Skip to content

පටුනට යන්න

ඔවුන් පෙන්වූ ප්‍රේමයට විශිෂ්ට සහතිකයක්!

ඔවුන් පෙන්වූ ප්‍රේමයට විශිෂ්ට සහතිකයක්!

ඔවුන් පෙන්වූ ප්‍රේමයට විශිෂ්ට සහතිකයක්!

රුසියාවේ පිබිදෙව්! ලේඛක විසින්

▪ නැඟෙනහිර සයිබීරියාවේ චිටා නගරයේ සිටි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඔවුන්ගේ රැස්වීම් පැවැත්වීම සඳහා තමන්ටම කියා ශාලාවක් ගොඩනඟන තුරු ඒ සඳහා භාවිත කළේ පාසැල් පන්ති කාමරයක්. ඔවුන් එම පන්ති කාමරයේ අවශ්‍ය ස්ථාන අලුත්වැඩියා කර එය ඉතාමත් පිරිසිදුව භාවිත කළා. ඔවුන්ගේ ක්‍රියාවලට එම පාසැලේ කාර්ය මණ්ඩලය ලිපියකින් තම අගය පළ කළේ මෙසේයි.

“ඔයාලා මිනිසුන්ට පෙන්වන ප්‍රේමයට හුඟක් ස්තුතියි. ඇත්තෙන්ම අපි එය අගය කරනවා. ඔයාලා කරන දේශනා සේවය සහ මිනිසුන් වෙනුවෙන් කරන යහපත් ක්‍රියා එයට කදිම සාක්ෂියක්. ඒ වගේම දෙවිට ප්‍රේම කරන අය මොන තරම් අවංක, කාරුණික, විනීත සහ ජීවිතයට අරමුණක් ඇතුව කටයුතු කරනවාද කියන එක ඔයාලත් එක්ක වැඩ කළ අවුරුදු කිහිපයේදී අපි තේරුම්ගත්තා. අපිට එය කවදාවත් අමතක වෙන්නේ නැහැ.” එවැනි අගය කිරීම් ගැන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් හුඟක් සතුටු වෙනවා.

▪ රුසියාවේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලය පිහිටා තිබෙන්නේ චිටා සිට කිලෝමීටර් 5,500ක් බටහිර දෙසට වෙන්නයි. දිනක් සාන්ත පීටර්ස්බර්ග්වල පිහිටි පරිපාලන ආයතනයක් මගින් පැවැත්වූ උත්සවයකට ශාඛා කාර්යාලයේ සාමාජිකයෙකුට ආරාධනාවක් ලැබුණා. සෑම වසරකම හිමෙන් වැසී තිබෙන පාරවල් පිරිසිදු කිරීමට සාක්ෂිකරුවන් ඉදිරිපත් වීම ඊට හේතුවයි. ශාඛා කාර්යාලයේ සිට කිලෝමීටර් 60ක් පමණ දුරක් එලෙස පිරිසිදු කිරීම ඔවුන්ගේ පුරුද්දක්. ඔවුන් කොතරම් කැපවීමකින් වැඩ කරන සෙනඟක්ද කියා එයින් මනාව පැහැදිලි වෙනවා. ඔවුන්ගේ එම යහපත් ක්‍රියා අගය කරමින් ඒ උත්සවයේදී ඔවුන්ට විශිෂ්ට සහතිකයක් පිරිනැමුවා. එහි සිටි සියලුදෙනාම අත්පොළසන් දෙමින් තම අගය පළ කළා. ඉන්පසුව ආරාධිත අමුත්තා විසින් කතාවක් ඉදිරිපත් කළා. ඒ කතාව අතරතුරදී ඔහු යෙහෝවා යන දෙවිගේ නාමය උච්චාරණය කළේ වැරදි ආකාරයටයි. නමුත් එහි සිටි සාක්ෂිකරුවන් නොවන කිහිපදෙනෙක් ඒ මොහොතේදීම ඔහුව නිවැරදි කළා. එමගින් ඔප්පු වුණේ යෙහෝවා යන නමත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවනුත් ඔවුන්ට අලුත් යමක් නොවන බවයි.

එසේ වීමට මූලිකවම හේතුව රුසියාවේ සිටින 1,50,000ක් පමණ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ශුභාරංචිය උද්‍යෝගයෙන් දේශනා කිරීමයි. ඔවුන්ගේ අරමුණ බයිබලයේ සඳහන් ශුභාරංචිය සියලු මිනිසුන්ට කියා දෙමින් දිගටම ‘මිනිසුන්ට ප්‍රේමය’ පෙන්වීමයි.—මතෙව් 22:39.

[29වන පිටුවේ පින්තූරය]

රුසියාවේ ශාඛා කාර්යාලය ලබාගත් විශිෂ්ට සහතිකය