Skip to content

උදව් ඉල්ලලා දෙවියන්ට යාච්ඤා කළොත් දෙවියන් මට උදව් කරයිද?

උදව් ඉල්ලලා දෙවියන්ට යාච්ඤා කළොත් දෙවියන් මට උදව් කරයිද?

බයිබලයේ ඒ ගැන කියන දේ

 ඔව්, දෙවියන් ඔයාට උදව් කරයි. සමහරවිට ඔයා කවදාවත් උදව් ඉල්ලලා දෙවියන්ට යාච්ඤා කරලා නැතුව ඇති. හැබැයි උදව් ඉල්ලලා දෙවියන්ට යාච්ඤා කරපු අය ගැන බයිබලයේ සඳහන් වෙලා තියෙනවා. එහෙම යාච්ඤා කරපු එක් කෙනෙක් තමයි බයිබලයේ සඳහන් දාවිත්. එයා මේ විදිහට දෙවියන්ට යාච්ඤා කළා.

  •   “යෙහෝවා, මාගේ දෙවියනි, මට උපකාර කරන්න. ඔබේ අතිමහත් ප්‍රේමය මට පෙන්වා මාව බේරාගන්න.”—ගීතාවලිය 109:26.

  •   “මාගේ දෙවියනි, මා යාච්ඤා කරන්නේ ඔබටය. උපකාරය පතා මා කරන මොරගැසීමට සවන් දෙන්න.”—ගීතාවලිය 5:2.

 දාවිත්ට දෙවියන් ගැන ලොකු විශ්වාසයක් තිබුණා. දාවිත් වගේ අයට විතරක් නෙමෙයි අවංකව දෙවියන්ට යාච්ඤා කරන ඕනම කෙනෙක්ට දෙවියන් සවන් දීලා උදව් කරනවා. විශේෂයෙන්ම ප්‍රශ්න ගැටලුවලින් මිරිකිලා, බලාපොරොත්තුවක් නැතුව අසරණව ඉන්න අය දෙවියන්ට යාච්ඤා කරද්දී දෙවියන් එයාලට සවන් දෙනවා.—ගීතාවලිය 34:18.

 ඔයාට තියෙන ප්‍රශ්න ගැටලු ගැන දෙවියන්ට කිසි ගාණක් නැහැ කියලා කවදාවත් හිතන්න එපා. බයිබලයේ මෙහෙම කියනවා. “යෙහෝවා දෙවි කොතරම් උසස් වුවත් යටහත්පහත් තැනැත්තා ගැන ඔහු සැලකිලිමත් වන්නේය.” (ගීතාවලිය 138:6) එක අවස්ථාවක යේසුස් කිව්වා “ඔබේ පියාණන් ඔබේ සියලුම හිසකෙස් පවා ගණන් කර තිබෙනවා” කියලා. (මතෙව් 10:30) අපේ ඔළුවේ හිසකෙස් කොච්චර තියෙනවාද කියලා අපි කවුරුත් දන්නේ නැහැ. හැබැයි දෙවියන් ඒක දන්නවා. අපි ගැන අපිවත් දන්නේ නැති දේවල් දෙවියන් දන්නවා නම් දෙවියන් අපි ගැන කොච්චර සැලකිලිමත්ද කියලා අමුතුවෙන්ම කියන්න ඕනෙ නැහැ නේද! එහෙමනම් දෙවියන්ගෙන් උදව් ඉල්ලලා ඔයා යාච්ඤා කළොත් දෙවියන් සවන් නොදී ඉඳීද?—1 පේතෘස් 5:7.