ගීතාවලිය 47:1-9
සංගීත අධ්‍යක්ෂක වෙතය. කෝරාගේ පුත්‍රයන් රචනා කළ ගීතයකි.
47 සියලු ජනයෙනි, අත්පොළසන් දෙන්න.+ප්‍රීතියෙන් දෙවිට ජය නාද නඟන්න.+
2 මන්ද මහෝත්තමයාණන් වන යෙහෝවා දෙවි ගරුබිය උපදවන දෙවි කෙනෙකි.+මුළු පොළොවෙහිම ශ්‍රේෂ්ඨ රජ ඔහුය.+
3 දෙවි ජනයාව අපට යටත් කර දෙන්නේය.+ජාතීන්ව අපේ පාමුල තබන්නේය.+
4 අපේ උරුමය දෙවි අපට ලබා දෙන්නේය.+එය දෙවි ප්‍රේම කළ යාකොබ් සතු වටිනාම සම්පතයි.+ සීලාහ්.
5 ප්‍රීති ඝෝෂා හා හොරණෑ හඬ මැද+යෙහෝවා දෙවි නැඟී ගියේය.+
6 දෙවිට ගී ගයන්න. ප්‍රශංසා ගී ගයන්න.+අපේ රජුට ගී ගයන්න. ප්‍රශංසා ගී ගයන්න.
7 මන්ද මුළු පොළොවෙහිම රජ ඔහුය.+අවබෝධයෙන් යුතුව ක්‍රියා කරමින් ඔහුට ප්‍රශංසා ගී ගයන්න.+
8 දෙවි තම අතිශුද්ධ සිංහාසනයේ හිඳගත්තේය.+ඔහු ජාතීන් කෙරෙහි රජකම් කරන්නේය.+
9 ආබ්‍රහම්ගේ දෙවිගේ සෙනඟ සමඟ+අධිපතීහුද රැස් වී ඇත.+මන්ද පොළොවේ පලිස් මෙන් සිටින අය* දෙවිට අයිතිය.+දෙවි සිටින්නේ ඉතා උස් තැනකය.+
පාදසටහන්
^ බොහෝදුරට මෙයින් අදහස් කරන්නේ පාලකයන්ව හෝ සෙනඟව රැකබලා ගන්නා අයව විය යුතුයි.