්. ඒ වගේ ප්‍රතිපත්ති කීපයක් දැන් බලමු.

1. ඇඳුම් පැළඳුම් තෝරගන්න එක ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?

අපි තෝරගන්න ඕනෙ පිරිසිදු, ‘මනා පිළිවෙළකින් යුත්, විනීත’ ඇඳුම්. ඒ වගේම අපි අඳින විදිහෙන් අපි ‘හොඳ සිහිකල්පනාවකින් වැඩ කරන, දෙවිට භක්තියක්’ තියෙන අය කියලා පේන්න ඕනේ. (1 තිමෝති 2:9, 10) එතන අපිට උදව් වෙන ප්‍රතිපත්ති හතරක් තියෙනවා. (1) අපේ ඇඳුම් පැළඳුම් ‘මනා පිළිවෙළකට’ තියෙන්න ඕනේ. සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලට යද්දී ඔයා දකින්න ඇති එයාලා අඳින පළඳින විදිහ එක් කෙනාගෙන් එක් කෙනාට වෙනස් කියලා. ඒත් එයාලගේ ඇඳුම් පැළඳුම්, කොණ්ඩ විලාසිතා හරිම පිළිවෙළයි. එයාලා එහෙම පිළිවෙළකට අඳින්නේ පළඳින්නේ එයාලා නමස්කාර කරන දෙවියන්ට ගොඩක් ගෞරව කරන නිසයි. (2) “විනීතව” අඳින පළඳින එකෙන් අදහස් වෙන්නේ අනිත් අයගේ හැඟීම් ඇවිස්සෙන්නේ නැති, ඕනෑවට වඩා අනිත් අයගේ අවධානය ඇදගන්නේ නැති විදිහට අඳින පළඳින එකටයි. (3) “හොඳ සිහිකල්පනාවකින්” වැඩ කරන කෙනෙක් එන එන හැම අලුත් විලාසිතාවක්ම පස්සේ යන්නේ නැහැ. (4) අපි දිහා බලන අයට පේන්න ඕනෙ අපි ‘දෙවියන්ට භක්තියක්’ තියෙන අය කියලා. ඒ කියන්නේ අපි සැබෑ දෙවියන්ට නමස්කාර කරන අය කියලා අනිත් අය හැම වෙලාවකම දකින්න ඕනේ.—1 කොරින්ති 10:31.

2. ඇඳුම් පැළඳුම් තෝරගද්දී අනිත් අය ගැන අපි හිතන්න ඕනෙ ඇයි?

අපි කැමති විදිහේ ඇඳුම් පැළඳුම් තෝරගන්න අපිට නිදහස තියෙනවා. ඒත් අපේ තේරීම් අනිත් අයට බලපාන විදිහ ගැන අපි හිතන්න ඕනේ. අපි හැමෝම උත්සාහ කරන්න ඕනෙ ‘අපේ අසල්වැසියන්ව සතුටු කරන්න, ගොඩනංවන්න.’ එහෙම නැතුව එයාලව අපහසුතාවට පත් කරන්න නෙමෙයි.—රෝම 15:1, 2 කියවන්න.

3. අපි හැම වෙලාවෙම යෙහෝවා සතුටු වෙන විදිහට අඳින්න පළඳින්න ඕනෙ ඇයි?

අපි හැම වෙලේම උත්සාහ කරන්නේ යෙහෝවාව ගෞරවයට පත් වෙන විදිහට අඳින්න පළඳින්න. රැස්වීම්වලට යද්දී, සේවේ යද්දී අපි ඒ ගැන විශේෂයෙන්ම සැලකිලිමත් වෙනවා. මොකද අපිට ඕනෙ නැහැ අපි අඳින පළඳින විදිහ නිසා අපේ පණිවිඩය අහන්න මිනිස්සු අකමැති වෙනවාට. අපිට ඕනෙ අපි අඳින පළඳින විදිහෙන් “දෙවිගේ ඉගැන්වීම්වල වටිනාකම” එයාලට පෙන්නන්නයි.—තීතස් 2:10.

තවත් හොයමු

අපි අඳින පළඳින විදිහෙන් අපි දෙවියන්ට නමස්කාර කරන අය කියලා පෙන්නන්නේ කොහොමද කියලා දැනගන්න.

අධිකාරියක් තියෙන අයට අපි ගරු කරනවාද නැද්ද කියලා අපි අඳින පළඳින විදිහෙන් පැහැදිලි වෙනවා. අපේ හිතේ තියෙන දේ යෙහෝවා දන්නවා. ඒත් අපි අඳින පළඳින විදිහෙනුත් ඔහුට ගරු කරනවා කියලා පෙන්නන්න ඕනේ

4. අඳින පළඳින විදිහෙන් යෙහෝවාව ගෞරවයට පත් කරන්න

අපේ පෙනුම ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනෙ වැදගත්ම හේතුව මොකක්ද? ගීතාවලිය 47:2 කියවලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.

