Privacy Settings

To provide you with the best possible experience, we use cookies and similar technologies. Some cookies are necessary to make our website work and cannot be refused. You can accept or decline the use of additional cookies, which we use only to improve your experience. None of this data will ever be sold or used for marketing. To learn more, read the Global Policy on Use of Cookies and Similar Technologies. You can customize your settings at any time by going to Privacy Settings.

වෛද්‍යවරියක් සරණාගත කඳවුරක ඉන්න කාන්තාවක්ව පරීක්ෂා කරනවා. ඒ අවට තවත් සරණාගතයින් සහ අවි ගත්ත සාම සාධක භටයින් ඉන්නවා.

ලෝකෙට සාමය ගේන්න සංවිධාන ගන්න උත්සාහය සාර්ථක වෙයිද?

ලෝකෙට සාමය ගේන්න සංවිධාන ගන්න උත්සාහය සාර්ථක වෙයිද?

 යුද්ධ සහ අවිආයුධ අරන් කරන සටන් ලෝකේ එන්න එන්නම වැඩි වෙනවා. ඒ නිසා එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අනිත් සංවිධාන සාමය ඇති කරන්න විවිධ දේවල් කරනවා. එයාලා කරන එක දෙයක් තමයි ගැටුම් ඇති වෙන පැතිවල සාම සාධක හමුදාවේ නියෝජිතයන්ව තියන එක. එයාලාගේ එකම අරමුණ ඒ පැතිවලට සාමය උදා කරන එක. ඒ ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් වන ඇන්ටෝනියෝ ගුටරෙස් මෙහෙම කියනවා. “මේ ලෝකෙට සාමය උදා කරන්න අපිට තියෙන වගකීමේ ප්‍රධාන කාර්යය ඉටු කරන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාම සාධක භටයන්.”

 පහුගිය අවුරුදු ගාණ පුරාවටම සාම සාධක කාර්යයන් යම් තාක් දුරට සාර්ථක වෙලා තියෙනවා කියලා කියන්න පුළුවන්. උදාහරණෙකට සිවිල් වැසියන්ව ආරක්ෂා කරන්න, සරණාගතයන්ව ආයෙත් එයාලාගේ රටවල්වලට යවන්න, මිනිස්සුන්ට අවශ්‍ය දේවල් දෙන්න, අත්‍යවශ්‍ය සේවාවන් ආයෙත් ගොඩනඟන්න එයාලට පුළුවන් වෙලා තියෙනවා. හැබැයි එයාලා ඉදිරියේ තියෙන සමහර බරපතළ අභියෝග නිසා එයාලා බලාපොරොත්තු වෙන තරමටම සාර්ථක වෙන්න බැරි වෙලා තියෙනවා. ලෝකෙට සැබෑ සාමය උදා කරන්න පුළුවන් ස්ථිර විසඳුම් හොයාගන්න පුළුවන් වෙයිද? ඒ ගැන බයිබලේ කියන්නේ මොකක්ද?

සාමය උදා කරන්න තියෙන අභියෝග සහ බයිබලේ විසඳුම්

අත් දෙක බැඳගෙන එකිනෙකාට විරුද්ධ දිශාව බලාගෙන ඉන්න මිනිස්සු දෙන්නෙක්ව පෙන්නන රූපයක්.

 අභියෝගය: සහයෝගය අඩුකම. සාමය රැකගන්න කරන කාර්යයට විවිධ රටවල්වල හමුදා, සංවිධාන සම්බන්ධ වෙනවා. සමහර වෙලාවට එයාලට එක්සත්ව වැඩ කරන්න අමාරුයි. මොකද එයාලා අතර වරදවා වටහාගැනීම් ඇති වෙනවා, එයාලාගේ අරමුණු වෙනස්.

 බයිබලේ දෙන විසඳුම: ‘ස්වර්ගයේ දෙවියන් රාජ්‍යයක් පිහිටුවනවා. ඒ රාජ්‍යය මේ හැම රාජ්‍යයක්ම [මිනිස් ආණ්ඩු] නැති කරලා දානවා. සදහටම තියෙන්නේ ඒ රාජ්‍යය විතරයි.’—දානියෙල් 2:44.

 ළඟදීම දෙවියන් මේ පොළොවේ ඇති වෙන හැම යුද්ධයක්ම නවත්තලා මුළු පොළොවටම සාමය උදා කරනවා. (ගීතාවලිය 46:8, 9) ඔහු මේ පොළොවේ තියෙන හැම ආණ්ඩුවක්ම නැති කරලා එක ආණ්ඩුවක් මාර්ගයෙන් මුළු පොළොවම පාලනය කරන්න යනවා. ඒ තමයි දේවරාජ්‍යය. ස්වර්ගයේ තියෙන ඒ ආණ්ඩුව නිසා මේ පොළොවේ කිසිම තැනක ගැටුම් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා එදාට සාමය ඇති කරන්න වෙහෙසෙන සංවිධාන ඕන වෙන්නෙත් නැහැ.


