2 සාමුවෙල් 22:1-51

22  යෙහෝවා දෙවි දාවිත් රජුව ඔහුගේ සතුරන් අතින්ද+ සාවුල් අතින්ද+ ගැලෙවූ පසු ඔහු යෙහෝවා දෙවිට මේ ගීතය ගැයුවේය.+  ඔහු මෙසේ කීවේය.“යෙහෝවා දෙවි වූ ඔබ මාගේ පර්වතයය.+ මාගේ බලකොටුවය.+ මට ගැලවීම ලබා දෙන තැනැත්තාණන්ය.+   මාගේ දෙවි මාගේ පර්වතයය.+ මම ඔහුගේ ආරක්ෂාව පතමි.ඔහු මාගේ පලිහය.+ මාගේ ගැලවීමේ අඟය.+ මට ආරක්ෂාව ලබා දෙන උස් බලකොටුව ඔහුය.+ඔහු මට පලා ගොස් සැඟවී සිටිය හැකි ස්ථානයකි.+ මාගේ ගැලවුම්කරුය.+ සැහැසිකයන්ගෙන් ඔබ මා ගලවාගන්නෙහිය.+   ප්‍රශංසාව ලබන්න වටින තැනැත්තාණන්+ වන යෙහෝවා දෙවිට මම හඬගසන්නෙමි.එවිට ඔහු මාගේ සතුරන්ගේ අතින් මාව බේරාගනු ඇත.+   භයානක රළ පහර මා වට කළේය.+සැඩ පහරක් මෙන් කිසි කමකට නැති මිනිස්සු නොසිතූ මොහොතක මා වෙත පැමිණ මා බිය ගැන්වූහ.+   මිනී වළෙහි බැමි මා වට කළේය.+මරණයේ උගුල් මට තර්ජනය කළේය.+   මාගේ විපතේදී මම දිගටම යෙහෝවා දෙවිට හඬගැසුවෙමි.+මාගේ දෙවිට මම නොකඩවාම හඬගැසුවෙමි.+තම මාලිගාවේ සිටි ඔහුට මාගේ හඬ ඇසිණ.+උපකාරය පතා මා කළ මොරගැසීම් ඔහුගේ දෙසවනට වැටිණ.+   ඔහුගේ කෝපය නිසා පොළොව සෙලවී කම්පනය විය.+අහසේ අත්තිවාරම් පවා කම්පනය විය.+ඒවා තදින් දෙදරුම් කන්නට විය.+   ඔහුගේ නාසයෙන් දුම් නැග්ගේය. ඔහුගේ මුවින් පිට වූ ගින්නෙන් අවට දැවී ගියේය.+ඇවිළෙන ගින්නක් ඔහු වෙතින් නික්මුණේය.+ 10  ඔහු අහස නමා පහතට බැස ආවේය.+අඳුරු වලාකුළු ඔහුගේ පාද යට තිබුණේය.+ 11  ඔහු කෙරුබ්වරයෙකු පිට නැඟී+ පියාසර කරමින් ආවේය.ඔහු දේවදූතයෙකුගේ පියාපත්* පිට නැඟී එනවා දුටුවේය.+ 12  අන්ධකාරය ඔහුගේ කූඩාරම විය.+අඳුරු වැහි වලාවන් ඔහු වටා තිබිණ.+ 13  ඔහු ඉදිරියෙන් නික්මුණු දීප්තිය නිසා ගිනි අඟුරු දැල්වී ගියේය.+ 14  අහස ගිගුරුම් දෙන්නට යෙහෝවා දෙවි සැලැස්වූවේය.+මහෝත්තමයාණන්ගේ හඬ දසත පැතිරුණේය.+ 15  ඔහු ඔවුන්ව විසුරුවාහැරීමට ඊතල විද්දේය.+ඔවුන්ව වියවුල් කිරීමට අකුණුවලින් පහර දුන්නේය.+ 16  යෙහෝවා දෙවිගේ තරවටුව නිසාදඔහු හුස්ම හෙළූ විට ඇති වූ පිපිරීම නිසාද+ මුහුදු පතුල මතු විය.+පොළොවේ අත්තිවාරම් පවා පෙනුණේය.+ 17  ඉහළ සිට තම හස්තය දිගු කර ඔහු මා අල්ලාගත්තේය.+ගැඹුරු ජලයෙන් ඔහු මාව ඉහළට ඇදගත්තේය.