තීතස් 2:1-15

2  නමුත් ඔබ, නිවැරදි මෙන්ම ප්‍රයෝජනවත්+ ඉගැන්වීම්වලට එකඟ දේවල් ගැන නිරතුරුවම කතා කරන්න.  වැඩිහිටි පුරුෂයන්+ තම සීමාව අවබෝධ කරගෙන ක්‍රියා කරන, ගෞරවනීයව හැසිරෙන,+ හොඳ සිහිකල්පනාවෙන් වැඩ කරන, ශක්තිමත් විශ්වාසයක්+ හා නොසැලෙන ප්‍රේමයක් ඇති, අධෛර්යය නොවී සියල්ල විඳදරාගන්නා අය+ විය යුතුයි.  එලෙසම වැඩිහිටි ස්ත්‍රීන්+ දෙවිට ගෞරවයක් ගෙන දෙන ආකාරයකින් හැසිරෙන, අනුන්ව අපහාසයට ලක් නොකරන,+ බොහෝ වයින් පානයට ඇබ්බැහි නොවූ, යහපත් දේවල් උගන්වන අය විය යුතුයි.  ඔවුන් එලෙස කටයුතු කළොත් අසිහියෙන් ක්‍රියා කරන තරුණ ස්ත්‍රීන්ට අවබෝධයෙන් ක්‍රියා කිරීමට අවශ්‍ය උපකාර ලබා දීමට හැකි වන අතර එමගින් ඔවුන් තම ස්වාමිපුරුෂයන්ට ප්‍රේම කිරීමටත්+ තම දරුවන්ට ප්‍රේම කිරීමටත්,+  හොඳ සිහිකල්පනාවෙන් වැඩ කිරීමටත් පවිත්‍ර චරිතයක් ඇතුව සිටීමටත්+ ගෙදරදොරේ වැඩකටයුතු සාර්ථකව ඉටු කිරීමටත් යහපත්කමින් ක්‍රියා කිරීමටත් තම ස්වාමිපුරුෂයන්ට යටත්ව සිටීමටත්+ පෙලඹෙනු ඇත. එවිට කිසි කෙනෙකුට දෙවිගේ පණිවිඩය නින්දාවට ලක් කිරීමට අවස්ථාවක් ලැබෙන්නේ නැත.+  එලෙසම තරුණයන්ට හොඳ සිහිකල්පනාවෙන් කටයුතු කිරීමට නිරතුරුව උනන්දු කරන්න.+  සෑම කාරණයකදීම ඔබ යහපත් ක්‍රියාවල නිරත වෙමින් ආදර්ශයක් වන්න.+ ඔබ උගන්වන දේවල+ කිසි දෝෂයක් නොතිබිය යුතු අතර+ ඔබ ගෞරවනීයව හැසිරෙන,  කිසිම චෝදනාවකට ලක් නොවන, ඔබින ආකාරයකින් කතා කරන කෙනෙකු බව පෙන්වන්න.+ එවිට අපට විරුද්ධව සිටින අයට අප ගැන කිසි නින්දාසහගත දෙයක් පැවසීමට පදනමක් නොලැබෙන නිසා ඔවුන් ලැජ්ජාවට පත් වනු ඇත.+  දාසයන්+ තම අයිතිකරුවන්ට සෑම දෙයකදීම යටත්ව සිටිය යුතුයි.+ ඔවුන් තම ස්වාමිවරුන්ව සතුටු කරන, එකට එක නොකියන,+ 10  සොරකම් නොකරන අය+ විය යුතු අතර සෑම කාරණකදීම විශ්වාසවන්තව කටයුතු කරන අය විය යුතුයි.+ එසේ කිරීමෙන් අපට ගැලවීම සලසා දෙන දෙවිගේ+ ඉගැන්වීම්වල වටිනාකම පෙන්වීමට ඔවුන්ට හැකි වෙයි. 11  මන්ද සෑම තරාතිරමකම සිටින මිනිසුන්ට+ ගැලවීම ගෙන දෙන+ දෙවිගේ මහත් කරුණාව+ එළිදරව් වී ඇත.+ 12  එමගින් අපට කාවද්දනු ලබන්නේ අප දෙවිට අගෞරවයක් ගෙන දෙන ක්‍රියා+ හා පව්කාර ආශාවන්+ ප්‍රතික්ෂේප කළ යුතු බවත් පවතින මේ සමාජය තුළ+ හොඳ සිහිකල්පනාවෙන්, ධර්මිෂ්ඨකමින් හා දේවභක්තියෙන්+ ජීවත් විය යුතු බවත්ය. 13  ඒ අතරතුරේදී අපගේ ප්‍රීතිමත් බලාපොරොත්තුව+ ඉටු වන අවස්ථාවද ශ්‍රේෂ්ඨ දෙවි සහ අපගේ ගැලවුම්කරු වන ක්‍රිස්තුස් යේසුස් මහත් තේජසකින් පෙනී සිටින අවස්ථාවද+ පැමිණෙන තුරු අපි බලාගෙන සිටිමු. 14  ක්‍රිස්තුස් තම ජීවිතය පූජා කළේ+ අප වෙනුවෙන්ය. ඔහු එසේ කළේ අධර්මිෂ්ඨ ක්‍රියාවලට වහල් වූ ජීවිතයකින් අපව නිදහස් කර+ තමා වෙනුවෙන්ම තෝරාගත්,+ යහපත් ක්‍රියා කිරීමට උද්‍යෝගයෙන් සිටින සෙනඟක් ලෙස+ අපව පවිත්‍ර කිරීම සඳහාය.+ 15  ඒ දේවල් ගැන දිගටම කතා කරන්න. එලෙසම ඔබට ලබා දී තිබෙන අධිකාරියට එකඟව උපදෙස්, මඟ පෙන්වීම් සහ අවවාද ලබා දෙන්න.+ ඔබව පහත් කර සැලකීමට+ කිසි කෙනෙකුට ඉඩ නොදෙන්න.

පාදසටහන්