හිස් පෙට්ටියක් පෙන්නන රූපයක්.

 අභියෝගය: සීමිත සම්පත් සහ හැකියාවන්. සාම සාධක කාර්යයන් කරන්න ඇති තරම් මිනිස්සු, මුදල් සහ වෙනත් සම්පත් හැම තිස්සේම නැහැ. ඒ නිසා එයාලා බලාපොරොත්තු වෙන වැඩ කොටස කරගන්න අමාරුයි. ඒ වගේම ඒ වැඩවලට හවුල් වෙන අයට ඒවා කරන්න වෙලා තියෙන්නේ ගැටුම් තියෙන, ගොඩක් භයානක පැතිවල.

 බයිබලේ දෙන විසඳුම: ‘අපේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ දෙවියන් ස්වර්ගයේ තියෙන තැන්වල තමන්ගේ දකුණු පැත්තේ ඉඳගන්න යේසුස්ට අවස්ථාව ලබා දුන්නා. අනිත් ආණ්ඩුවලටත් අධිකාරීන්ටත් බලධාරීන්ටත් වඩා උසස් ස්ථානයක් ඔහුට දුන්නා. ඔහුට තියෙන තරම් අධිකාරියක් වෙන කාටවත් ලැබෙන්නේ නැහැ.’—එෆීස 1:17, 20, 21.

 සියලු බලැති දෙවි යෙහෝවා a දේවරාජ්‍යයේ රජ විදිහට යේසුස්ව පත් කරලා තියෙනවා. සාර්ථකව පාලනය කරන්න ඕන කරන හැම දෙයක්ම ඔහු යේසුස්ට දීලා තියෙනවා. (දානියෙල් 7:13, 14 b) වෙන කිසිම ආණ්ඩුවකට, ආයතනයකට නැති බලයක්, දැනුමක්, ප්‍රඥාවක්, තේරුම්ගැනීමේ හැකියාවක් දෙවියන් යේසුස්ට දීලා තියෙනවා. (යෙසායා 11:2) ඒ වගේම යේසුස්ට බලවත් දේවදූතයන්ගෙන් හැදුණ හමුදාවක් ඉන්නවා. (එළිදරව් 19:14) ඒ නිසා යේසුස්ට විසඳන්න අමාරු ප්‍රශ්නයක් නැහැ.

 දෙවියන් දුන්න දේවල්, හැකියාවන් පාවිච්චි කරලා යේසුස් පොළොවේ යුද්ධ, ගැටුම් නතර කරලා විතරක් නවතින්නේ නැහැ. ඒ වෙනුවට දේවරාජ්‍යය යටතේ ජීවත් වෙන හැමෝටම නිස්කලංකව, සුරක්ෂිතව, සාමකාමීව ජීවත් වෙන්න ඕන වාතාවරණය ඔහු ඇති කරනවා.—යෙසායා 32:17, 18.


විනිසුරුගේ මිටිය පෙන්නන රූපයක්.

 අභියෝගය: නීතිමය තහංචි. සමහර වෙලාවට සාම සාධක සංවිධානවල වැඩ කරන අයට එයාලා කරන්න ඕන දේවල්වත් කරගන්න බැහැ. මොකද එයාලා කරන්න ඕනෙ මොනවාද කියන එක ගැන එයාලට පැහැදිලි මඟ පෙන්වීම් නැහැ. එහෙම නැත්නම් එයාලට නීතිමය තහංචි තියෙනවා. ඒ නිසා එයාලට මිනිස්සුන්ව ආරක්ෂා කරන්නවත් එයාලාගේ අරමුණට සම්පූර්ණයෙන්ම ළඟා වෙන්නවත් බැහැ.

 බයිබලේ දෙන විසඳුම: ‘ස්වර්ගයෙත් පොළොවෙත් සියලුම බලය යේසුස්ට දීලා තියෙනවා.’—මතෙව් 28:18.