+ 18  මට වෛර කරන මාගේ බලවත් සතුරන් අතින් ඔහු මාව ගැලෙව්වේය.+එසේ කළේ ඔවුන් මට වඩා ශක්තිමත් වූ බැවිනි.+ 19  මා විපත්තිවලට මුහුණ දුන් විට ඔවුහු දිගටම මට තර්ජනය කළෝය.+නමුත් යෙහෝවා දෙවි මාගේ උපකාරයට පැමිණියේය.+ 20  ඔහු මාව ආරක්ෂිත ස්ථානයකට ගෙනාවේය.+ඔහු මා ගැන සතුටු වූ නිසා මාව බේරාගත්තේය.+ 21  මාගේ ධර්මිෂ්ඨ ක්‍රියාවලට අනුව යෙහෝවා දෙවි මට ආශීර්වාද කරන්නේය.+මා පවිත්‍ර ජීවිතයක් ගත කරන නිසා ඔහු මට ආශීර්වාද කරන්නේය.+ 22  මම යෙහෝවා දෙවිගේ මාර්ගයේ ගමන් කළෙමි.+දුෂ්ට ලෙස ක්‍රියා කර මාගේ දෙවිව අත්හැර නොගියෙමි.+ 23  ඔහු දුන් සියලු තීන්දු+ මාගේ සිතේ තබාගත්තෙමි.ඔහුගේ පනත්වලින් මම ඉවත්ව නොයන්නෙමි.+ 24  මම නිර්දෝෂ බව ඔහුට ඔප්පු කර පෙන්වන්නෙමි.+වැරදි කිරීමෙන් වැළකී සිටින්නෙමි.+ 25  එවිට මාගේ ධර්මිෂ්ඨ ක්‍රියාවලට අනුවද+ඔහු ඉදිරියේ මා ගත කරන පවිත්‍ර ජීවිතයට අනුවද+ යෙහෝවා දෙවි මට ආශීර්වාද කරන්නේය. 26  ඔබව අත් නොහරින කෙනෙකුව ඔබත් කිසි කලෙක අත් නොහරින්නෙහිය.+ඔබ නිර්දෝෂ තැනැත්තාව කිසි කලෙක අත් නොහරින්නෙහිය.+ 27  පවිත්‍ර සිතක් ඇති තැනැත්තාට ඔබ ආශීර්වාද කරන්නෙහිය.+වංක තැනැත්තාට ඔහුගේ ක්‍රියාවලට අනුව ප්‍රතිඵල දෙන්නෙහිය.+ 28  යටහත්පහත් අයව ඔබ ගලවාගන්නෙහිය.+නමුත් උඩඟු අයව ඔබ පහත් කරන්නෙහිය.+ ඔබ ඔවුන් දෙස පිළිකුලෙන් බලන්නෙහිය. 29  යෙහෝවා දෙවියනි, මාගේ පහන ඔබය.+යෙහෝවා දෙවියනි, අන්ධකාරයේ සිටියදී මාගේ ආලෝකය ඔබය.+ 30  ඔබේ උපකාරය ඇතුව මට සේනාවකට විරුද්ධව වුවත් නැඟී සිටිය හැක.+මාගේ දෙවිගේ උපකාරය ඇතුව මට මහා පවුරකට වුවත් නැඟිය හැක.+ 31  සැබෑ දෙවිගේ මාර්ගය පරිපූර්ණය.+යෙහෝවා දෙවිගේ වචනය පවිත්‍රය.+ඔහුගේ රැකවරණය සොයන සියල්ලන්ට ඔහු පලිහක්ය.+ 32  යෙහෝවා දෙවි හැර වෙන දෙවි කෙනෙක් සිටීද?+අපේ දෙවි පර්වතයකි. ඔහුට සමාන තවත් කෙනෙක් සිටීද?+ 33  සැබෑ දෙවි මාගේ බලකොටුවය.+ඔහු මාගේ මාවත සමතලා කරන්නේය.+ 34  මුවදෙනෙකු මෙන් දිවීමට ඔහු මට උපකාර කරන්නේය.+මට තනිව යා නොහැකි උස් තැන්වලට ඔහු මාව ගෙන යන්නේය.+ 35  ඔහු මට සටන් කිරීමට උගන්වන්නේය.+ඔහුගේ උපකාරය ඇතුව මාගේ දෑතින් මම තඹ දුන්නක් වුවත් නමන්නෙමි.+ 36  ඔබේ ගැලවීම නමැති පලිහ ඔබ මට දෙන්නෙහිය.+ඔබ යටහත්පහත් නිසා මාව උසස් තත්වයකට ගෙනාවෙහිය.