  • ඇඳුම් පැළඳුම් තෝරගද්දී අපි නියෝජනය කරන්නේ යෙහෝවාවයි කියන දේ ගැන අපි හිතන්න ඕනෙ ඇයි?

  • අපි රැස්වීම්වලට යද්දී, සේවේ හවුල් වෙද්දී අපේ පෙනුම ගැන අපි ඇත්තටම සැලකිලිමත් වෙන්න ඕනෙද? එහෙම කියන්නේ ඇයි?

5. හොඳ තේරීම් කරන්න පුළුවන් කොහොමද?

වීඩියෝ එක බලන්න.

අපේ ඇඳුම් පැළඳුම් මිල අධික ඒවා වුණත් අඩු මුදලකට ගත්ත ඒවා වුණත් ඒවා පිරිසිදු, අපි යන තැනට ගැළපෙන ඒවා වෙන්න ඕනේ. 1 කොරින්ති 10:24 සහ 1 තිමෝති 2:9, 10 කියවන්න. ඊටපස්සේ මේ විදිහේ ඇඳුම් අඳින එකෙන් අපි වළකින්න ඕනෙ ඇයි කියලා කතා කරන්න.

  • කිසි පිළිවෙළක් නැති, අපිරිසිදු ඇඳුම්.

  • ඇඟට හිර, ඇඟ පේන, හැඟීම් ඇවිස්සෙන විදිහේ ඇඳුම්.

මෝසෙස් මාර්ගයෙන් දුන්න නීතියට ක්‍රිස්තියානීන් කීකරු වෙන්න ඕනෙ නැතත් යෙහෝවා හිතන විදිහ තේරුම්ගන්න ඒක උදව් වෙනවා. ද්විතීය කතාව 22:5 කියවලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • පිරිමි කෙනෙක් ගැහැණු කෙනෙක් වගෙත් ගැහැණු කෙනෙක් පිරිමි කෙනෙක් වගෙත් අඳින පළඳින එක සුදුසු නැත්තේ ඇයි?

1 කොරින්ති 10:32, 33 සහ 1 යොහන් 2:15, 16 කියවලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.

  • අපි අඳින පළඳින විදිහෙන් අපි ඉන්න පැත්තේ අය, අපේ සභාවේ අය අපහසුතාවට පත් වෙයිද කියලා අපි හිතන්න ඕනෙ ඇයි?

  • ඔයා ඉන්න පැත්තේ ජනප්‍රිය මොන වගේ ඇඳුම් විලාසිතා සහ කොණ්ඩ මෝස්තරද?

  • ඒ සමහර විලාසිතා ක්‍රිස්තියානියෙක්ට සුදුසු නැහැ කියලා ඔයා හිතනවාද? එහෙම හිතන්නේ ඇයි?

අපිට යෙහෝවා සතුටු වෙන විදිහේ විවිධ ඇඳුම් විලාසිතා තෝරගන්න පුළුවන්

සමහරු මෙහෙම කියනවා: “මං කැමති දේ අඳින්න මට අයිතිය තියෙනවා!”

  • ඔයා ඒකට එකඟද? එහෙම කියන්නේ ඇයි?

ඉගෙනගත්ත දේ

අපි අඳින පළඳින විදිහ ගැන හොඳ තීරණ ගද්දී ඒකෙන් අපි පෙන්නන්නේ යෙහෝවාටත් අනිත් අයටත් අපි ගෞරව කරනවා කියලයි.

ඔයා හිතන්නේ මොකක්ද?

  • අපි අඳින පළඳින විදිහ ගැන යෙහෝවා සැලකිලිමත් වෙන්නේ ඇයි?

  • ඇඳුම් පැළඳුම් තෝරගද්දී අපි හිතන්න ඕනෙ මොන බයිබල් ප්‍රතිපත්ති ගැනද?

  • යෙහෝවාව නියෝජනය කරන අය විදිහට අපි අඳින පළඳින විදිහ ගැන සැලකිලිමත් වෙන්න ඕනෙ ඇයි?

ඔයාට කරන්න දෙයක්

තව දැනගන්න

ඔයාගේ ඇඳුම් දකිද්දී අනිත් අයට ඔයා ගැන මොන වගේ හැඟීමක් ඇති වෙන්න පුළුවන්ද?

“මගේ පෙනුම කොයි වගේද?” (වෙබ් ලිපිය)

පච්චයක් කොටන්න කලින් හිතන්න ඕනෙ ඇයි කියලා දැනගන්න.

“පච්ච කොටාගන්න එක ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?” (වෙබ් ලිපිය)

ඇඳුම් පැළඳුම් තෝරගද්දී අපිට උදව් වෙන තවත් ප්‍රතිපත්ති ගැන දැනගන්න.

“ඔයා අඳින පළඳින විදිහෙන් දෙවිව ගෞරවයට පත් වෙනවාද?” (2016 සැප්තැම්බර් ‘මුරටැඹ’)