 මේ ලෝකෙට සාමය ගේන්න ඕන කරන පැහැදිලි මඟ පෙන්වීම් දෙවියන් යේසුස්ට දීලා තියෙනවා. ඒක කරන්න හැම අධිකාරියක්මත් ඔහු යේසුස්ට දීලා තියෙනවා. (යොහන් 5:22) යේසුස් කවදාවත් අසාධාරණ විදිහට, දූෂිත විදිහට වැඩ කරන්නේ නැහැ. (යෙසායා 11:3-5) ඒ නිසයි බයිබලේ යේසුස්ව “සමාදානයේ කුමාරයා” විදිහට හඳුන්වන්නේ. ඔහුගේ රාජ්‍යය “ධර්මිෂ්ඨකම සහ යුක්තිය” මත පිහිටුවලා තියෙනවා කියලා කියන්නේ.—යෙසායා 9:6, 7.

දේවරාජ්‍යයෙන් සැබෑ සාමය ලැබෙනවා

 සාම සාධක සංවිධානවලට සමහර තත්වයන් මර්දනය කරන්න, සමහර පැතිවල ගැටුම් නවත්තන්න පුළුවන් වෙලා තියෙනවා. හැබැයි ප්‍රචණ්ඩකාරී දේවලට හේතු වෙන මිනිස්සුන්ගේ හිත්වල මුල් බැහැලා තියෙන වෛරය මුලිනුපුටලා දාන්න එයාලට බැහැ.

 “සාමය රැකගන්න කියලා කිව්වාට රැකගන්න සාමයක් මේ ලෝකේ නැහැ.”—ඩෙනිස් ජෙට්, එක්සත් ජනපදයේ හිටපු තානාපති.

 අනිත් අතට දේවරාජ්‍යය කියන්නේ සැබෑ සාමය ඇති කරන්න පුළුවන් ආණ්ඩුවක්. මොකද ඒකෙන් හැම කෙනෙක්ටම උගන්නනවා හිතේ වෛරය නැති කරගන්නේ කොහොමද කියලා. උදාහරණෙකට යේසුස් මේ පොළොවේ ඉද්දී උගන්නපු දේවල්වලින්, ආදර්ශයෙන් පෙන්නුවා සාමය ඇති කරගන්නත් අනිත් අයට ආදරේ කරන්නත් පුළුවන් කොහොමද කියලා.

 “සාමය ඇති කරන්න වෙහෙසෙන අය සන්තෝෂවත්.”—මතෙව් 5:9.

 “ඔයාලා තමන්ට ආදරේ කරනවා වගේ ඔයාලාගේ අසල්වැසියාට ආදරේ කරන්න.”—මාක් 12:29-31.

 “ඔයාගේ කඩුව ආයෙත් කොපුවට දාගන්න. මොකද කඩු ගන්න හැම කෙනෙක්ම කඩුවෙන්ම මැරෙනවා.”—මතෙව් 26:52.

 “ඔහුට [යේසුස්ට] නින්දා කරද්දී ඒ අයට ඔහු නින්දා කළේ නැහැ. ඔහු වධ වේදනා අද්දකිද්දී තර්ජනය කළේ නැහැ.”—1 පේතෘස් 2:23.

 යේසුස් කිව්වා දේවරාජ්‍යයේ යටත්වැසියන්ව අඳුරගන්න තියෙන ලකුණ එයාලා අතරේ තියෙන ආදරය කියලා. ඒ වගේම බයිබලේ කියනවා අනිත් අයට වෛර කරන අයට දේවරාජ්‍යයේ කිසිම ඉඩක් නැහැ කියලා.

 “ඔයාලා අතරේ ආදරේ තියෙනවා නම් ඔයාලා මගේ ගෝලයන් කියලා හැමෝම දැනගනියි.”—යොහන් 13:34, 35.

 “තමන්ගේ සහෝදරයාට වෛර කරන හැම කෙනෙක්ම මිනීමරුවෙක්.”—1 යොහන් 3:15.

 “දෙවියන්ට ආදරේ කරන කෙනා තමන්ගේ සහෝදරයාටත් ආදරේ කරන්න ඕනේ.”—1 යොහන් 4:20, 21.

 මිනිස්සුන්ව නිර්මාණය කරපු යෙහෝවා දෙවියන් තමයි දන්නේ මේ ලෝකෙට සැබෑ සාමය උදා කරන්න පුළුවන් හොඳම සහ එකම විදිහ. මිනිස්සුන්ට ඒ කියන්නේ සාම සාධක සංවිධානවලට කරන්න බැරි වුණ දේ දේවරාජ්‍යයෙන් කරනවා.

a යෙහෝවා කියන්නේ දෙවියන්ගේ නම. (ගීතාවලිය 83:18) “යෙහෝවා කියන්නේ කවුද” කියන ලිපිය බලන්න.

b දානියෙල් 7:13, 14 “මනුෂ්‍ය පුත්‍රයා” කියලා කියන්නේ යේසුස් ක්‍රිස්තුස්ට.—මතෙව් 25:31; 26:63, 64.