ගීතාවලිය 138:1-8

දාවිත් රචනා කළ ගීතයකි. 138  මාගේ මුළු හදින්ම මම ඔබට ප්‍රශංසා කරන්නෙමි.+වෙනත් දෙවිවරුන් ඉදිරියේ මම ඔබට ප්‍රශංසා ගී ගයන්නෙමි.+   ඔබ පෙන්වන ඉමහත් ප්‍රේමය* නිසාත්+ ඔබේ විශ්වාසවන්තකම නිසාත්+මම ඔබේ නාමයට ප්‍රශංසා කරන්නෙමි.+ඔබේ ශුද්ධ මාලිගාව දෙසට හැරී වැඳ වැටෙන්නෙමි.+ඔබේ නාමයෙන් ඔබ දෙන පොරොන්දු මොන තරම් ශ්‍රේෂ්ඨද!+ නමුත් ඒ පොරොන්දුවල ඉටු වීම ඊටත් වඩා ශ්‍රේෂ්ඨය.+ එබැවින් මම ඔබට ප්‍රශංසා කරන්නෙමි.   මා ඔබට කන්නලව් කළ දවසේම ඔබ මට පිළිතුරු දුන්නෙහිය.+නිර්භීතව ක්‍රියා කිරීමට ඔබ මට ශක්තිය දුන්නෙහිය.+   යෙහෝවා දෙවියනි, පොළොවේ සියලු රජවරු ඔබට ප්‍රශංසා කරනු ඇත.+මන්ද ඔබේ වදන් ඔවුන්ට අසන්න ලැබෙන්නේය.   ඔවුහු යෙහෝවා දෙවිගේ මාර්ග ගැන ගී ගයන්නෝය.+මන්ද යෙහෝවා දෙවිගේ තේජස අතිමහත්ය.+   යෙහෝවා දෙවි කොතරම් උසස් වුවත් යටහත්පහත් තැනැත්තා ගැන ඔහු සැලකිලිමත් වන්නේය.+එහෙත් උඩඟු තැනැත්තා සමඟ ඔහුට කිසි මිත්‍රත්වයක් නැත.+   විපත්ති මැදින් මට ගමන් කිරීමට සිදු වුවත් ඔබ මාගේ දිවි රැක දෙන්නෙහිය.+කෝපයෙන් දැවෙන මාගේ සතුරන්ට විරුද්ධව ඔබ ඔබේ හස්තය දිගු කරන්නෙහිය.+ඔබේ දකුණතින් ඔබ මාව ගලවාගන්නෙහිය.+   යෙහෝවා දෙවියනි, මා සම්බන්ධයෙන් ඔබ අරමුණු කළ දේ ඔබ ඉටු කරන්නෙහිය.+ඔබ පෙන්වන ප්‍රේමය* සදාකල් පවතින්නේය.+යෙහෝවා දෙවියනි, ඔබේම දෑතින් සෑදූ දේ අත් නොහරින්න.+

පාදසටහන්

හෝ, “ළැදි ප්‍රේමය.”
හෝ, “ළැදි ප්‍රේමය.”