2 සාමුවෙල් 4:1-12

4  හෙබ්‍රොන්හිදී අබ්නේර් මිය ගිය බව+ සාවුල් රජුගේ පුත්‍රයා+ දැනගත් විට ඔහු අධෛර්යයට පත් විය.+ මුළු ඊශ්‍රායෙල් සෙනඟද එම ආරංචිය අසා කැලඹුණෝය.  සාවුල් රජුගේ පුත්‍රයාගේ භට පිරිස්+ භාරව හමුදාපතීහු දෙදෙනෙක් සිටියෝය. ඔවුන්ගේ නම්, බානාහ් හා රේකාබ්ය. ඔවුහු බෙන්ජමින් ගෝත්‍රයට අයත් බෙයේරොත්හි වැසියෙකු වූ රිම්මොන්ගේ පුත්‍රයෝය. බෙයේරොත් නුවර+ පිහිටා තිබුණේ බෙන්ජමින් ගෝත්‍රයට අයිති ප්‍රදේශයේය.  බෙයේරොත්හි වැසියෝ ගිත්තායිම්+ නම් ස්ථානයට පලා ගියෝය. ඔවුහු අද දක්වාම විදේශිකයන් ලෙස එහි ජීවත් වන්නෝය.  සාවුල් රජුගේ පුත් යොනාතාන්ට+ පාද කොර වූ+ පුත්‍රයෙක් සිටියේය. ඔහුගේ නම මෙෆිබොෂෙත්ය.+ සාවුල් රජු සහ යොනාතාන් මිය ගොස් ඇති බව යෙෂ්‍රෙයෙල්+ සිට පණිවිඩය ලැබෙන විට ඔහු වයස අවුරුදු පහක දරුවෙකි. ඒ අවස්ථාවේදී ඔහුව බලාගත් තැනැත්තිය කලබල වී ඔහුව උසුලාගෙන එතැනින් පලා ගියාය. මෙසේ පලා යද්දී ඔහු වැටී ඔහුගේ පාද කොර විය.  එක් දිනක් බෙයේරොත්හි රිම්මොන්ගේ පුත්‍රයෝ වූ රේකාබ් සහ බානාහ් ඉෂ්බෝෂෙත්ගේ+ නිවසට ගියෝය. ඔවුහු ඔහුගේ නිවසට ගියේ දහවල් කාලයේදීය. ඒ අවස්ථාවේදී ඉෂ්බෝෂෙත් නිදාගෙන සිටියේය.  රේකාබ් සහ බානාහ්+ තිරිඟු ගන්න ආ මිනිසුන් මෙන් හැසිරෙමින් ගේ ඇතුළටම ගියෝය. ඉන්පසු ඔවුහු ඉෂ්බෝෂෙත්ගේ බඩට ඇන+ ඔහුව මරා දැමූහ. ඔවුන් කළ දේ කිසිවෙක් දුටුවේ නැත.  ඔවුහු ගෙට ඇතුල් වූ විට ඉෂ්බෝෂෙත් ඔහුගේ කාමරයේ නිදා සිටියේය. ඔවුහු ඔහුව මරා දැමූ+ පසු ඔහුගේ හිස කපා දැමුවෝය.+ ඉන්පසු ඔහුගේ හිස රැගෙන අරබා නිම්නය වෙත යන මාර්ගය දිගේ මුළු රාත්‍රිය පුරාම ඇවිදගෙන ගියෝය.  පසුව ඔවුහු ඉෂ්බෝෂෙත්ගේ හිස+ රැගෙන හෙබ්‍රොන්හි සිටි දාවිත් වෙත ගොස් මෙසේ කීවෝය. “අපේ ස්වාමීනි, මේ බලන්න! අපි ඔබව මරන්න සෙවූ+ ඔබේ සතුරාගේ+ පුතාගේ හිස කපා ගෙනාවා. අද යෙහෝවා දෙවි සාවුල්ගෙනුත් ඔහුගේ පුත් ඉෂ්බෝෂෙත්ගෙනුත් පළිගත්තා.”+  දාවිත් බෙයේරොත්හි රිම්මොන්ගේ පුත්‍රයන් වූ රේකාබ්ට සහ බානාහ්ට මෙසේ කීවේය. “සියලු දුක් කරදරවලින්+ මාව+ ගලවාගත්+ ජීවමාන දෙවි වන යෙහෝවා ඉදිරියේ මම කියන මේ දේ සත්‍යයක්.+ 10  මා ළඟට ඇවිත්, ‘සාවුල් රජු මිය ගියා’ කියලා කියූ කෙනාත්+ හිතුවේ ඔහු මට හොඳ ආරංචියක් ගෙනාවා කියලයි. නමුත් මම ෂික්ලග් නුවරේදී ඔහුව මරලා දැම්මා.+ ඔහු ගෙනා පණිවිඩයට මගෙන් ඔහුට ලැබුණු දීමනාව ඒකයි. 11  එසේනම් තමාගේම නිවසේ නිදාගෙන සිටි ධර්මිෂ්ඨ මිනිසෙක්ව මරලා දැමූ දුෂ්ටයන්ට+ ඊටත් වඩා වැඩියෙන් දඬුවම් කළ යුතු නැද්ද? ඉෂ්බෝෂෙත්ගේ ලේ වැගිරෙවූ නුඹලාව මම මරලා දාලා+ යුක්තිය ඉටු කරනවා.”+ 12  ඉන්පසු දාවිත් ඔවුන්ව මරා දමන ලෙස තම සේවකයන්ට අණ කළේය. ඔවුහුද ඔවුන්ව මරා+ ඔවුන්ගේ අත් පා කපා හෙබ්‍රොන්හි පොකුණ ළඟ ඔවුන්ගේ ශරීර එල්ලුවෝය.+ පසුව හෙබ්‍රොන්හි තිබූ අබ්නේර්ගේ සොහොන් ගෙයි ඉෂ්බෝෂෙත්ගේ හිස තැන්පත් කළෝය.+

පාදසටහන්