ගීතාවලිය 34:1-22

දාවිත් සිහිවිකල් වූ කෙනෙකු ලෙස අබිමෙලෙක් ඉදිරියේ හැසිරුණු විට+ ඔහු දාවිත්ව එතැනින් පලවාහැරියේය. ඒ ගැන දාවිත් රචනා කළ ගීතයකි. א [ආලෙෆ්] 34  මම සැමවිටම යෙහෝවා දෙවිට ප්‍රශංසා කරමි.+ඔහුට කරන ප්‍රශංසාව නිතරම මාගේ මුවේ තිබේ.+ ב [බේත්]   මම යෙහෝවා දෙවි ගැන ආඩම්බරයෙන් කතා කරමි.+නිහතමානී අය එය අසා ප්‍රීතිමත් වන්නෝය.+ ג [ගීමෙල්]   ජනයෙනි, මා සමඟ එක්ව යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න.+අපි එක්ව ඔහුගේ නාමය ගෞරවයට පත් කරමු.+ ד [දාලෙත්]   මම යෙහෝවා දෙවිගෙන් උපකාර ඉල්ලුවෙමි. ඔහු මට සවන් දී+මා තුළ තිබූ බිය මාගෙන් ඉවත් කළේය.+ ה [හේ]   ඔහුගේ මඟ පෙන්වීම් පැතූ අය ආලෝකය ලැබුවෝය.+ඔවුහු කිසිදා ලැජ්ජාවට පත් නොවන්නෝය.+ ז [ෂායින්]   පීඩිතව සිටින මම දෙවිට හඬගැසුවෙමි. එවිට යෙහෝවා දෙවි මට සවන් දුන්නේය.+මාගේ සියලු කරදරවලින් ඔහු මාව ගලවාගත්තේය.+ ח [චේත්]   යෙහෝවා දෙවිගේ දූතයා දෙවි කෙරෙහි ගරුබිය ඇති අය වටා කඳවුරු බැඳ+ඔවුන්ව ගලවාගන්නේය.+ ט [ටේත්]   ජනයෙනි, යෙහෝවා දෙවි යහපත් බව රස බලා දැනගන්න.+ඔහුගේ රැකවරණය පතන්නා සන්තෝෂවත්ය.+ י [යෝද්]   යෙහෝවා දෙවිගේ ශුද්ධ තැනැත්තෙනි, ඔහු කෙරෙහි ගරුබිය ඇතුව සිටින්න.+මන්ද ඔහු කෙරෙහි ගරුබිය ඇති අයට කිසිවකින් හිඟයක් නොවන්නේය.+ כ [කෆ්] 10  තරුණ, කේශර සිංහයෝ පවා හාමතේ සිටිති.+නමුත් යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම් පතන්නන්ට යහපත් දෙයකින් කිසිම අඩුවක් නොවන්නේය.+ ל [ලාමෙද්] 11  මාගේ පුත්‍රයෙනි, ඇවිත් මට ඇහුම්කන් දෙන්න.+යෙහෝවා දෙවිට ගරුබිය ඇතුව සිටීම යනු කුමක්ද කියා මම ඔබට උගන්වන්නෙමි.+ מ [මෙම්] 12  ජීවිතයට ආදරයක් ඇති,+දීර්ඝ ආයුෂ ලබමින් යහපත් දේ භුක්ති විඳීමට කැමති තැනැත්තා කවුද?+ נ [නුන්] 13  ඔබේ දිව නපුරු කතාවෙන්ද+ඔබේ තොල් වංචා දේ පැවසීමෙන්ද වළක්වාගන්න.+ ס [සාමෙක්] 14  නපුරට පිටු පා යහපත කරන්න.+සමාදානය සොයා, එය ලුහුබඳින්න.+ ע [ආයින්] 15  යෙහෝවා දෙවිගේ ඇස් ධර්මිෂ්ඨයන් දෙසටත්+ඔහුගේ කන් ඔවුන්ගේ අයැදීම් වෙතටත් යොමු වී තිබේ.+ פ [පේ] 16  නමුත් නපුරු දේවල් කරන්නන්ව යෙහෝවා දෙවි ප්‍රතික්ෂේප කරයි.+නැවත කිසිදාක ඔවුන් ගැන අසන්නවත් නොලැබෙයි.+ צ [ට්සාධේ] 17  ධර්මිෂ්ඨයන් හඬගැසූ විට යෙහෝවා දෙවිට ඔවුන්ගේ හඬ ඇසුණේය.+ඔවුන් අද්දකින සියලු පීඩාවලින් ඔහු ඔවුන්ව ගලවාගත්තේය.+ ק [කෝෆ්] 18  යෙහෝවා දෙවි බිඳුණු සිත් ඇති අයට සමීපව සිටියි.+තැළුණු හදවත් ඇති අයව ඔහු බේරාගනියි.+ ר [රේෂ්] 19  ධර්මිෂ්ඨයාට දුක් කරදර බොහෝය.+නමුත් ඒ සියල්ලෙන්ම යෙහෝවා දෙවි ඔහුව ගලවාගන්නේය.+ ש [ෂින්] 20  ඔහු ධර්මිෂ්ඨයාගේ සෑම ඇටකටුවක්ම ආරක්ෂා කරයි.එයින් එකක්වත් නොබිඳෙයි.+ ת [ටාව්] 21  ධර්මිෂ්ඨයාට වෛර කරන්නන්ව වරදකරුවන් ලෙස ප්‍රකාශ කරනු ලබන්නේය.+දුෂ්ටයා විපත්ති නිසා මරණයට පත් වන්නේය.+ 22  යෙහෝවා දෙවි තම සේවකයන්ගේ ජීවිත බේරාගන්නේය.+ඔහුගේ රැකවරණය පතන කිසිවෙක් දඬුවම් නොලබන්නේය.+

පාදසටහන්