Skip to content

පටුනට යන්න

දෙවි ගැන අසත්‍යය උගන්වන ආගම්වලට සිදු වන්නේ කුමක්ද?

දෙවි ගැන අසත්‍යය උගන්වන ආගම්වලට සිදු වන්නේ කුමක්ද?

බයිබලයෙන් පිළිතුරු සොයමු

දෙවි ගැන අසත්‍යය උගන්වන ආගම්වලට සිදු වන්නේ කුමක්ද?

මෙම ලිපිය සකස් කර තිබෙන්නේ ප්‍රශ්නෝත්තර ක්‍රමයටයි. ප්‍රශ්නවලට පිළිතුරු සොයාගැනීමට උපකාරවත් වන බයිබල් පද මෙහි සඳහන් කර තිබෙනවා. මෙම ලිපියේ සඳහන් තොරතුරු ගැන ඔබ සමඟ තවදුරටත් සාකච්ඡා කිරීමට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කැමැත්තෙන් සිටිනවා.

1. සෑම ආගමක්ම නිවැරදිද?

සෑම ආගමකම වගේ යහපත් මිනිසුන් සිටිනවා. දෙවි කෙනෙකුගේ මඟ පෙන්වීම් ලබාගැනීමට ඔවුන් කැමතියි. නමුත් කනගාටුවට කරුණක් වන්නේ ආගම් හරහා සමහරුන් දුෂ්ට දේවල් කිරීමයි. අතීතයේ ආගමික නායකයන් ඔවුන්ගේ විරුද්ධවාදීන්ව ඝාතනය කර තිබෙනවා. (2 කොරින්ති 4:3, 4; 11:13-15) අද සිටින ආගමික නායකයන්ද යුද්ධවලට හා ත්‍රස්තවාදයට අනුබල දෙන බවත් ළමා අපචාර සිදු කරන බවත් පුවත්පත්වල වාර්තා වෙනවා.මතෙව් 24:3-5, 11, 12 කියවන්න.

බයිබලයේ බොරු ආගම සහ සැබෑ ආගම ගැන සඳහන් වෙනවා. බොරු ආගම්වලින් දෙවි ගැන සත්‍යය උගන්වන්නේ නැහැ. නමුත් එවැනි ආගම්වල සිටින යහපත් මිනිසුන් ගැන දෙවි සැලකිලිමත්. සියලුදෙනා තමන් ගැන සත්‍යය ඉගෙනගන්නවාට දෙවි කැමතියි.1 තිමෝති 2:3-5 කියවන්න.

2. දෙවි ගැන අසත්‍යය උගන්වන ආගම්වලට සිදු වන්නේ කුමක්ද?

ආගමික නායකයන් දෙවි ගැන අසත්‍යය උගන්වමින් මිනිසුන්ව රවටනවාට දෙවි කැමති නැහැ. ඔවුන් යක්ෂයාගේ පාලනය යටතේ පවතින මේ ලෝකයේ ඇති පුහු දේවල්වලින් සතුටක් ලබනවා. (යාකොබ් 4:4; 1 යොහන් 5:19) අසත්‍යය උගන්වන ආගම් දෙවිට පක්ෂපාත වෙනවා වෙනුවට මිනිස් ආණ්ඩුවලට පක්ෂපාත වන නිසා බයිබලයේ එම ආගම් හඳුන්වා තිබෙන්නේ ගණිකාව ලෙසයි. මහා බැබිලෝනිය ලෙසද එම ආගම් හඳුන්වා තිබෙනවා. ඊට හේතුව නෝවාගේ කාලයේ ඇති වූ ජලගැල්මෙන් පසු බොරු ආගම් ආරම්භ වුණේ එම ප්‍රදේශයෙන් වීමයි. ඒ සියලුම බොරු ආගම් දෙවි ළඟදීම විනාශ කරනවා.එළිදරව් 17:1, 2, 5, 17; 18:8, 23, 24 කියවන්න.

3. දෙවි මිනිසුන්ට ප්‍රීතිමත් කාලයක් ලබා දෙන්නේ කොහොමද?

දෙවි සියලුම බොරු ආගම් විනාශ කළ පසු මිනිසුන්ව රැවටීමට කිසිවෙක් ඉතුරු වන්නේ නැහැ. ඒ කාලයේදී සියලුම මිනිසුන්ට එකමුතුව සහ සතුටින් යෙහෝවා දෙවිට නමස්කාර කිරීමට අවස්ථාව ලැබෙනවා.යෙසායා 11:9; එළිදරව් 18:20, 21; 21:3, 4 කියවන්න.

4. ඔබ කළ යුත්තේ කුමක්ද?

දෙවි ගැන අසත්‍යය උගන්වන ආගම්වල සිටින යහපත් මිනිසුන්ව දෙවි අමතක කර නැහැ. ඔවුන්ටත් දෙවි ගැන සත්‍යය ඉගෙනගැනීමට දෙවි අවස්ථාව දී තිබෙනවා.මීකා 4:2, 5 කියවන්න.

ඔබ දෙවි ගැන ඉගෙනගන්නවාට ඔබේ පවුලේ අය සහ නෑදෑ හිතමිතුරන් අකමැති විය හැකියි. නමුත් ඔබ දෙවි ගැන ඉගෙනගැනීමෙන් ඔහුගේ මිතුරෙක් වීමටත් ලෝක ව්‍යාප්ත පවුලක සාමාජිකයෙකු වීමටත් සදාකාල ජීවනය භුක්ති විඳීමටත් ඔබට හැකි වෙනවා.මාක් 10:29, 30; 2 කොරින්ති 6:17, 18 කියවන්න.

වැඩි විස්තර සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති පොතේ 15 සහ 16වන පරිච්ඡේද බලන්න.

[16වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තරය]

The Complete Encyclopedia of Illustration/J. G. Heck