+ 37  ඔබ මා ගමන් කරන මඟෙහි අවහිර තැන් සකසන්නෙහිය.+එබැවින් මාගේ පාද කිසිසේත් නොලිස්සන්නේය.+ 38  මම මාගේ සතුරන් පසුපස ලුහුබැඳ ගොස් ඔවුන්ව විනාශ කර දමන්නෙමි.ඔවුන්ව මුළුමනින්ම විනාශ කරන තුරු ආපසු හැරී නොඑන්නෙමි.+ 39  මම ඔවුන්ව කැබලි කර නැත්තටම නැති කර දමන්නෙමි.+ඔවුන් ආපසු කිසිදා නොනැඟිටින සේ+ පාගා දමන්නෙමි.+ 40  ඔබ මාගේ ඉඟටිය ශක්තිය නමැති පටියෙන් බැඳ මාව සටනට සූදානම් කරන්නෙහිය.+මට විරුද්ධව නැඟී සිටින අයව ඔබ මා ඉදිරියේම වැටෙන්න සලස්වන්නෙහිය.+ 41  ඔබ මාගේ සතුරන්ව මට යටත් කර දෙන බැවින් ඔවුහු මා වෙතින් පලා දුවන්නෝය.+මට දැඩි සේ වෛර කරන අයව මම විනාශ කරන්නෙමි.+ 42  ඔවුන් උපකාරය පතා මොරගසන නමුත් ඔවුන්ව ගලවාගන්න කිසිවෙක් පැමිණියේ නැත.+ඔවුන් යෙහෝවා දෙවිට මොරගසන නමුත් ඔහු පිළිතුරු දෙන්නේ නැත.+ 43  මම ඔවුන්ව පොඩි කර පොළොවේ දූවිලි මෙන් වීමට සලස්වන්නෙමි.පාරේ තිබෙන මඩ මෙන් මම ඔවුන්ව පාගා දමන්නෙමි.ඔවුන්ව විසුරුවාහරින්නෙමි.+ 44  මාගේම සෙනඟ මට විරුද්ධව කරන චෝදනාවලින් ඔබ මාව නිදහස් කරන්නෙහිය.+ඔබ මාව ආරක්ෂා කර ජාතීන් කෙරෙහි නායකයා ලෙස මාව පත් කරන්නෙහිය.+මා කලින් නොදත් සෙනඟක් මට සේවය කරනු ඇත.+ 45  විදේශිකයෝ භයෙන් වෙවුලමින් මා ළඟට පැමිණ මට යටත් වනු ඇත.+ඔවුහු මට සවන් දී මට කීකරු වනු ඇත.+ 46  විදේශිකයෝ පසුබසිති.ඔවුහු භයෙන් ගැහිගැහී තමුන්ගේ බලකොටුවලින් එළියට පැමිණෙති.+ 47  යෙහෝවා දෙවි ජීවමානය.+ මාගේ පර්වතය වන දෙවිට ප්‍රශංසා ලැබේවා!+ගැලවීම දෙන මාගේ දෙවි, මාගේ පර්වතය සියල්ලන්ගේ පැසසුමට ලක් වෙත්වා!+ 48  සැබෑ දෙවි මා වෙනුවෙන් යුක්තිය ඉටු කරන්නේය.+ජාතීන්ව මට යටත් කර දෙන්නේය.+ 49  මාගේ සතුරන්ගෙන් මා බේරාගන්නේ ඔහුය.+මට විරුද්ධව නැඟී සිටින අයට හසු නොවන සේ ඔබ මාව ඉහළින් තබන්නෙහිය.+දාමරිකයාගේ අතින් ඔබ මා මුදාගන්නෙහිය.+ 50  එබැවින් යෙහෝවා දෙවියනි, ජාතීන් ඉදිරියේ මම ඔබට ස්තුති කරන්නෙමි.+ඔබේ නාමයට ප්‍රශංසා ගී ගයන්නෙමි.+ 51  තමා පත් කළ රජුව ගලවාගැනීමට දෙවි මහත් ක්‍රියා කරන්නේය.+ඔහුගේ අභිෂේක ලත් තැනැත්තාට ප්‍රේමය* පෙන්වන්නේය.+දෙවි, දාවිත්ටත් ඔහුගෙන් පැවතෙන්නන්ටත් සදහටම එසේ කරන්නේය.”+

පාදසටහන්

හෝ, “සුළඟේ පියාපත්.”
හෝ, “ළැදි ප්‍රේමය.”